නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රියාත්මක කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 237ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
අද (20) උදෑසන තරගයේ තෙවැනි දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම දියත් කරමින් සිටි නවසීලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 255ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
අද දිනයේ දී ඔවුන් සිය ඉනිමට තවත් ලකුණු 85ක් එක් කර ගැනීමට සමත් වුනා. මෙහි දී Daryl Mitchell ලකුණු 57ක් සහ Glenn Phillips ලකුණු 49ක් ලබා ගැනීමට සමත් වුනා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය කඩුලු 4ක් දවා ගන්නා අතරේ, රමේෂ් මෙන්ඩිස් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.
නවසීලන්ත පළමු ඉනිම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 35ක් පෙරමුණේ රැඳුණු අතර, එවන් වාතාවරණයක් තුළ ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම ආරම්භ කළා.
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- Major Club කාන්තා එක්දින තරගාවලියටත් දින තබයි
- Youth පිටිය වැනසූ කෙල්ලෝ
- ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරග ඉතිහාසය
- England Lions පහසු ජයක් කරා
කෙසේ වෙතත් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී ද එතරම් සාර්ථක වීමට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට හැකි වුනේ නැහැ. නිස්සංකගේ ඉනිම ලකුණු 02කට සීමා වීමෙන් පසු දිමුත් කරුණාරත්න සමඟ දිනේෂ් චන්දිමාල් කඩුල්ලේ එක් වූ අතර ඔවුන් දෙදෙනා විසින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමට අවශ්‍ය අඩිතාලම සකසා දීමට සමත් වුනේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 147ක සබඳතාවක් පිහිටුවමිනුයි.
මෙහි දී දිමුත් පන්දු 127කින් ලකුණු 83ක් ලබා ගැනීමට සමත් වූ අතර, චන්දිමාල් පන්දු 150කින් ලකුණු 61ක් වාර්තා කිරීමට සමත් වුනා.
නමුත් ඔවුන් දෙදෙනාගේ දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම වරක කඩුලු 4කට ලකුණු 178ක් ලෙස සටහන් වුනා.
මේ මොහොතේ කඩුල්ලේ එක් වූ නායක ධනංජය ද සිල්වා සහ ඇන්ජලෝ මැතිව්ස් පස් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක නොබිඳුණු සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.
අද දිනයට තරගය නතර කරන විට ශ්‍රී ලංකාව නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 202ක ඉදිරියක් ලබා ගැනීමට සමත් වී සිටියා.
මෙහි දී ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දැවී ගිය කඩුලු 4න් තුනක් ම William O’Rourke සතු වීම විශේෂත්වයක්. එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් නොදැවී කඩුල්ලේ රැඳී සිටි ධනංජය සහ මැතිව්ස් දෙදෙනා ම ලකුණු 34 බැගින් ලබා සිටියා.
හෙට තරගයේ විවේකී දිනය වන අතර, තරගයේ සිව්වැනි දිනය එළඹෙන ඉරිදා (22) ක්‍රියාත්මක වීමට නියමිතයි.
තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | b William O’Rourke | 27 | 25 | 5 | 0 | 108.00 |
Dimuth Karunaratne | c Tom Blundell b William O’Rourke | 2 | 6 | 0 | 0 | 33.33 |
Dinesh Chandimal | c Michael Bracewell b Tim Southee | 30 | 71 | 3 | 0 | 42.25 |
Angelo Mathews | c Tom Blundell b William O’Rourke | 36 | 116 | 3 | 0 | 31.03 |
Kamindu Mendis | c Mitchell Santner b Ajaz Patel | 114 | 173 | 11 | 0 | 65.90 |
Dhananjaya de Silva | b Glenn Phillips | 11 | 24 | 2 | 0 | 45.83 |
Kusal Mendis | c Tim Southee b Glenn Phillips | 50 | 68 | 7 | 0 | 73.53 |
Ramesh Mendis | lbw b William O’Rourke | 14 | 49 | 2 | 0 | 28.57 |
Prabath Jayasuriya | lbw b Ajaz Patel | 0 | 15 | 0 | 0 | 0.00 |
Lahiru Kumara | not out | 2 | 2 | 0 | 0 | 100.00 |
Asitha Fernando | b William O’Rourke | 0 | 4 | 0 | 0 | 0.00 |
Extras | 19 (b 4 , lb 10 , nb 4, w 1, pen 0) |
Total | 305/10 (91.5 Overs, RR: 3.32) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Tim Southee | 14 | 2 | 48 | 1 | 3.43 | |
William O’Rourke | 18.5 | 4 | 55 | 5 | 2.97 | |
Ajaz Patel | 20 | 4 | 60 | 2 | 3.00 | |
Mitchell Santner | 19 | 2 | 64 | 0 | 3.37 | |
Glenn Phillips | 18 | 0 | 52 | 2 | 2.89 | |
Rachin Ravindra | 2 | 0 | 12 | 0 | 6.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Tom Latham | c Sadeera Samarawickrama b Prabath Jayasuriya | 70 | 111 | 6 | 0 | 63.06 |
Devon Conway | lbw b Ramesh Mendis | 17 | 59 | 1 | 0 | 28.81 |
Kane Williamson | c Kusal Mendis b Dhananjaya de Silva | 55 | 104 | 4 | 1 | 52.88 |
Rachin Ravindra | b Dhananjaya de Silva | 39 | 48 | 4 | 0 | 81.25 |
Daryl Mitchell | run out (Kusal Mendis) | 57 | 86 | 7 | 1 | 66.28 |
Tom Blundell | c Dhananjaya de Silva b Prabath Jayasuriya | 25 | 65 | 1 | 1 | 38.46 |
Glenn Phillips | not out | 49 | 48 | 2 | 5 | 102.08 |
Mitchell Santner | c Kusal Mendis b Prabath Jayasuriya | 2 | 2 | 0 | 0 | 100.00 |
Tim Southee | b Prabath Jayasuriya | 3 | 10 | 0 | 0 | 30.00 |
Ajaz Patel | lbw b Ramesh Mendis | 6 | 6 | 1 | 0 | 100.00 |
William O’Rourke | b Ramesh Mendis | 2 | 8 | 0 | 0 | 25.00 |
Extras | 15 (b 8 , lb 3 , nb 2, w 2, pen 0) |
Total | 340/10 (90.5 Overs, RR: 3.74) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 7 | 1 | 25 | 0 | 3.57 | |
Lahiru Kumara | 12 | 5 | 28 | 0 | 2.33 | |
Dhananjaya de Silva | 7 | 0 | 31 | 2 | 4.43 | |
Ramesh Mendis | 23.5 | 1 | 101 | 3 | 4.30 | |
Prabath Jayasuriya | 40 | 5 | 136 | 4 | 3.40 | |
Kamindu Mendis | 1 | 0 | 8 | 0 | 8.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | c Tim Southee b William O’Rourke | 2 | 10 | 0 | 0 | 20.00 |
Dimuth Karunaratne | b Ajaz Patel | 83 | 127 | 6 | 0 | 65.35 |
Dinesh Chandimal | c Tom Latham b William O’Rourke | 61 | 150 | 6 | 0 | 40.67 |
Angelo Mathews | c Mitchell Santner b Ajaz Patel | 50 | 111 | 5 | 0 | 45.05 |
Kamindu Mendis | c Mitchell Santner b William O’Rourke | 13 | 12 | 3 | 0 | 108.33 |
Dhananjaya de Silva | st Tom Blundell b Ajaz Patel | 40 | 77 | 4 | 0 | 51.95 |
Kusal Mendis | b Ajaz Patel | 23 | 30 | 3 | 0 | 76.67 |
Ramesh Mendis | lbw b Ajaz Patel | 1 | 18 | 0 | 0 | 5.56 |
Prabath Jayasuriya | c William O’Rourke b Mitchell Santner | 11 | 24 | 2 | 0 | 45.83 |
Lahiru Kumara | c Kane Williamson b Ajaz Patel | 0 | 0 | 0 | 0 | 0.00 |
Asitha Fernando | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 25 (b 11 , lb 8 , nb 4, w 2, pen 0) |
Total | 309/10 (94.2 Overs, RR: 3.28) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
William O’Rourke | 17 | 2 | 49 | 3 | 2.88 | |
Ajaz Patel | 30 | 8 | 90 | 6 | 3.00 | |
Mitchell Santner | 14.2 | 2 | 51 | 1 | 3.59 | |
Tim Southee | 16 | 4 | 39 | 0 | 2.44 | |
Glenn Phillips | 12 | 1 | 50 | 0 | 4.17 | |
Rachin Ravindra | 5 | 0 | 11 | 0 | 2.20 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Tom Latham | lbw b Dhananjaya de Silva | 28 | 68 | 2 | 0 | 41.18 |
Devon Conway | b Asitha Fernando | 4 | 7 | 0 | 0 | 57.14 |
Kane Williamson | st Kusal Mendis b Prabath Jayasuriya | 30 | 46 | 3 | 1 | 65.22 |
Rachin Ravindra | lbw b Prabath Jayasuriya | 92 | 168 | 9 | 1 | 54.76 |
Daryl Mitchell | b Ramesh Mendis | 8 | 26 | 1 | 0 | 30.77 |
Tom Blundell | b Prabath Jayasuriya | 30 | 43 | 4 | 0 | 69.77 |
Glenn Phillips | c Kusal Mendis b Prabath Jayasuriya | 4 | 14 | 0 | 0 | 28.57 |
Mitchell Santner | c Pathum Nissanka b Ramesh Mendis | 2 | 22 | 0 | 0 | 9.09 |
Tim Southee | lbw b Ramesh Mendis | 2 | 9 | 0 | 0 | 22.22 |
Ajaz Patel | not out | 2 | 22 | 0 | 0 | 9.09 |
William O’Rourke | b Prabath Jayasuriya | 0 | 6 | 0 | 0 | 0.00 |
Extras | 9 (b 6 , lb 2 , nb 1, w 0, pen 0) |
Total | 211/10 (71.4 Overs, RR: 2.94) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ramesh Mendis | 25 | 3 | 81 | 3 | 3.24 | |
Asitha Fernando | 2 | 0 | 5 | 1 | 2.50 | |
Prabath Jayasuriya | 30.4 | 7 | 68 | 4 | 2.24 | |
Dhananjaya de Silva | 12 | 4 | 32 | 1 | 2.67 | |
Lahiru Kumara | 2 | 0 | 15 | 0 | 7.50 |