නවසීලන්තය සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිම දියත් කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) දිනය නිමා වන විට කඩුලු 7ක් දැවී 302ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
අද උදෑසන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා විසින් සමත් වූ අතර, ඔහුගේ තීරණය අනුව ශ්‍රී ලංකාව තරගයේ පළමු ඉනිම ආරම්භ කළා.
මෙහි දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ට එතරම් සාර්ථකත්වයක් ළඟා කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. දිමුත් කරුණාරත්න ලකුණු 02ක් ලබමින් පිටියෙන් ඉවත් වූ අතර, පැතුම් නිස්සංක පන්දු 25කින් ලකුණු 27ක් ලබා ගනිමින් කඩුල්ලෙන් ඉවත් වුනා.
අංක තුන පිතිකරු වූ දිනේෂ් චන්දිමාල් ලකුණු 30කින් ඉනිමට සිය දායකත්වය ලබා දෙන අතරේ, වරක් ආබාධයක ද ලක් වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වුනා.
මේ අතර නායක ධනංජය ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 11ක් පමණයි. කෙසේ වෙතත් මෙම සියලු කඩුලු එකින් එක බිඳ වැටෙනා අතරේ කමිඳු මෙන්ඩිස් නැවතත් සිය සුපුරුදු පිතිකරණ රටාවේ රැඳෙමින් එක් අන්තයක් රැක ගැනීමට සමත් වුනා.
- Major Club කාන්තා එක්දින තරගාවලියටත් දින තබයි
- Youth පිටිය වැනසූ කෙල්ලෝ
- ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරග ඉතිහාසය
- England Lions පහසු ජයක් කරා
- එංගලන්ත නායකයාට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි
මෙහි දී කමිඳු සහ මැතිව්ස් විසින් 05 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72ක් එක් කිරීමට සමත් වූ අතර, මැතිව්ස්ගෙන් පසුව කඩුල්ලට පිවිසුණු කුසල් මෙන්ඩිස් කමිඳු සමඟ ලකුණු 103ක වටිනා සබඳතාවක් කරා යාමට සමත් වුනා.
මෙහි දී නව පිතිකරණ ස්ථානයක් හිමි වූ කුසල් විසින් පන්දු 68ක් තුළ ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වූ අතර, කමිඳු මෙන්ඩිස් සිය සිව්වැනි ටෙස්ට් ශතකය කරා යමින් පන්දු 173ක් තුළ ලකුණු 114ක් ලබා ගැනීමට සමත් වුනා. කමිඳුගේ ඉනිමට හතරේ පහර 11ක් අන්තර්ගත වූ අතර, දිනය නිමා වීමට සුළු මොහොතකට පෙර ඔහුගේ වටිනා ඉනිම නිමාවට පත් වුනා.
අද දිනය තුළ දැවී ගිය ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු අතරින් කඩුලු 3ක් William O’Rourke සතු වූ අතර, Glenn Phillips හට කඩුලු 2ක් හිමි වුනා.
තරගයේ දෙවැනි දිනය හෙට (19) ක්‍රියාත්මක වීමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<