ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ (14) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වූ අතර එහි දෙවන දිනය අද (15) නිමාවට පත්විය.
අකිලගෙන් කඩුලු 5ක්; නවසීලන්තය අසීරු අඩියක
ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය සහභාගී වන….
තරගය දෙවන දිනය සඳහා නවතා දමන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 227ක් ලබාගෙන තිබුණේ නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 22ක් පසුපසින් සිටිමිනි.
ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරගයක් වන මේ තරගයේ පළමු දිනයේ අවසන් පැය දෙකක පමණ කාලය තුල තරගය පැවැත්වීමට නොහැකි වූයේ ගාල්ල සහ ඒ අවට ප්‍රදේශවලට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසාවෙනි. කෙසේ නමුත් ඊයේ දිනය තුල පන්දුවාර 90ම ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ නිසා අද උදෑසන 9.45ට තරගය ආරම්භ වූයේ පැහැබර කාලගුණ තත්වයක් යටතේයි.
තරගයේ දෙවන දිනය ආරම්භ වන විට නවසීලන්ත ලකුණු පුවරුව 203/5ක් ලෙස සටහන් විය. දිනය ආරම්භ කරමින් අකිල දනංජය ඔහුගේ 23 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළේය. අනතුරුව ගාලු කොටුව අන්තයෙන් සුරංග ලක්මාල් ක්‍රියාත්මක කළ පළමු පන්දුවේ දී ම නවසීලන්ත පළමු ඉනිමේ කොඳුනාරටිය බඳු වූ දකුණතින් පිතිකරණයේ නිරත වන රොස් ටේලර්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වූයේ නිරෝෂන් දික්වැල්ලගේ ද සහාය ඇතිවයි. ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස දැවී ගිය ටේලර් 4 පහර 6ක් සමඟින් ලකුණු 86ක් රැස්කර ගත්තේ සිය 31 වැනි ටෙස්ට් අර්ධ ශතකය ද සම්පූර්ණ කරගෙනයි.
>>Photos: Sri Lanka vs New Zealand | 1st Test – Day 2<<
ලක්මාල් විසින් ඇතුළට දෝලනය වන ලෙස එවූ පන්දුවට මුලා වූ මිචෙල් සැන්ට්නර් එය නිදැල්ලේ හැරී යාමට අවස්ථාව උදාකර දුන්න ද ඒ පන්දුව කෙළින්ම සැන්ට්නර්ගේ ඉදිරි පාදයේ වැදුණේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරමිනි.
එය පිටියේ විනිසුරු ලෙස කටයුතු කළ මයිකල් ගෆ් මහතාට පහසු තීරණයක් විය. ලකුණු 14ක් ලබාගෙන සිටි ටිම් සවුති අනපේක්ෂිත ලෙස දුවද්දී දැවී යාමකට හසු වූ අතර සටන්කාමි පිතිකරණයක නිරත වූ ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 18කට දැවී ගියේය. ඒ ලක්මාල්ගේ පන්දුවක් හමුවේ ලෝන්ග් ඕන් කලාපයේ සිටි කුසල් පෙරේරා අතට උඩපන්දුවක් ලබා දෙමිනි.
ඉන්පසුව යැවුණු පළමු පන්දුවේ දීම අජාස් පටෙල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේ දෙවැනි ඉනිමේ දී ලක්මාල් යවනු ලබන පළමු පන්දුව කඩුලු ත්‍රිත්වයක් දවා ගත හැකි පන්දුවකි.
අකිල දනංජය හා ලක්මාල් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නවසීලන්ත අවසන් කඩුලු 5 ලකුණු 46ක් වැනි අඩු මට්ටමේ ලකුණකට සීමා කරමින් නවසීලන්ත පිතිකරුවන් අඩපන කළේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 249කට සීමා කරමිනි. එහි දී අකිල ලකුණු 80කට කඩුලු 5ක් දවා ගන්නා විට අනෙක් අන්තයෙන් සහාය වූ ලක්මාල් ලකුණු 29කට කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දැක්විය.
වනිඳුට සංචිතයේ දොර ඇරේ
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය සඳහා….
ශ්‍රී ලංකා පිළිතුරු පළමු ඉනිම ආරම්භ කරමින් නායක දිමුත් කරුණාරත්න හා ලහිරු තිරිමාන්න පන්දුවාර 11ක් තුල කඩුල්ලේ රැඳී සිටිමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 27ක සබඳතාවයක් ගොඩනැංවිය. ඒ සබඳතාවය නිමා කරමින් ලකුණු 10ක් ලබා සිටි තිරිමාන්න අජාස් පටෙල්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප්ස් කිරීමකට හසුවීම නිසා ශ්‍රී ලංකා පළමු ඉනිමේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූයේ දිවා ආහාරය සඳහා මිනිත්තු කිහිපයක් පමණක් ඉතිරිව තිබිය දී ය.
දිවා ආහාරය සඳහා තරගය නවතා දමන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබාගෙන සිටි අතර පසුව ශ්‍රී ලංකා ලකුණු සටහනට තවත් ලකුණු 32ක් එක්වූ මොහොතේ දී නායක කරුණාරත්න කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේ දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු ලකුණු 39 සබඳතාවයට තිත තබමිනි. එම කඩුල්ල ද පටෙල්ගේ නම ඉදිරියෙන් සටහන් විය.
ඉන් අනතුරුව කුසල් මෙන්ඩිස් සමඟ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ අත්දැකීම් බහුල මැදපෙළ පිතිකරුවෙක් වන ඇන්ජලෝ මැතිව්ස් තේ පානය දක්වා ඉතාමත් හොඳ සබඳතාවයක් ගොඩනංවමින් පන්දු 144ක් තුල අගනා ලකුණු 77ක සබඳතාවයක් ගොඩනැංවිය.
පන්දු 89කට මුහුණ දෙමින් 4 පහර 7ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 53ක් රැස්කරගත් මෙන්ඩිස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ රැස්කරගත් 10 වන අර්ධ ශතකයට පසුව මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ ශ්‍රී ලංකා මුල් ඉනිමේ තෙවන කඩුල්ල ලෙසයි. මෙන්ඩිස් නවසීලන්ත පන්දු යවන්නන්ට ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙනු ලැබුවේ 59.55ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙනයි.
උදෑසන සිට තේ පානය දක්වා කාලය තුල ශ්‍රී තරගයේ වැඩි වාසිය ලබාගෙන පෙරමුණේ සිටි නමුත් කුසල් ජනිත් පෙරේරා හා ධනංජය ද සිල්වා පිළිවෙළින් එක් ලකුණකට හා ලකුණු 5කට දැවී යාම නිසා නවසීලන්තයට නැවත වතාවක් තරගයට අවතීර්ණ වීමට අවස්ථාව උදාවුනි.
කෙසේ නමුත් ශ්‍රී ලංකා පළමු ඉනිමේ මැදපෙළ සවිමත් කරමින් සිය 34වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කර ගත් මැතිව්ස් පටෙල්ගේ පන්දුවක් හමුවේ ටේලර් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් 6 වැනි කඩුල්ල ලෙස දැවී යාමත් සමඟම ශ්‍රී ලංකා බලාපොරොත්තු ක්‍රමයෙන් බිඳ වැටෙමින් ගියේය. අකිල දනංජය ලකුණු 0යි.
ලකුණු 18ක් තුල මැදපෙළ කඩුලු 5ක් බිඳ වැටීම නිසා අසරණ වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 161කට කඩුලු 7ක් ලෙස සටහන්ව තිබූ මොහොතේ කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල හා පිටියේ එක්වූ සුරංග ලක්මාල් දිනය අවසන් වන විට 8වන කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 66*ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරන ලද්දේ මුල් පෙළ පිතිකරුවන්ට ඉතාමත් හොඳ ආදර්ශයක් සපයමිනි.
>>නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය HUB එක සඳහා පිවිසෙන්න<<
දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 227ක් ලබාගෙන තිබුණේ නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 22ක් පසුපසින් සිටිමිනි.
නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින දික්වැල්ල එක් 4 පහරක් එල්ල කරමින් ලකුණු 39*ක් ලබාගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර, අනෙක් අන්තයෙන් ඔහුට සහාය වූ ලක්මාල් 4 පහර 2ක් හා එක් 6 පහරක් එල්ල කරමින් නොදැවී ලකුණු 28*ක් රැස්කරගෙන කඩුල්ලේ රැඳී සිටින්නේ නවසීලන්ත පළමු ඉනිම අභිබවා ශ්‍රී ලංකා ලකුණු සටහන රැගෙන යාමේ අදිටන ඇතිවයි.
පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන පටෙල් ලකුණු 76කට කඩුලු 5ක් දවාගෙන දස්කම් දක්වන විට, විලියම් සමර්විල් හා ට්‍රෙන්ට් බෝල්ට් අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියේය.
තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා සජීව තරග අත්දැකීම ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.
තරගයේ ලකුණු සටහන
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Jeet Raval | c Dhananjaya de Silva b Akila Dananjaya | 33 | 83 | 3 | 0 | 39.76 |
Tom Latham | c Niroshan Dickwella b Akila Dananjaya | 30 | 88 | 3 | 0 | 34.09 |
Kane Williamson | c Dimuth Karunaratne b Akila Dananjaya | 0 | 3 | 0 | 0 | 0.00 |
Ross Taylor | c Niroshan Dickwella b Suranga Lakmal | 86 | 132 | 6 | 0 | 65.15 |
Henry Nicholls | lbw b Akila Dananjaya | 42 | 78 | 2 | 0 | 53.85 |
BJ Watling | lbw b Akila Dananjaya | 1 | 5 | 0 | 0 | 20.00 |
Mitchell Santner | lbw b Suranga Lakmal | 13 | 42 | 1 | 0 | 30.95 |
Tim Southee | run out (Dhananjaya de Silva) | 14 | 19 | 0 | 1 | 73.68 |
William Somerville | not out | 9 | 28 | 1 | 0 | 32.14 |
Trent Boult | c Kusal Perera b Suranga Lakmal | 18 | 22 | 1 | 1 | 81.82 |
Ajaz Patel | lbw b Suranga Lakmal | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 3 (b 0 , lb 2 , nb 1, w 0, pen 0) |
Total | 249/10 (83.2 Overs, RR: 2.99) |
Fall of Wickets | 1-64 (26.3) Tom Latham, 2-64 (26.6) Kane Williamson, 3-71 (30.2) Jeet Raval, 4-171 (58.2) Henry Nicholls, 5-179 (60.2) BJ Watling, 6-205 (69.1) Ross Taylor, 7-216 (73.5) Mitchell Santner, 8-222 (74.6) Tim Southee, 9-249 (83.1) Trent Boult, 10-249 (83.2) Ajaz Patel, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 15.2 | 5 | 29 | 4 | 1.91 | |
Lahiru Kumara | 10 | 1 | 37 | 0 | 3.70 | |
Akila Dananjaya | 30 | 3 | 80 | 5 | 2.67 | |
Dhananjaya de Silva | 6 | 0 | 20 | 0 | 3.33 | |
Lasith Embuldeniya | 22 | 1 | 81 | 0 | 3.68 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Lahiru Thirimanne | st BJ Watling b Ajaz Patel | 10 | 36 | 1 | 0 | 27.78 |
Dimuth Karunaratne | lbw b Ajaz Patel | 39 | 73 | 4 | 0 | 53.42 |
Kusal Mendis | c Ross Taylor b Ajaz Patel | 53 | 89 | 7 | 1 | 59.55 |
Angelo Mathews | c Ross Taylor b Ajaz Patel | 50 | 98 | 7 | 1 | 51.02 |
Kusal Perera | c Mitchell Santner b Trent Boult | 1 | 4 | 0 | 0 | 25.00 |
Dhananjaya de Silva | c & b Ajaz Patel | 5 | 19 | 1 | 0 | 26.32 |
Niroshan Dickwella | c Kane Williamson b William Somerville | 61 | 109 | 3 | 0 | 55.96 |
Akila Dananjaya | c Ross Taylor b William Somerville | 0 | 8 | 0 | 0 | 0.00 |
Suranga Lakmal | b Trent Boult | 40 | 98 | 3 | 2 | 40.82 |
Lasith Embuldeniya | lbw b William Somerville | 5 | 17 | 1 | 0 | 29.41 |
Lahiru Kumara | not out | 0 | 9 | 0 | 0 | 0.00 |
Extras | 3 (b 1 , lb 1 , nb 0, w 1, pen 0) |
Total | 267/10 (93.2 Overs, RR: 2.86) |
Fall of Wickets | 1-27 (10.6) Lahiru Thirimanne, 2-66 (22.5) Dimuth Karunaratne, 3-143 (46.5) Kusal Mendis, 4-144 (47.3) Kusal Perera, 5-155 (52.2) Dhananjaya de Silva, 6-158 (54.1) Angelo Mathews, 7-161 (55.5) Akila Dananjaya, 8-242 (84.4) Suranga Lakmal, 9-262 (91.1) Niroshan Dickwella, 10-267 (93.2) Lasith Embuldeniya, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Trent Boult | 20 | 4 | 45 | 2 | 2.25 | |
Tim Southee | 7 | 3 | 17 | 0 | 2.43 | |
William Somerville | 22.2 | 3 | 83 | 3 | 3.74 | |
Ajaz Patel | 33 | 6 | 89 | 5 | 2.70 | |
Mitchell Santner | 11 | 0 | 31 | 0 | 2.82 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Jeet Raval | c Dimuth Karunaratne b Dhananjaya de Silva | 4 | 20 | 0 | 0 | 20.00 |
Tom Latham | c Lahiru Thirimanne b Akila Dananjaya | 45 | 81 | 2 | 1 | 55.56 |
Kane Williamson | c Kusal Perera b Lasith Embuldeniya | 4 | 25 | 0 | 0 | 16.00 |
Ross Taylor | c Dhananjaya de Silva b Lasith Embuldeniya | 3 | 5 | 0 | 0 | 60.00 |
Henry Nicholls | c Kusal Mendis b Dhananjaya de Silva | 26 | 71 | 2 | 0 | 36.62 |
BJ Watling | c Niroshan Dickwella b Lahiru Kumara | 77 | 173 | 6 | 0 | 44.51 |
Mitchell Santner | c Suranga Lakmal b Lasith Embuldeniya | 12 | 35 | 0 | 0 | 34.29 |
Tim Southee | st Niroshan Dickwella b Lasith Embuldeniya | 23 | 62 | 1 | 0 | 37.10 |
William Somerville | not out | 40 | 118 | 2 | 0 | 33.90 |
Trent Boult | c Dhananjaya de Silva b Lahiru Kumara | 26 | 25 | 2 | 1 | 104.00 |
Ajaz Patel | lbw b Dhananjaya de Silva | 14 | 23 | 1 | 0 | 60.87 |
Extras | 11 (b 4 , lb 5 , nb 2, w 0, pen 0) |
Total | 285/10 (106 Overs, RR: 2.69) |
Fall of Wickets | 1-8 (7.4) Jeet Raval, 2-20 (14.4) Kane Williamson, 3-25 (16.3) Ross Taylor, 4-81 (27.5) Tom Latham, 5-98 (39.2) Henry Nicholls, 6-124 (49.3) Mitchell Santner, 7-178 (69.5) Tim Southee, 8-224 (90.3) BJ Watling, 9-260 (98.2) Trent Boult, 10-285 (105.6) Ajaz Patel, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 15 | 2 | 37 | 0 | 2.47 | |
Akila Dananjaya | 32 | 4 | 84 | 1 | 2.62 | |
Dhananjaya de Silva | 12 | 3 | 25 | 3 | 2.08 | |
Lasith Embuldeniya | 37 | 4 | 99 | 4 | 2.68 | |
Lahiru Kumara | 10 | 0 | 31 | 2 | 3.10 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dimuth Karunaratne | c BJ Watling b Tim Southee | 122 | 243 | 6 | 1 | 50.21 |
Lahiru Thirimanne | lbw b William Somerville | 64 | 163 | 4 | 0 | 39.26 |
Kusal Mendis | c Jeet Raval b Ajaz Patel | 10 | 6 | 1 | 1 | 166.67 |
Angelo Mathews | not out | 28 | 73 | 2 | 0 | 38.36 |
Kusal Perera | c Mitchell Santner b Trent Boult | 23 | 19 | 5 | 0 | 121.05 |
Dhananjaya de Silva | not out | 14 | 13 | 3 | 0 | 107.69 |
Extras | 7 (b 6 , lb 1 , nb 0, w 0, pen 0) |
Total | 268/4 (86.1 Overs, RR: 3.11) |
Fall of Wickets | 1-161 (60.2) Lahiru Thirimanne, 2-174 (61.5) Kusal Mendis, 3-218 (76.1) Dimuth Karunaratne, 4-250 (82.2) Kusal Perera, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Trent Boult | 9.1 | 1 | 34 | 1 | 3.74 | |
Tim Southee | 12 | 2 | 33 | 1 | 2.75 | |
William Somerville | 31 | 6 | 73 | 1 | 2.35 | |
Ajaz Patel | 18 | 0 | 74 | 1 | 4.11 | |
Mitchell Santner | 13 | 2 | 38 | 0 | 2.92 | |
Kane Williamson | 3 | 0 | 9 | 0 | 3.00 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<