ඉසිපතන රග්බි නායකත්වය පළපුරුදු සුපුරුදු අතකට

195

එළඹෙන 2020 නව රග්බි තරග වාරය සඳහා ඉසිපතන විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකයා ලෙස ‘Center’ ස්ථානයේ ක්‍රීඩා කරන සයවැනි වසරේ වර්ණ ලාභී ක්‍රීඩක මනිල්ක රුබේරු පත් කිරීමට ඉසිපතන විද්‍යාලයීය රග්බි කමිටුව තීරණය කර ඇත.

2020 ආසියාවේ දී ශ්‍රී ලංකාවට අභියෝගයක්!

ශ්‍රී ලංකාවට 2019 වසර ආසියානු මට්ටමේ තරගාවලිවල දී එතරම් සුබදායී වසරක් නොවුනත් ප්‍රීතිමත් නව වසරකට………….

තවදුරටත් ඔහුගේ උපනායකයා ලෙස ‘Wing Three’ ස්ථානයේ ක්‍රීඩා කරන තවත් සිව්වැනි වසරේ වර්ණ ලාභී ක්‍රීඩකයෙකු වන කිලන් රමිත හිමාෂ් ද සිල්වා නම් කර ඇත.

මනිල්ක රුබේරු පසුගිය වසර කිහිපයේ දී ම ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම වෙනුවෙන් ඉහළම දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයෙකු ලෙස කැපී පෙනෙන අතර ඔහුගේ එම දක්‍ෂතා හා ජ්‍යේෂ්ඨත්වය හේතුවෙන් ඔහුට එළඹෙන තරග වාරය සඳහා කණ්ඩායමේ නායකත්වය හිමි වී ඇත. 

ඉසිපතන විදුහල වෙනුවෙන් ඉතිහාසයේ එකම ක්‍රීඩකයෙකු විසින් දෙවරක් තරග වාර දෙකක දී කණ්ඩායම මෙහෙයවන තෙවැනි අවස්ථාව මෙයයි. Colombo Blues සහ ආසියානු රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුරුකක් වූ නායක මනිල්ක රුබේරුට මෙම තරග වාරය අභියෝගාත්මක වනු ඇති බව නම් නොඅනුමානයි.

එතෙර විනිසුරුගේ සේවාව තවදුරටත්!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතියේ පැවති පොලිස් – CH&FC සහ CR&FC…………..

2013 වර්ෂයේ සිට වසර 6කට පසු ඉසිපතන විදුහල ලීග් ලකුණු සටහනේ 6 වැනි ස්ථානය දක්වා අද වැටුණු පළමු අවස්ථාව ලෙස 2019 තරග වාරය නම් කළ හැකි අතර පසුගිය වසරේ ජනිත් සේරසිංහගේ නායකත්වයෙන් ඉසිපතනයට එතරම් ඉහළ දස්කම් දැක්වීමට අවකාශයක් නොලැබුණි.

ඒ අනුව අභිනවයෙන් පත්වූ නායක, උපනායක සහ නව පුහුණුකරු රොනී ඉබ්‍රහිම් හට ඉසිපතනය විද්‍යාලය නැවතත් පාසල් රග්බි පිටියේ දැවැන්තයින් ලෙස ඔසවා තැබීමට නම් ප්‍රබල කණ්ඩායමක් නිර්මාණය කිරීමට සිදු වනු ඇත. කෙසේ නමුත් එළඹෙන තරග වාරය මතකයේ සිටින තරග වාරයක් වනු ඇති බවට පාසල් කළමනාකරණය අපේක්‍ෂාවෙන් සිටී.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<