එළඹෙන 2020/21 තරගවාරය සඳහා CR&FC කණ්ඩායම මෙහෙය වීමේ වගකීම scrum half ක්‍රීඩක කවිඳු ද කොස්තා හට හිමිව තිබේ. පසුගියදා පැවති විශේෂ රැස්වීමක දී මෙම තීරණය ගෙන තිබේ.
කොරෝනා වෛරසයෙන් අනතුරුව මෙරට රග්බි ක්‍රිඩාව නැවත ආරම්භ කිරීමට පසුගියදා අවසර හිමි විය. ඒ අනුව කවිඳු ද කොස්තා, ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 2020/21 වාරයේ කණ්ඩායම මෙහෙයවනු ඇත.
CR&FC කණ්ඩායමේ නායකත්වය පසුගිය වසරේ දී ඔමල්ක ගුණරත්නහට හිමිව තිබිනි. කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් රග්බි ක්‍රීඩාවට අත්පොත් තැබූ කවිඳු ද කොස්තා සිය පාසල් සමයේ දීම කැපී පෙනෙන රග්බි ක්‍රීඩකයෙකු බවට පත්විය.
සිය පාසල් සමය අවසන් වීමෙන් පසු CR&FC කණ්ඩායම හා එක්වන ඔහු ඉන් අනතුරුව එම කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු බවට පත්වූයේ ඔහුගේ දක්ෂතාවය නිසාවෙනි.
කොස්තා යන නාමය මෙරට රග්බි ක්‍රීඩාවට එතරම් ආධුනික නමක් නොවන අතර CR&FC රග්බි ඉතිහාසයේ ද නොමැකෙන සටහනක් තැබීමට ඔවුන් සමත් විය.
කවිඳු ද කොස්තා CR&FC කණ්ඩායමේ නායකත්වයකට පත්වීමත් සමඟින් එකම පවුලේ තිදෙනෙකු එම කණ්ඩායමේ නායකත්වයකට පත්වූ ප්‍රථම අවස්ථාව මෙය වනු ඇත.
තවත් රග්බි පුවත්:
- All Blacks රග්බි පිටිය හෙල්ලීමට සූදානම් වන පිය-පුතු දෙදෙනා
- රග්බි නැවත ආරම්භ වන්නේ කවදාද යන පැනයට පිළිතුරක්
- බ්‍රැඩ්බි පලිහ සහ පාසල් රග්බි ක්‍රීඩාවේ ආරම්භය තවමත් වැට උඩ
- Super Rugby අවසන් වෙඩි මුරය Highlanders කණ්ඩායමෙන්
කවිඳු ද කොස්තාගේ වැඩිමල් සොහොයුරන් වන ලසින්ත ද කොස්තා සහ අශාන් ද කොස්තා මීට පෙර CR&FC කණ්ඩායම මෙහෙය වීමට සමත් විය.
පසුගිය සතියේ පැවති විශේෂ කමිටු රැස්වීමකින් පසුව ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති රිස්ලි ඉල්‍යාස් මහතා කොරෝනා වෛරසයෙන් පසුව මෙරට රග්බි ක්‍රීඩාව ආරම්භ කිරීම පිළිබඳව අදහස් දක්වා තිබිනි.
ඒ අනුව එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වීමට නියමිතව ඇති ඩයලොග් අන්තර් සමාජ සත්සාමාජික රග්බි තරගාවලියත් සමඟින් මෙරට රග්බි ක්‍රීඩාවේ දීර්ඝ විරාමය නිමාවනු ඇත. මෙම තරගාවලිය කවිඳු ද කොස්තා CR&FC කණ්ඩායම මෙහෙයවන පළමු අවස්ථාව වනු ඇත.
CR&FC කණ්ඩායමේ නව නායකයා වන කවිඳු ද කොස්තාහට සිය බලාපොරොත්තු සාර්ථක කරගැනීමට හැකියාව ලැබේවා’යි thepapare.com මෙලෙස සුභාශිංශන එක්කරමු.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<