නෙදර්ලන්තයට අභියෝග කරන නව ජාත්‍යන්තර එක්දින කණ්ඩායම

743

එළඹෙන අගෝස්තු පළමු වැනිදා හා තුන්වැනි දා නෙදර්ලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරග දෙකක් සමඟින් නේපාලය එක්දින ජාත්‍යන්තර පිටියට පිවිසීමට නියමිතයි.

ඊයේ (23) නේපාලයේ නෙදර්ලන්ත සංචාරයේ කාලසටහන නිකුත් වූ අතර නෙදර්ලන්තයේ දී නේපාලය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියෙන් අනතුරුව නෙදර්ලන්ත කණ්ඩායමට එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියකට ද ඇරයුම් හිමි වී තිබේ.  

සාර්ථක පුහුණු කඳවුර ගැන ඇන්ජෙලෝගේ ප්‍රශංසාව

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය පිළිබඳ සැකසංකා මතුව තිබියදීත්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානතම පිතිකරු වන ඇන්ජෙලෝ මැතිව්ස් තවමත් තරගකාරී…

නෙදර්ලන්ත හා නේපාල කණ්ඩායම් සිම්බාබ්වේ හිදී පැවති ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී එකිනෙකා මුණගැසුණු අතර හත්වැනි ස්ථානය සඳහා පැවති තරගයේ දී නේපාල කණ්ඩායම පරාජය කරමින් නෙදර්ලන්තය ලකුණු 45ක ජයක් වාර්තා කිරීමට සමත් විය.

හරාරේ හිදී පැපුවා නිව්ගීනියාව පරාජය කරමින් ඊට දින දෙකකට පෙර නේපාලය සිය එක්දින ජාත්‍යන්තර තත්වය තහවුරු කර ගත් අතර පසුගිය දෙසැම්බර් මාසයේ දී ඩුබායි හිදී නැමීබියාව පරාජය කරමින් “ලෝක ක්‍රිකට් ලීග් ශූරතා තරගාවලියේ” ශූරයින් වෙමින් නෙදර්ලන්තය එම එක්දින ජාත්‍යන්තර තත්වය තහවුරු කර ගන්නා ලදි. කෙසේ වුවත් එම තරගය නිල මට්ටමේ එක්දින ජාත්‍යන්තර තරගයක් නොවූ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය එම කණ්ඩායම් දෙකටම එක්දින ජාත්‍යන්තර මට්ටම ලබා දුන්නේ එම තරගාවලි නිමා වීමෙන් පසුවයි.  

මෙම තරග දෙකකින් යුතු එක්දින තරගාවලිය නෙදර්ලන්තය සත්කාරකත්වය දරන පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වන අතර මීට පෙර 2013 මැයි මාසයේ දකුණු අප්‍රිකාවේ අම්ස්ටෙල්වීන් හිදී නෙදර්ලන්ත කණ්ඩායම එක් නිල නොවන එක්දින ජාත්‍යන්තර තරගයක් සඳහා සහභාගී විය.

ඔවුන් එක්දින ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වන්නේ වසර 5කට පසුව වන අතර අවසාන වරට නිල එක්දින ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ 2014 නවසීලන්තයේ පැවති ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී කැනඩාවට එරෙහිවයි. එහි දී ඔවුන්ට එක්දින ජාත්‍යන්තර තත්වය අහිමි විය.

ශ්‍රී ලංකාවේ දී බින්දුවට දැවී ගිය ලොව හොඳම පිතිකරු

ඒ 1930 අප්‍රේල් 02 වැනිදා ය. ශ්‍රී ලංකාව සමඟ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම කොළඹ ඕවල් පිටියේ දී ටෙස්ට් තරගයක් ක්‍රියාත්මක විය. මෙම තරගය දැක බලා ගැනීමට…

“නේපාලයේ පළමු එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා නෙදර්ලන්තයට නේපාල කණ්ඩායම සාදරයෙන් පිළිගන්නවා, 2013 පසු අපේ රටේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර තරගාවලිය මේ තරගාවලියයි, ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරීමට ආරාධනා ලැබීමෙන් පසුව අපිට අපේ රටේ ප්‍රේක්ෂකයින්ට පෙන්වන්න ඕනේ අපිට කළ හැකි දේ, නේපාලය බොහොම දක්ෂ කණ්ඩායමක්, අපි දුටුවා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී නේපාලයේ සන්දීප් ලමිචාන් (Sandeep Lamichanne) ක්‍රීඩා කළ අකාරය, ඔහු ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක්, මෙම හිතනවා මේක ඉතා හොඳ තරගාවලියක් වෙයි කියලා.” නෙදර්ලන්ත කණ්ඩායමේ පුහුණුකරු රයන් කැම්ප්බෙල් මහතා Cricbuzz වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<