2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා රග්බි මූලික සංචිතය තේරීම සඳහා වන ජාතික තේරීම් තරග එළඹෙන ඉරිදා (24) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මීට පෙර අප්‍රේල් 23 සහ 24 දිනවල දී ඒ කාණ්ඩයේ රග්බි කණ්ඩායම් 8 අතරේ සත් සාමාජික තරගාවලියක් පවත්වා මූලික ජාතික සංචිතය තේරීම සැලසුම වූවත්, රටේ උද්ගතව ඇති අර්බුදය නිසාවෙන් එය අවලංගු කිරීමට සිදු වුනා.
කෙසේ නමුත් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සංචිතය නම් කිරීමේ අවසන් දිනය අප්‍රේල් 30 වැනිදා වන නිසාවෙන් එ් සඳහා ජාතික තේරීම් තරගාවලියක් පැවැත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අමල් එදිරිසූරිය මහතා තීරණය කළා.
හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට්ටුවක් නිකුත් කරමින් ජාතික රග්බි සම්මේලනය තාවකාලිකව තහනම් කිරීමට කටයුතු කිරීමෙන් පසුව එම සම්මේලනයේ වැඩ බලන ප්‍රධානියා ලෙස නම් කළේ අමල් එදිරිසූරිය මහතාවයි.
- පාසල් රග්බි කැලන්ඩරය නිකුත් වෙයි
- ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට තහනමක්
- වසර 4කට පසු සේරම් පළිහ මහනුවරින් ගල්කිස්සට
මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 56 දෙනෙකු ඇතුළත් අතර ඔවුන් කණ්ඩායම් හතරකට බෙදා වෙන්කරමින් එකිනෙකාට එරෙහිව තරග වැදීමට නියමිතයි. එමෙන්ම මෙම තරගාවලිය ජාතික රග්බි තේරීම් කමිටු ප්‍රධානී අශෝක ජයසේන ඇතුළු තේරීම් කමිටුවේ අධීක්ෂණය යටතේ පැවැත්වේ.
මෙම තේරීම් තරගාවලිය සඳහා ඇතුළත් ක්‍රීඩකයින්
- Kandy SC: කවිඳු පෙරේරා, බුද්ධිම එම් ප්‍රියරත්න, ධනූෂ දයාන්, ජේසන් දිසානායක, තරිඳු රත්වත්ත, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, හේශාන් ජැන්සන්, නයිජල් රත්වත්ත, තිළිණ බණ්ඩාර, ලවංග පෙරේරා, දිලුක්ෂ දංගේ
- CH&FC: ඔමල්ක ගුණරත්න, Reeza Raffaideen, සුදම් පී. සූරියආරච්චි, ජනිඳු ඩිල්ෂාන්, සුදර්ශන මුතුතන්ත්රි, අවිශ්ක ලී, හිරන්ත පෙරේරා, ශෙහාන් ඩයස්, අවන්ත ලී, කුශාන් ඉඳුනිල්, තේනුක නානායක්කාර
- Havelocks SC: කවිඳු කේෂාන්, තිලක්ෂණ දසනායක, ලසිඳු ඉෂාන්, විමුක්ති රාහුල, මිතුන් හපුගොඩ, රැන්ඩි සිල්වා, රමේෂ් ප්‍රනාන්දු, නිශෝන් පෙරේරා
- Police SC: ඉරෝෂාන් සිල්වා, සචිත් සිල්වා, වගීෂ වීරසිංහ, සුරංග කසුන්, මනිල්ක දාබරේ, මොහාන් විමලරත්න, ආකාෂ්, මදුශංක, ජනිත් චානක
- Air Force SC: රවිඳු හෙට්ටිආරච්චි, නුවන් පෙරේරා, ඉෂාර මධුශාන්, ඉමේෂ් අපෝන්සු, ඔවින් අසංක, ගයන්ත ඉද්දමල්ගොඩ, දුනාල් ප්‍රනාන්දු
- CR & FC: Mursheed Z. Dorey, ගැමුණු චේතිය, චමෝද් ප්‍රනාන්දු, කළිඳු නන්දිල
- Navy SC: අදීෂ වීරතුංග, චතුර සෙනවිරත්න, Mushin Faleed, යෝෂිත රාජපක්ෂ
- Army SC: සුදාරක දික්කුඹුර, අශේන් බණ්ඩාර, ලසන්ත කුමාර
ආබාධ සහ වෙනත් හේතූන් නිසාවෙන් පහත ක්‍රීඩකයින් මෙම තේරීම් තරගාවලිය නියෝජනය කරන්නේ නැහැ.
රවීන් ප්‍රනාන්දු (Havelocks), කෙවින් ඩික්සොන් (CH&FC), දිනුක් අමරසිංහ (CR&FC), කාංචන රාමනායක (CR&FC), Samuel Ogbebor (CH&FC), ජේසන් දිසානායක (Kandy).
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<