ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (04) අවසන් වූ තරගවල දී චරිත් අසලංක සහ දසුන් ශානක ශතක වාර්තා කළ අතර දිනුක ඩිල්ශාන් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
Colombo කණ්ඩායමේ නායක චරිත් අසලංක අද Kandy කණ්ඩායමට එරෙහි ව වාර්තා කළ ශතකය මෙවර තරගාවලියේ ඔහු පිට පිට වාර්තා කරන ලද 2 වැනි ශතකයයි. දසුන් ශානක ද Colombo කණ්ඩායම නියෝජනය කරන අතර ඔහු අද තරගයේ දී තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූවා. දසුන් ශානක අද ලබා ගත්තේ මෙවර තරගාවලියේ ලබා ගත් පළමු ශතකයයි.
මේ අතර අද පැවැති තරගවල දී Dambulla කණ්ඩායම ලකුණු 67කට සීමා කිරීමට Galle පන්දු යවන්නෝ සමත් වූවා. එහි දී ගාලු කණ්ඩායමේ දිනුක ඩිල්ශාන් ලකුණු 12කට කඩුලු 4ක් දවා ගත් අතර එය අද දවසේ හොඳම පන්දු යැවීම බවට ද පත් වූවා.
5 වැනි තරගය
- Galle සහ Dambulla අතර තරගය, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
පැවැති වර්ෂාව හේතුවෙන් මෙම තරගය පන්දුවාර 39ක තරගයක් ලෙසිනුයි ක්‍රියාත්මක වෙන්නේ.
කාසියේ වාසිය දිනා ගත් ගාලු නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 67ක් පමණක් වන අතර එම ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී පන්දු 36ක දී සපුරා ගැනීමට ගාල්ල ක්‍රීඩකයෝ සමත් වුනා.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Dambulla ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ අංජල බණ්ඩාර යි. ඔහු පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.
එම ඉනිමේ අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා පැමිණිමට ගාලු පන්දු යවන්නන් වන දිනුක ඩිල්ශාන්, ශිරාන් ප්‍රනාන්දු, ලහිරු අකිල ධනංජය, මුදිත ලක්ෂාන් සහ ලහිරු සමරකෝන් ඉඩ ලබා දුන්නේ නැහැ.
ඒ අතුරින් 24 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන දිනුක ඩිල්ශාන් පන්දුවාර 8ක් යවමින් නිලකුණු පන්දුවාර 3ක් ද සමඟින් ලකුණු 12කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතර ව ශ්‍රිරාන් ප්‍රනාන්දු ලකුණු 10කට කඩුලු 3ක් දවා ගත් අතර අනෙකුත් පන්දු යවන්නෝ කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වූ යශෝධ ලංකා සහ සොහාන් ද ලිවේරා (10) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 23ක දී ලකුණු 49ක සබඳතාවක් එක් කළා.
ගාලු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ යශෝධ ලංකා. ඔහු පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා. තරගය ජයග්රහණයෙන් කෙළවර වෙද්දී මුදිත ලක්ෂාන් පන්දු 6කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 13ක් ද සහ ශෙහාන් ප්‍රනාන්දු නොදැවී ලකුණක් ලබා සිටියා.
ගාලු ඉනිමේ දැවී ගිය කඩුලු 2 ම හිමිකාරීත්වය ගයන වීරසිංහ සතු කර ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Dambulla – සියලුම දෙනා දැවී 67 (21.4) අංජල බණ්ඩාර 34, දිනුක ඩිල්ශාන් 4/12, ශ්රීරාන් ප්‍රනාන්දු 3/10
Galle – කඩුලු 2ක් දැවී 67 (5.5) යශෝධ ලංකා 34, මුදිත ලක්ෂාන් නොදැවී 13, ගයන වීරසිංහ 2/09
Galle කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
6 වැනි තරගය
Kandy සහ Colombo අතර තරගය, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය දිනා ගත් Kandy නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අගනුවර ක්‍රීඩකයෝ කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 342ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් මහනුවර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 178ක් පමණයි.
අගනුවර ඉනිම වෙනුවෙන් නායක චරිත් අසලංක සහ දසුන් ශානක ශතක ලබා ගැනීමට කැපී පෙණුනා. ඔවුන් දෙදෙනා විසින් 4 වැනි කඩුල්ල සඳහා පන්දු 178ක දී ලකුණු 179ක් ලබා ගත්තා.
එහි දී දසුන් ශානක පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 103ක් ලබා ගත්තා. චරිත් අසලංක අගනුවර ඉනිම අවසන් වන තුරු පිටියේ රැඳී සිටිමින් පන්දු 137කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 138ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී නිපුන් රන්සික ලකුණු 29කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ලසිත් ඇඹුල්දෙණිය සහ චාමික කරුණාරත්න කඩුලු 2ක් බැගින් දවා ගත් අතර චමෝද් සඳරු කඩුල්ලක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ කවින් බණ්ඩාර. ඔහු පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තා.
ඊට අමතර ව ආරම්භක පිතිකරු පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දසුන් ශානක ලකුණු 22කට කඩුලු 3ක් සහ විහස් තෙව්මික ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව දිලුම් සුදීර කඩුලු 2ක් ද සහ ප්‍රමෝද් මධුශාන් කඩුල්ලක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Colombo – කඩුලු 8ක් දැවී 342 (50.0) චරිත් අසලංක 138, දසුන් ශානක 103, චාමික කරුණාරත්න 2/78, නිපුන් රන්සික 3/29, ලසිත් ඇඹුල්දෙණිය 2/49
Kandy – සියලුම දෙනා දැවී 178 (38.5) සිතාර ගිම්හාන් 37, කවින් බණ්ඩාර 57, රවීන් ද සිල්වා නොදැවී 20, දසුන් ශානක 3/22, දිලුම් සුදීර 2/19, විහස් තෙව්මික 3/27
තරගයේ විසඳුමක් නෑ.
තරගාවලියේ මීළඟ තරග මේ සැප්තැම්බර් මස 8 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ අනුව Jaffna සහ Galle කණ්ඩායම් අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද, Kandy සහ Dambulla කණ්ඩායම් අතර තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද පැවැත්විමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<