ක්‍රීඩකයෝ 112ක් NSL ආක්‍රමණයට සැරසෙයි

National Super League 4 day Tournament 2025

19
National Super League 4 day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලිය මේ මස 13 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි. මේ සඳහා පෙර වසරවල දී සේ ම කොළඹ, යාපනය, ගාල්ල, මහනුවර සහ දඹුල්ල ලෙසින් කණ්ඩායම් 5ක් එක් කර තිබෙනවා.

තරගාවලියේ පළමු වටයේ දී එක් එක් කණ්ඩායම අනෙක් කණ්ඩායම් සමඟ තරග වදින අතර එම වටය අවසානයේ සැකසෙන ප්‍රසාද ලකුණු පුවරුවේ 1 වැනි සහ 2 වැනි ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නවා. එම තරගය අප්‍රේල් මස 27 වැනිදා සිට 30 වැනිදා දක්වා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

නිමා වූ වසරේ මෙම තරගාවලියේ ශූරයන් වූ ගාල්ල කණ්ඩායම මෙවර පසිඳු සූරියබණ්ඩාර ගේ නායකත්වය යටතේ තරගාවලියට පිවිසීමට නියමිත අතර කණ්ඩායමේ උප නායකත්වය ගිය වර ජයග්‍රාහී නායකයා වූ රමේෂ් මෙන්ඩිස් වෙත පවරා තිබෙනවා.

ගිය වර තරගාවලියේ අනුශූරයන් වූ මහනුවර කණ්ඩායම මෙවර තරගාවලියට එක් වෙන්නේ සහන් ආරච්චිගේ ගේ නායකත්වය යටතේයි. එම කණ්ඩායමේ උප නායකත්වය නුවනිඳු ප්‍රනාන්දු වෙත හිමි ව තිබෙනවා.

මෙවර තරගාවලියට එක් වෙන අනෙකුත් කණ්ඩායම් වන කොළඹ කණ්ඩායම චරිත් අසලංක ගේ නායකත්වයෙන් සහ අවිශ්ක ප්‍රනාන්දු ගේ උප නායකත්වයෙන් ද, යාපනය කණ්ඩායම ජනිත් ලියනගේ නායකත්වයෙන් සහ අහන් වික්‍රමසිංහ ගේ උප නායකත්වයෙන් ද, දඹුල්ල කණ්ඩායම ධනංජය ද සිල්වා ගේ නායකත්වයෙන් සහ නිශාන් මදුශ්ක ගේ උප නායකත්වයෙන් ද තරගාවලියට එක් වීමට නියමිතයි.

එක් එක් කණ්ඩායමට ක්‍රීඩකයන් 20 දෙනෙක් බැගින් ක්‍රීඩකයෝ 100 දෙනෙක් කණ්ඩායම් 5ට නම් කර ඇති  අතර අතිරේක ක්‍රීඩයක් 12 දෙනෙක් ද ඊට අමතර ව නම් කර තිබෙනවා.

ගාල්ල කණ්ඩායම

පසිඳු සූරියබණ්ඩාර (නායක – Moors), රමේෂ් මෙන්ඩිස් (උප නායක – Moors), ඕෂද ප්‍රනාන්දු (Panadura), නිපුන් ධනංජය (SSC), අවිශ්ක පෙරේරා (Nugegoda), තුලින ඩිල්ශාන් (Tamil Union), දිනේෂ් චන්දිමාල් (Colts), සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා – Moors), ක්‍රිශාන් සංජුල (කඩුලු රකින්නා – SSC), විනුර දුල්සර (Ragama), දුනිත් වෙල්ලාලගේ (Colts), මිලාන් රත්නායක (Moors), ඩිල්ශාන් මදුශංක (C0lts), නිසල තාරක (SSC), සම්පත් නිශ්ශංක (NCC), නිම්සර අතරගල්ල (Ace Capital), දිලුම් සුදීර (Police), විජයකාන්ත් වියස්කාන්ත් (Tamil Union), ශෂික දුල්ශාන් (Ragama) සහ ලක්ෂාන් සඳකැන් (CCC).

මහනුවර කණ්ඩායම

සහන් ආරච්චිගේ (නායක – NCC), නුවනිඳු ප්‍රනාන්දු (උප නායක – SSC), ලහිරු උදාර (NCC), පැතුම් නිස්සංක (NCC), ජනිශ්ක පෙරේරා (Moors), කමිල් මිෂාර (NCC), සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා – Moors), අශේන් බණ්ඩාර (Police),  පවන්ත වීරසිංහ (Ace Capital), කසුන් අබේරත්න (කඩුලු රකින්නා – Bloomfield), චමිඳු වික්‍රමසිංහ (SSC), රවිඳු ප්‍රනාන්දු Bloomfield), ලහිරු කුමාර (NCC), චාමික ගුණසේකර (NCC), ශිරාන් ප්‍රනාන්දු (Moors), මොහොමඩ් ඩිල්ශාඩ් (Panadura), අශේන් ඩැනියෙල් (NCC), වනුජ සහන් (Ace Capital), සහන් නානායක්කාර (Bloomfield) සහ විශ්ව ලහිරු (Panadura).

කොළඹ කණ්ඩායම

චරිත් අසලංක (නායක – SSC), අවිශ්ක ප්‍රනාන්දු (උප නායක – SSC) කුසල් පෙරේරා (Police), නවෝද් පරණවිතාන (Tamil Union), කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා – SSC), කෙවින් පෙරේරා (Nugegoda), ෂෙහාන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා – Kandy Customs), සනෝජ් දර්ශික (Colts), කවීන් බණ්ඩාර (NCC), දනංජය ලක්ෂාන් (Colts), ලහිරු මධුශංක (Bloomfield), කසුන් රාජිත (SSC), ප්‍රමෝද් මදුශාන් (SSC), නිපුන් රන්සික (NCC), උදිත් මදුශාන් (Colts), ප්‍රභාත් ජයසූරිය (SSC), නිශාන් පීරිස් (Nugegoda), දුශාන් හේමන්ත (Panadura), මුදිත ලක්ෂාන් (Colts) සහ මොවින් සුබසිංහ (BRC).

යාපනය කණ්ඩායම

ජනිත් ලියනගේ (නායක – Ragama), අහන් වික්‍රමසිංහ (උප නායක – NCC), ශෙවෝන් ඩැනියෙල් (SSC), රවිඳු රශාන්ත (Colts), තනුක දාබරේ (Ace Capital), ඇන්ජලෝ මැතිව්ස් (Colts), නිරෝෂන් දික්වැල්ල (කඩුලු රකින්නා – NCC),  ශාලිත් ප්‍රනාන්දු (Panadura), සසිඳු මල්ශාන් (SSC), සඳුන් වීරක්කොඩි (කඩුලු රකින්නා – Tamil Union), චාමික කරුණාරත්න (NCC), කවිශ්ක අංජුල (Colts), ඉසිත විජේසුන්දර (Bloomfield), අසංක මනෝජ් (Tamil Union), අක්මල් ෆස්ලි (SSC), දුශ්මන්ත චමීර (NCC), ජෙෆ්රි වැන්ඩර්සේ (Bloomfield), නිමේෂ් විමුක්ති Panadura), තරිඳු රත්නායක (Tamil Union) සහ මර්වින් අභිනාශ් (BRC).

දඹුල්ල කණ්ඩායම

ධනංජය ද සිල්වා (නායක – CCC), නිශාන් මදුශ්ක (උප නායක සහ කඩුලු රකින්නා – CCC), ලසිත් කෲස්පුල්ලේ (CCC), රොන් චන්ද්‍රගුප්ත (Bloomfield), පවන් රත්නායක (CCC), විශාද් රන්දික (කඩුලු රකින්නා – Police), ප්‍රියමාල් පෙරේරා (Police), සහන් කෝසල (Ace Capital), ශම්මු අශාන් (Ace Capital), සොනාල් දිනූෂ (CCC), දසුන් ශානක (SSC), දිනුර කලුපහන (SSC), අසිත ප්‍රනාන්දු (CCC), විශ්ව ප්‍රනාන්දු (CCC), මොහොමඩ් ශිරාස් (BRC), චමිඳු විජේසිංහ (CCC), ලසිත් ඇඹුල්දෙණිය (NCC), අකිල දනංජය (Colts), දුවිඳු තිලකරත්න (Chilaw Marians) සහ විහස් තෙව්මික (Tamil Union).

අතිරේක සංචිතය

මොහොමඩ් ශමාස් (Tamil Union), ලහිරු දවටගේ (Panadura), මිනෝද් භානුක (CCC), සංතුශ් ගුණතිලක (Ragama), පුලිඳු පෙරේරා (Nugegoda), බිනුර ප්‍රනාන්දු (Ragama), කවික ඩිල්ශාන් (Kurunegala Youth), චනුක ඩිල්ශාන් (Moors), හරීන් රත්නමුදලි (Ragama), ඉම්තියාස් ස්ලාසා (Panadura), අසෙල් සිගේරා (NCC)සහ රනේශ් සිල්වා (කඩුලු රකින්නා – Baduraliya).

තරග කාලසටහන

මාර්තු මස 13 සිට 16 දක්වා

  • ගාල්ල සහ මහනුවර අතර තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.
  • යාපනය සහ කොළඹ අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

මාර්තු මස 20 සහ 23 දක්වා

  • කොළඹ සහ මහනුවර අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.
  • දඹුල්ල සහ ගාල්ල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

මාර්තු මස 27 සිට 30 දක්වා

  • කොළඹ සහ දඹුල්ල අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
  • මහනුවර සහ යාපනය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

අප්‍රේල් මස 03 සිට 06 දක්වා

  • යාපනය සහ ගාල්ල අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.
  • මහනුවර සහ දඹුල්ල අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

අප්‍රේල් මස 20 සිට 23 දක්වා

  • ගාල්ල සහ කොළඹ අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
  • දඹුල්ල සහ යාපනය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

අප්‍රේල් මස 27 සිට 30 දක්වා

  • අවසන් මහා තරගය – කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී.

National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<