ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව වෙනුවෙන් පැවති අවසන් මහා තරගය අද (05) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූයේ මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුත් දඹුලු ක්‍රීඩකයන්ට ජයග්‍රහණය හිමි කර දෙමින්.
ගාල්ල කණ්ඩායම හා සමඟ පැවති මෙම තරගයෙන් දඹුල්ල කණ්ඩායමට ලකුණු 75ක ජයග්‍රහණයක් හිමි වුනා.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 248ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ගාල්ල ක්‍රීඩකයෝ ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 187ක් පමණයි.
ඒ අනුව ලකුණු 61ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ එවර සියලුම දෙනා දැවී ලකුණු 196ක් ලබා ගත්තා.
ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ගාල්ල ක්‍රීඩකයන් ලකුණු 258ක හඹා යන ඉනිමක නිරත වුනා. ඔවුන් තරගයේ තෙවැනි දිනය අවසන් කරන්නේ තම දෙවැනි ඉනිමේ ප්‍රබල පිතිකරුවන් 5 දෙනෙක්ගේ සේවය අහිමිකර ගනිමින් ලකුණු 93ක් පමණක් ලබා ගනිමිනුයි.
ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 165ක් පිටුපස සිට සිව්වැනි දිනය ආරම්භ කළ ගාල්ල ක්‍රීඩකයන්ට අද තම ඉනිමට එකතු කිරීමට හැකි වූයේ ලකුණු 89ක් පමණයි. වනිඳු හසරංගගේ දඟපන්දුවෙන් සහ ලහිරු මධුශංකගේ වේගපන්දුවෙන් අසරණ වූ ගාල්ල කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 182කට සීමා වුනා.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 44කට කඩුලු 5ක් දවා ගත් අතර ඔහු ගාල්ල කණ්ඩායමට එරෙහිව ඉනිම දෙකේ දී ලකුණු 108කට කඩුලු 9ක් දවා ගනිමින් ගාලු කණ්ඩායමේ ප්‍රධාන ප්‍රතිවාදියා බවට පත් වුනා.
ඊට අමතරව ලහිරු සමරකෝන් ගාලු දෙවැනි ඉනිමේ දී ලකුණු 60කට කඩුලු 4ක් දවා ගත් අතර පළමු ඉනිමේ දී ද ලකුණු 42කට දවා ගත් කඩුලු 3ක දක්ෂතාවත් සමගින් ලකුණු 102කට කඩුලු 7ක් දවා ගත්තා.
- ගාලු – දඹුලු ක්‍රීඩකයෝ කරට කර සටනක
- ජාතික සුපර් ලීග් එක්දින සංචිත නම් කරයි
- චමරි අතපත්තුට පාකිස්තානයෙන් ඇරයුමක්!
- සුලෝහිත සංග්‍රාමයේ වැඩි ගෞරවය නාලන්දාවට
ගාලු කණ්ඩායම වෙනුවෙන් පෙර දිනයේ දී නොදැවී ලකුණු 26ක් ලබා සිටි පැතුම් කුමාර අද 6 වැනි කඩුල්ල ලෙසින් පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 36කට දැවී ගියා. නොදැවී ලකුණු 4ක් ලබා ගනිමින් අනෙක් අන්තයෙන් අද දවස ආරම්භ කළ දුනිත් වෙල්ලාලගේ ඉනිම අවසන් වන විට පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා ගනිමින් ගාලු ඉනිමේ දෙවැනි ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුනා.
ඔහු කවිශ්ක අංජුල හා සමඟ එක් වෙමින් 8 වැනි කඩුල්ලට ලකුණු 42ක සබඳතාවක් ගොඩ නැගීමට ද සමත් වුනා. කවිශ්ක අංජුල පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 27ක් ලබා ගත්තා.
ගාලු ඉනිමේ අනෙක් පිතිකරුවන් වූ සුමින්ද ලක්ෂාන් (0) මොහොමඩ් ශිරාෂ් (2) සහ අසංක මනෝජ් (0) අඩු ලකුණුවලට සීමා කිරීමට දඹුලු පන්දු යවන්නෝ සමත් වුනා.
- දඹුල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 248 (72.1) අභිෂේක් ලියනාරච්චි 54, පවන් රත්නායක 31, සනෝජ් දර්ශික 37, මිනෝද් භානුක 50, දුශාන් හේමන්ත නොදැවී 27, කවිශ්ක අංජුල 2/38, දුනිත් වෙල්ලාලගේ 5/58
- ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 187 (53.2) පැතුම් කුමාර 78, සුමින්ද ලක්ෂාන් 41, කවිශ්ක අංජුල 26, ලහිරු සමරකෝන් 3/42, වනිඳු හසරංග 4/64, සොනාල් දිනූෂ 2/32
- දඹුල්ල – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 196 (71.2) සොනාල් දිනූෂ 59, අශාන් ප්රියංජන් 39, රනිත ලියනාරච්චි 45, මොහොමඩ් ශිරාෂ් 5/52, අසංක මනෝජ් 2/40
- ගාල්ල – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 182 (47.3) පසිඳු සූරියබණ්ඩාර 19, පැතුම් කුමාර 36, දුනිත් වෙල්ලාලගේ නොදැවී 52, කවිශ්ක අංජුල 27, ලහිරු සමරකෝන් 4/60, වනිඳු හසරංග 5/44
- තරගාවලියේ දක්ෂතම පිතිකරු – අහන් වික්‍රමසිංහ (මහනුවර කණ්ඩායම)
- තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – ශෂික දුල්ශාන් (යාපනය කණ්ඩායම)
- තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – රමේෂ් මෙන්ඩිස් (ගාල්ල කණ්ඩායම)
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Abishek Liyanarachchi | c Sohan de Livera b Suminda Lakshan | 54 | 75 | 7 | 1 | 72.00 |
Sonal Dinusha | c Sohan de Livera b Kavishka Anjula | 0 | 9 | 0 | 0 | 0.00 |
Pavan Rathnayake | c Sohan de Livera b Kavishka Anjula | 31 | 59 | 5 | 0 | 52.54 |
Sanoj Darshika | c Mohammad Shiraz b Dunith Wellalage | 37 | 86 | 5 | 0 | 43.02 |
Minod Bhanuka | run out (Lakshan Edirisinghe) | 50 | 84 | 8 | 0 | 59.52 |
Ashan Priyanjan | c Suminda Lakshan b Dunith Wellalage | 0 | 1 | 0 | 0 | 0.00 |
Wanindu Hasaranga | c Suminda Lakshan b Dunith Wellalage | 15 | 28 | 2 | 0 | 53.57 |
Dushan Hemantha | not out | 27 | 59 | 3 | 0 | 45.76 |
Ranitha Liyanarachchi | c Suminda Lakshan b Dunith Wellalage | 1 | 2 | 0 | 0 | 50.00 |
Chamindu Wijesinghe | st Sohan de Livera b Dunith Wellalage | 15 | 24 | 1 | 1 | 62.50 |
Lahiru Samarakoon | c Mohammad Shiraz b Sangeeth Cooray | 3 | 10 | 0 | 0 | 30.00 |
Extras | 15 (b 6 , lb 3 , nb 4, w 2, pen 0) |
Total | 248/10 (72.1 Overs, RR: 3.44) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kavishka Anjula | 14 | 1 | 38 | 2 | 2.71 | |
Mohammad Shiraz | 13 | 4 | 42 | 0 | 3.23 | |
Dunith Wellalage | 17 | 4 | 58 | 5 | 3.41 | |
Asanka Manoj | 12 | 1 | 43 | 0 | 3.58 | |
Suminda Lakshan | 10 | 3 | 35 | 1 | 3.50 | |
Sangeeth Cooray | 6.1 | 0 | 23 | 1 | 3.77 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sohan de Livera | c Minod Bhanuka b Lahiru Samarakoon | 7 | 13 | 1 | 0 | 53.85 |
Sangeeth Cooray | c Sonal Dinusha b Wanindu Hasaranga | 2 | 10 | 0 | 0 | 20.00 |
Lakshan Edirisinghe | lbw b Wanindu Hasaranga | 4 | 7 | 0 | 0 | 57.14 |
Hashan Dumindu | c Wanindu Hasaranga b Lahiru Samarakoon | 9 | 20 | 1 | 0 | 45.00 |
Dunith Wellalage | b Ashan Priyanjan | 3 | 5 | 0 | 0 | 60.00 |
Pasindu Sooriyabandara | b Lahiru Samarakoon | 10 | 19 | 2 | 0 | 52.63 |
Pathum Kumara | c Minod Bhanuka b Sonal Dinusha | 78 | 120 | 5 | 1 | 65.00 |
Suminda Lakshan | lbw b Sonal Dinusha | 41 | 60 | 3 | 0 | 68.33 |
Kavishka Anjula | b Wanindu Hasaranga | 26 | 53 | 2 | 0 | 49.06 |
Mohammad Shiraz | not out | 2 | 11 | 0 | 0 | 18.18 |
Asanka Manoj | lbw b Wanindu Hasaranga | 1 | 4 | 0 | 0 | 25.00 |
Extras | 4 (b 0 , lb 1 , nb 2, w 1, pen 0) |
Total | 187/10 (53.2 Overs, RR: 3.51) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lahiru Samarakoon | 9 | 1 | 42 | 3 | 4.67 | |
Ashan Priyanjan | 15 | 2 | 37 | 1 | 2.47 | |
Wanindu Hasaranga | 17.2 | 1 | 64 | 4 | 3.72 | |
Sonal Dinusha | 10 | 0 | 32 | 2 | 3.20 | |
Dushan Hemantha | 2 | 0 | 11 | 0 | 5.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Abishek Liyanarachchi | run out (Heshan Hettiarchchi) | 6 | 11 | 1 | 0 | 54.55 |
Sonal Dinusha | c Pasindu Sooriyabandara b Asanka Manoj | 59 | 196 | 7 | 0 | 30.10 |
Pavan Rathnayake | lbw b Mohammad Shiraz | 4 | 3 | 1 | 0 | 133.33 |
Sanoj Darshika | c Pathum Kumara b Mohammad Shiraz | 10 | 25 | 2 | 0 | 40.00 |
Minod Bhanuka | c Hashan Dumindu b Sangeeth Cooray | 11 | 9 | 2 | 0 | 122.22 |
Ashan Priyanjan | c Sohan de Livera b Mohammad Shiraz | 39 | 91 | 6 | 0 | 42.86 |
Wanindu Hasaranga | c Hashan Dumindu b Asanka Manoj | 0 | 3 | 0 | 0 | 0.00 |
Dushan Hemantha | c Sohan de Livera b Mohammad Shiraz | 3 | 13 | 0 | 0 | 23.08 |
Chamindu Wijesinghe | c Sohan de Livera b Mohammad Shiraz | 0 | 10 | 0 | 0 | 0.00 |
Ranitha Liyanarachchi | b Suminda Lakshan | 45 | 58 | 3 | 2 | 77.59 |
Lahiru Samarakoon | not out | 10 | 13 | 0 | 0 | 76.92 |
Extras | 9 (b 1 , lb 2 , nb 4, w 2, pen 0) |
Total | 196/10 (71.2 Overs, RR: 2.75) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kavishka Anjula | 8 | 2 | 28 | 0 | 3.50 | |
Mohammad Shiraz | 24 | 4 | 52 | 5 | 2.17 | |
Sangeeth Cooray | 11 | 3 | 28 | 1 | 2.55 | |
Suminda Lakshan | 5.2 | 0 | 20 | 1 | 3.85 | |
Asanka Manoj | 16 | 3 | 40 | 2 | 2.50 | |
Dunith Wellalage | 7 | 0 | 25 | 0 | 3.57 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sohan de Livera | c Wanindu Hasaranga b Lahiru Samarakoon | 17 | 17 | 2 | 1 | 100.00 |
Sangeeth Cooray | c Minod Bhanuka b Lahiru Samarakoon | 5 | 7 | 0 | 0 | 71.43 |
Lakshan Edirisinghe | c Sonal Dinusha b Ashan Priyanjan | 1 | 10 | 0 | 0 | 10.00 |
Pasindu Sooriyabandara | b Wanindu Hasaranga | 19 | 19 | 2 | 0 | 100.00 |
Hashan Dumindu | lbw b Lahiru Samarakoon | 11 | 34 | 0 | 0 | 32.35 |
Pathum Kumara | c Abishek Liyanarachchi b Wanindu Hasaranga | 36 | 64 | 6 | 0 | 56.25 |
Dunith Wellalage | not out | 52 | 79 | 5 | 0 | 65.82 |
Suminda Lakshan | c Wanindu Hasaranga b Lahiru Samarakoon | 0 | 3 | 0 | 0 | 0.00 |
Kavishka Anjula | lbw b Wanindu Hasaranga | 27 | 36 | 2 | 1 | 75.00 |
Mohammad Shiraz | lbw b Wanindu Hasaranga | 2 | 15 | 0 | 0 | 13.33 |
Asanka Manoj | b Wanindu Hasaranga | 0 | 4 | 0 | 0 | 0.00 |
Extras | 12 (b 1 , lb 7 , nb 3, w 1, pen 0) |
Total | 182/10 (47.3 Overs, RR: 3.83) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lahiru Samarakoon | 12 | 0 | 60 | 4 | 5.00 | |
Ashan Priyanjan | 13 | 4 | 42 | 1 | 3.23 | |
Wanindu Hasaranga | 15.3 | 2 | 44 | 5 | 2.88 | |
Ranitha Liyanarachchi | 2 | 0 | 10 | 0 | 5.00 | |
Chamindu Wijesinghe | 3 | 1 | 6 | 0 | 2.00 | |
Sonal Dinusha | 2 | 0 | 11 | 0 | 5.50 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<