ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (01) නිමා වූ තරගවල දී ගාල්ල කණ්ඩායම නියෝජනය කළ දිනේෂ් චන්දිමාල් සහ පසිඳු සූරියබණ්ඩාර එක් ව මහනුවර කණ්ඩායමට එරෙහි ව ද්විත්ව ශතක සබඳතාවක් වාර්තා කළා.
ගාල්ල සහ මහනුවර
පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මහනුවර නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ කඩුලු 5ක් පමණක් අහිමි කර ගනිමින් ලකුණු 268ක් ලබා ගත්තා.
එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් පන්දු 146කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 111ක් ලබා ගත්තා. ඊට අමතර ව පසිඳු සූරියබණ්ඩාර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 98ක්. ශතකය අහිමි වූ එම ඉනිම වෙනුවෙන් පසිඳු පන්දු 104ක් වැය කර තිබූ අතර හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් ඊට ඇතුළත් වුනා.
ඔවුන් දෙදෙනා එක් ව තෙවැනි කඩුල්ලට පන්දු 224ක දී ලකුණු 189ක සබඳතාවක් එක් කිරීම කැපී පෙනුණා.
ගාලු ඉනිම අවසන් වන විට කණ්ඩායමේ නායක රමේෂ් මෙන්ඩිස් පන්දු 24ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 42ක් ලබා සිටියා. ඔහු දිනේෂ් චන්දිමාල් එක් ව 6 වැනි කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 56ක්. ඒ වෙනුවෙන් ඔවුන් වැය කර තිබුණේ පන්දු 37ක් පමණයි.
කඩුලු ලබා ගැනීමේ දී වනුජ කුමාර කඩුලු 2ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයන්ට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 189ක් පමණයි.
එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තා. ඔහු නිරෝෂන් දික්වැල්ල සමඟ එක් වෙමින් පළමු කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් එක් කළා.
දික්වැල්ල පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා.
කඩුලු ලබා ගැනීමේ දී අසංක මනෝජ් ලකුණු 28කට කඩුලු 4ක් දවා ගත්තා.
- ගාල්ල – කඩුලු 5ක් දැවී 268 (50) දිනේෂ් චන්දිමාල් 111, පසිඳු සූරියබණ්ඩාර 98, රමේෂ් මෙන්ඩිස් නොදැවී 42, වනුජ කුමාර 2/49
- මහනුවර – සියලුම දෙනා දැවී 189 (35.4) නිරෝෂන් දික්වැල්ල 36, ඕෂධ ප්‍රනාන්දු 60, අම්ෂි ද සිල්වා, අකිල ධනංජය 3/27, අසංක මනෝජ් 4/28
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sohan de Livera | lbw b Amshi De Silva | 10 | 16 | 0 | 1 | 62.50 |
Dinesh Chandimal | not out | 111 | 146 | 9 | 2 | 76.03 |
Lakshan Edirisinghe | b Nipun Ransika | 0 | 2 | 0 | 0 | 0.00 |
Pasindu Sooriyabandara | c Niroshan Dickwella b Wanuja Sahan | 98 | 104 | 7 | 4 | 94.23 |
Pathum Kumara | b Thanuka Dabare | 0 | 3 | 0 | 0 | 0.00 |
Dhananjaya Lakshan | c & b Wanuja Sahan | 2 | 5 | 0 | 0 | 40.00 |
Ramesh Mendis | not out | 42 | 24 | 4 | 2 | 175.00 |
Extras | 5 (b 0 , lb 1 , nb 0, w 4, pen 0) |
Total | 268/5 (50 Overs, RR: 5.36) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nipun Ransika | 9 | 1 | 56 | 1 | 6.22 | |
Amshi De Silva | 7 | 0 | 44 | 1 | 6.29 | |
Wanuja Sahan | 10 | 1 | 49 | 2 | 4.90 | |
Sachindu Colombage | 10 | 0 | 48 | 0 | 4.80 | |
Ashian Daniel | 5 | 0 | 25 | 0 | 5.00 | |
Thanuka Dabare | 9 | 0 | 45 | 1 | 5.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Niroshan Dickwella | c Pasindu Sooriyabandara b Dhananjaya Lakshan | 36 | 15 | 4 | 3 | 240.00 |
Oshada Fernando | c Lakshan Edirisinghe b Asanka Manoj | 60 | 71 | 7 | 1 | 84.51 |
Sandun Weerakkody | b Akila Dananjaya | 9 | 10 | 2 | 0 | 90.00 |
Lahiru Udara | c Sohan de Livera b Praveen Jayawickrama | 0 | 1 | 0 | 0 | 0.00 |
Thanuka Dabare | lbw b Akila Dananjaya | 7 | 4 | 0 | 1 | 175.00 |
Ahan Wickramasinghe | lbw b Akila Dananjaya | 0 | 7 | 0 | 0 | 0.00 |
Wanuja Sahan | lbw b Ramesh Mendis | 17 | 33 | 2 | 0 | 51.52 |
Amshi De Silva | c Vishad Randika b Asanka Manoj | 22 | 29 | 3 | 0 | 75.86 |
Ashian Daniel | c Akila Dananjaya b Asanka Manoj | 8 | 25 | 0 | 0 | 32.00 |
Sachindu Colombage | not out | 9 | 14 | 0 | 1 | 64.29 |
Nipun Ransika | c Milan Rathnayake b Asanka Manoj | 4 | 7 | 0 | 0 | 57.14 |
Extras | 17 (b 0 , lb 1 , nb 2, w 14, pen 0) |
Total | 189/10 (35.4 Overs, RR: 5.3) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Milan Rathnayake | 4 | 0 | 53 | 0 | 13.25 | |
Akila Dananjaya | 9 | 2 | 27 | 3 | 3.00 | |
Dhananjaya Lakshan | 2 | 0 | 22 | 1 | 11.00 | |
Praveen Jayawickrama | 9 | 0 | 34 | 1 | 3.78 | |
Ramesh Mendis | 5 | 0 | 24 | 1 | 4.80 | |
Asanka Manoj | 6.4 | 0 | 28 | 4 | 4.38 |
ගාල්ල කණ්ඩායමට ලකුණු 79ක ජයක්.
- දඹුල්ල පෙරමුණ රැක ගනිද්දී කොළඹ ජයග්‍රහණ අතරට
- දඟපන්දුවේ ජැෆ්නා බුලට් එක
- වනිඳුට පළවෙනි තැන අහිමි වෙයි
- අශාන් ප්රියංජන් කොළඹ අසරණ කරයි
- ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන අයිතිය නැවතත් හිටපු සමාගමට
කොළඹ සහ යාපනය
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොළඹ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 231ක් ලබා ගත්තා.
එම ඉනිම වෙනුවෙන් කසුන් අබේරත්න සහ ලහිරු මධුශංක අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙනුණා. කසුන් පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 69ක් ලබා ගනිද්දී ලහිරු පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 72ක් ලබා ගත්තා.
මෙහි දී කසුන් 4 වැනි කඩුල්ල සඳහා ජනිත් ලියනගේ සමඟ එක් වෙමින් පන්දු 87ක දී ලකුණු 59ක සබඳතාවක් ගොඩ නැගීමටත් සහ ලහිරු 8 වැනි කඩුල්ලට දිලුම් සුදීර සමඟ එක් වෙමින් පන්දු 117ක දී ලකුණු 91ක් වාර්තා කිරීමට සමත් වුනා.
ජනිත් පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත් අතර දිලුම් පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 38ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් ලකුණු 35කට කඩුලු 3ක් දවා ගත් අතර දුශාන් විමුක්ති කඩුලු 2ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි අගනුවර ක්‍රීඩකයන්ට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 206ක් පමණයි.
එම ඉනිම වෙනුවෙන් අශේන් බණ්ඩාර පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තා. ඔහු නායක නිපුන් ධනංජය සමඟ එක් වෙමින් 6 වැනි කඩුල්ල සඳහා පන්දු 117ක දී ලකුණු 86ක සබඳතාවක් එක් කළා.
නිපුන් පන්දු 65කට මුහුණ දෙමින් කිසිදු සීමා ලකුණක් නොමැතිව ලකුණු 35ක් වාර්තා කළ අතර ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා.
කඩුලු ලබා ගැනීමේ දී ලහිරු මධුශංක ලකුණු 33කට කඩුලු 4ක් දවා ගත්තා.
- යාපනය – කඩුලු 8ක් දැවී 231 (50) කසුන් අබේරත්න 69, ජනිත් ලියනගේ 20, ලහිරු මධුශංක 72, දිලුම් සුධීර නොදැවී 38, නුවන් ප්‍රදීප් 3/35, දුශාන් විමුක්ති 2/38
- කොළඹ – සියලුම දෙනා දැවී 206 (47.2) අවිශ්ක ප්‍රනාන්දු 38, ලක්ෂිත මනසිංහ 22, අශේන් බණ්ඩාර 60, නිපුන් ධනංජය 35, බිනුර ප්‍රනාන්දු 2/35, ශිරාන් ප්‍රනාන්දු 2/50, ලහිරු මධුශංක 4/33
යාපනය කණ්ඩායමට ලකුණු 25ක ජයක්.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Nishan Madushka | c & b Nuwan Pradeep | 6 | 12 | 1 | 0 | 50.00 |
Navod Paranavithana | b Isitha Dew Wijesundara | 4 | 4 | 0 | 0 | 100.00 |
Kasun Abeyratne | c Danushka Sandaruwan b Dushan Vimukthi | 69 | 79 | 7 | 0 | 87.34 |
Ron Chandraguptha | c Sithara Gimhana b Nuwan Pradeep | 0 | 2 | 0 | 0 | 0.00 |
Janith Liyanage | c & b Prabath Jayasuriya | 20 | 40 | 2 | 0 | 50.00 |
Lahiru Madushanka | c Avisha Fernando b Udith Madushan | 72 | 79 | 5 | 0 | 91.14 |
Ravindu Fernando | lbw b Dushan Vimukthi | 6 | 12 | 1 | 0 | 50.00 |
Dilum Sudeera | not out | 38 | 65 | 2 | 0 | 58.46 |
Shiran Fernando | c Prabath Jayasuriya b Nuwan Pradeep | 8 | 7 | 1 | 0 | 114.29 |
Extras | 8 (b 2 , lb 0 , nb 0, w 6, pen 0) |
Total | 231/8 (50 Overs, RR: 4.62) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nuwan Pradeep | 9 | 0 | 35 | 3 | 3.89 | |
Isitha Dew Wijesundara | 8 | 0 | 39 | 1 | 4.88 | |
Udith Madushan | 7 | 0 | 46 | 1 | 6.57 | |
Prabath Jayasuriya | 10 | 0 | 42 | 1 | 4.20 | |
Sachitha Jayathilake | 10 | 1 | 29 | 0 | 2.90 | |
Dushan Vimukthi | 6 | 0 | 38 | 2 | 6.33 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Avisha Fernando | b Dilum Sudeera | 38 | 34 | 6 | 1 | 111.76 |
Sithara Gimhana | c Dilum Sudeera b Binura Fernando | 0 | 4 | 0 | 0 | 0.00 |
Lakshitha Manasinghe | run out (Kasun Abeyratne) | 22 | 36 | 2 | 0 | 61.11 |
Dushan Vimukthi | c Nishan Madushka b Shiran Fernando | 8 | 30 | 0 | 0 | 26.67 |
Ashen Bandara | c Jeffrey Vandersay b Lahiru Madushanka | 60 | 71 | 3 | 1 | 84.51 |
Nipun Dhananjaya | c Dilum Sudeera b Shiran Fernando | 35 | 65 | 0 | 0 | 53.85 |
Sachitha Jayathilake | c Shiran Fernando b Lahiru Madushanka | 15 | 18 | 1 | 0 | 83.33 |
Isitha Dew Wijesundara | c Nishan Madushka b Lahiru Madushanka | 3 | 6 | 0 | 0 | 50.00 |
Prabath Jayasuriya | b Binura Fernando | 11 | 12 | 1 | 0 | 91.67 |
Udith Madushan | not out | 5 | 5 | 0 | 0 | 100.00 |
Nuwan Pradeep | c Janith Liyanage b Lahiru Madushanka | 1 | 3 | 0 | 0 | 33.33 |
Extras | 8 (b 0 , lb 3 , nb 0, w 5, pen 0) |
Total | 206/10 (47.2 Overs, RR: 4.35) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Binura Fernando | 9 | 0 | 35 | 2 | 3.89 | |
Shiran Fernando | 10 | 0 | 50 | 2 | 5.00 | |
Navod Paranavithana | 10 | 0 | 35 | 0 | 3.50 | |
Dilum Sudeera | 5 | 0 | 22 | 1 | 4.40 | |
Lahiru Madushanka | 7.2 | 0 | 33 | 4 | 4.58 | |
Jeffrey Vandersay | 3 | 0 | 16 | 0 | 5.33 | |
Ravindu Fernando | 3 | 0 | 12 | 0 | 4.00 |
තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<