45 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළට සමගාමීව පැවැත්වෙන හොකී තරගාවලිය දින තුනක් (12, 13, 14) පුරාවට ඇස්ට්‍රෝ ටර්ෆ් හිදී පැවති අතර එහි දී පිරිමි හා කාන්තා අංශ දෙකේම ශූරතා ජයග්‍රහණය කරන්නට මධ්‍යම පළාත් කණ්ඩායම් සමත් වීම විශේෂත්වයකි.
නව පුහුණුකාරිණිය, කණ්ඩායම් නායිකාව සහ උපනායිකාව තරගාවලි ගැන දැක්වූ අදහස්
11 වැනි ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවයේ තෙවැනි ස්ථානය දිනා ගත් ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු………….
ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාවට නම් දරා සිටින මාතලේ හොකී කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙස තරග ආරම්භ කළ දිනයේ සිටම බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබූ අතර මධ්‍යම පළාත් කණ්ඩායම විසින් කාන්තා හා පිරිමි ශූරතා දෙකම තමන් සතුකර ගනිමින් දක්ෂතම ක්‍රීඩකයාට හා ක්‍රීඩිකාවට හිමි සම්මානයන් ද මධ්‍යම පළාතට රැගෙන යාමට සමත් විය.
මෙම හොකී ශූරතාව සඳහා දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ අතර අද (14) පැවැත්වූ අවසන් පූර්ව තරග සඳහා කණ්ඩායම් 8ක් තේරී පත්වී තිබුණි.
පිරිමි අංශයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට බස්නාහිර, වයඹ, මධ්‍යම සහ දකුණු කණ්ඩායම් සමත් වූ අතර දකුණ, නැගෙනහිර, මධ්‍යම සහ බස්නාහිර පළාත් කණ්ඩායම් කාන්තා අංශයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි.
19 වැනි ස්ථානයේ ශ්‍රී ලංකාවෙන් 9 උතුරු අයර්ලන්තයට සටනක්
ජාත්‍යන්තර දැල්පන්දු සම්මේලනය (International Netball Federation) විසින් සංවිධානය කරනු ලබන………..
තරග පැවති අවසන් දිනය වන අද දිනය පස්වරු 01.00ට අරම්භ වූ අතර කාන්තා අවසන් මහා තරගය සඳහා මධ්‍යම පළාත හා බස්නාහිර පළාත සුදුසුකම් ලබා තිබුණි. පලාත් දෙකම කරට කර දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ අතර අවසානයේ දී 6-5ක් වශයෙන් මධ්‍යම පළාතට ජයග්‍රහණය හිමි විය. දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ මධ්‍යම පළාත නියෝජන කළ ජී. ජී. ජී. දමයන්ති විසිනි.
කාන්තා අංශයේ තෙවැනි ස්ථානය තේරීමේ තරගයේ දී නැගෙනහිර පළාත පරාජය කරමින් දකුණු පළාත තරගය ජයග්‍රහණය අතර එම තරගයේ ලකුණු සටහන් දැක්වූයේ 6-2ක් ලෙසයි.
නිව්ස්ටඩ් සහ සාන්ත පීතරයින් ශූරතා දිනයි
2019 බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලිය ඊයේ නිමාවට පත්විය. තරගාවලිය වයස් කාණ්ඩ 5කින්……….
දිනයේ අවසන් තරගය ලෙස පැවති පිරිමි අවසන් මහා තරගයේ දී මධ්‍යම පළාත හා දකුණු පළාත තරග වැදුණු අතර විශිෂ්ට තරගයකින් අනතුරුව මධ්‍යම පළාත විසින් ශූරතාව දිනා ගැනීමට සමත් විය.
තරගයේ අරම්භයේ පටන්ම ප්‍රවේගකාරී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ මධ්‍යම පළාත් ක්‍රීඩකයන් දකුණු කණ්ඩායමට, තරගය ඔවුන් සතු කර ගැනීමට කිසිදු ඉඩක් ලබා නොදුන් අතර අවසානයේ දී මධ්‍යම පළාත් ක්‍රීඩකයන් විසින් ලකුණු 8-1ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් විය. මධ්‍යම පළාත් කණ්ඩායම නියෝජනය කළ ආර්. රජීව කුලතුංග තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගන්නා ලදි.
පිරිමි අංශයේ තෙවැනි ස්ථානය ජයග්‍රහණය කරනු ලැබුවේ බස්නාහිර පළාත් කණ්ඩායම විසිනි. ඔවුන් හමුවේ 3-2ක් ලෙස පරාජය වූයේ වයඹ පළාත් කණ්ඩායමයි.
පළමු ස්ථානය
- මධ්‍යම පලාත – (පිරිමි)
- මධ්‍යම පලාත – (කාන්තා)
දෙවන ස්ථානය
- දකුණු පලාත – (පිරිමි)
- බස්නාහිර පලාත් – (කාන්තා)
තෙවැනි ස්ථානය
- බස්නාහිර පලාත – (පිරිමි)
- දකුණු පලාත් – (කාන්තා)
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<