2023 වසරේ කාන්තා දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු සංචිතය විසින් එක්දින වැඩසටහනක් මාලඹේ මරියා වැඩිහිටි නිවාසයේ දී සාර්ථකව පවත්වා අවසන් කරන්නට සමත් වුනා.
මෙම වැඩිහිටි නිවාසය වයසක අම්මාවරුන් 12 දෙනෙකු සහ අත්උදව්කරුවන් දෙදෙනෙකුගෙන් සමන්විත වූ අතර පෝෂ්‍යදායක ආහාර වේලක් ලබා දීම, ඔවුන්ගේ ජීවන තත්වය වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ මුවගට සිනහව සතුට රැගෙන එමින් මෙවර කාන්තා දිනය අමරණීය මතකයන් රැසකින් සමන්විත දිනයක් බවට පත් කිරීම මෙම වැඩසටහනේ ඒකායන අපේක්ෂාව වුනා. දැල්පන්දු සංචිතය විසින් ඔවුන්ට දිනපතා අවැසි වන අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් ද ලබා දීමට හැකි වී තිබුණා.
- ලෝක කුසලාන මූලික දැල්පන්දු සංචිතයෙන් 16ක් ඉදිරියට
- තර්ජනී සිවලිංගම් City West Falcons කණ්ඩායමට
- ලෝක කුසලානයට යන දැල්පන්දු මූලික සංචිතය නම් කරයි
මෙම වැඩසටහන සංවිධානය කිරීම තුලින් අපේක්ෂා කෙරුණේ,
– ඔවුන්ගේ දිවියේ අවසානය දක්වා ප්‍රීතිමත් සහ සාමකාමී ජීවිතයක් ගත කිරීම සඳහා අවැසි ප්‍රසන්න වාතාවරණයක් තුළ වැඩිහිටියන් ගැන උපරිම සැලකිල්ලෙන් සහ සංවේදනයකින් බලා ගැනීමට අවැසි වටපිටාව නිර්මාණය.
– සමාජ හුදකලාව ජය ගැනීම සඳහා මිත්‍රත්වය සහ චිත්තවේගීය සහයෝගය ලබා දීම.
– මරියා නිවසේ සිටින වැඩිහිටි මව්වරුන් සඳහා ඇඳුම් පැලඳුම් සහ අනෙකුත් අවශ්‍යතා ලබා දෙමින් ප්‍රමාණවත් පෝෂණයක් සහතික කිරීම සඳහා සහය වීම.
මෙම වැඩසටහන සඳහා වූ සියලු වියදම් දරණු ලැබුවේ ජාතික සංචිතයේ සිටින ක්‍රීඩිකාවන් විසිනුයි.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<