ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය සහ ලෝක මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ දෙවන වටයේ තරග අද (01) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

වැඩි දස්කම් සබරෙන්

තරගාවලියේ පළමු දිනයේ දී යුධ හමුදා සහ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් වැඩි දක්ෂතා දැක ගැනීමට හැකි වූ අතර පිරිමි රිටි පැනීම සහ පිරිමි යගුලිය විසි කිරීම යන ඉසව්වලින් නව ශ්‍රී ලංකා වාර්තා ද කාන්තා රිටි පැනීම ඉසව්වෙන් වාර්තා සම කිරීමක් ද අද දිනයේ දී වාර්තා විය.

රිටි පැනීමේ පිරිමි අංශයේ නව වාර්තාවට හිමිකම් කියන්නට සමත් වූයේ ගුවන් හමුදාව නියෝජනය කළ එම්. එච්. අයි. සඳරුවන් ය. ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 5.11ක්. එම ඉසව්වේ ම දෙවන තැන හිමි කර ගැනීමට සමත් වූයේ, මීටර් 4.40ක දක්ෂතාවයක් දැක්වූ යුධ හමුදා ක්‍රීඩක එච්. ඩී. චින්තක දිනේෂ් ය.

පිරිමි යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට Lanka Lions ක්‍රීඩා සමාජයේ චරිත් කපුකොටුව සමත් විය. ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 17.55ක්. එම ඉසව්වේ ම දෙවන තැන මීටර් 15.43ක දක්ෂතාවක් දැක්වූ නාවික ක්‍රීඩක ඒ.‍ ජේ. ඩී. පෙරේරා හට හිමි විය.

කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරන්නට පෙර වාර්තාවට හිමිකම් කී ජේ. අනිතා සමත් විය. ඇය දැක්වූ දක්ෂතාව මීටර 3.46ක්. ඇයට දෙවැනි වූයේ ගුවන් හමුදාව නියෝජනය කළ කේ. ඒ. සී. කේ. කොඩිතුවක්කු ක්‍රීඩිකාවයි.

මීටර් 100 කාන්තා අංශයේ අංක 1 ස්ථානයේ සිටි අචලා ඩයස් හට මෙම තරගාවලියේ තරග වැදීමට මලල ක්‍රීඩා සංගමය විසින් ඉඩ ලබා දුන්නේ නැත. ඇය මීට පෙර තහනම් උත්තේජක චෝදනාවක් හේතුවෙන් තරග තහනමකට ද ලක්ව සිටි ක්‍රීඩිකාවකි.

ඇය කියා සිටින්නේ ඇයගේ තරග තහනම මේ වන විට අවසන් බවත් අද දිනයේ දී අංක 382 යටතේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දුන්නත් ධාවන පථයට යන විට මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් විසින් තරග වැදීමට අවස්ථාව ලබා නොදුන් බවයි.

පිරිමි අංශයේ ප්‍රථම දිනයේ සමස්ත ප්‍රතිඵල

මීටර් 100

ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සම‍ාජය දක්ෂතාවය
එම්. වී. එස්. ද සිල්වා ගාල්ල DAA තත්පර 10.32
ඒ. එල්. එම්. අෂ්රෆ් යුධ හමුදාව තත්පර 10.58
ෂෙහාන් අඹේපිටිය යුධ හමුදාව තත්පර 10.65

මීටර් 400

ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සම‍ාජය දක්ෂතාවය
එම්. ජී. ඒ. ප්‍රේමකුමාර යුධ හමුදාව තත්පර 46.66
එච්. එම්. දිලිප් කුමාර යුධ හමුදාව තත්පර 46.81
ආර්. පී. ඒ. ඩී. ප්‍රදීප් කුමාර යුධ හමුදාව තත්පර 47.24

මීටර් 800

ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සම‍ාජය දක්ෂතාවය
එච්. එම්. අයි. ජී. ඉඳුනිල් හේරත් යුධ හමුදාව විනාඩි 1:49.21
එච් . ඒ. කුමාර යුධ හමුදාව විනාඩි 1:51.12
එච්. කේ. ටී. ෆොන්සේකා යුධ හමුදාව විනාඩි 1:51.85

මීටර් 400 කඩුලු මතින් දිවීම

ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සම‍ාජය දක්ෂතාවය
ඒ. එල්. ඒ. අයි. රණසිංහ ගුවන් හමුදාව තත්පර 51.57
එස්. අරවින්ද චතුරංග යුධ හමුදාව තත්පර 51.83
පී. එම්. පී. එල්. කොඩිකාර ශ්‍රී ලංකා පාසල් තත්පර 53.72

මීටර් 1500

ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සම‍ාජය දක්ෂතාවය
ආර්. ඒ. සංජීව ලක්මාල් යුධ හමුදාව විනාඩි 3:54.05
ජී. ආර්. චතුරංග යුධ හමුදාව විනාඩි 3:54.82
එච්. කේ. පී. කුමාර යුධ හමුදාව විනාඩි 3:57.84

මීටර් 3000

ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සම‍ාජය දක්ෂතාවය
ආර්. එම්. එස්.පුෂ්පකුමාර යුධ හමුදාව විනාඩි 9:07.33
ඩි. ජී. ජේ. විජේනායක යුධ හමුදාව විනාඩි 9:21.29
එච්. එම්. ඊ. යු. බී. හේරත් යුධ හමුදාව විනාඩි 9:30.18

මීටර් 10000

ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සම‍ාජය දක්ෂතාවය
ආර්. ඒ. පී. ඩී. අනුරසිරි නාවික හමුදාව විනාඩි 33:44.61
කේ. ඒ. එස්. රත්නායක යුධ හමුදාව විනාඩි 31:56.16
මහේෂ් ගුණතිලක විනාඩි 31:57.71

කවපෙත්ත විසිකිරීම

ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සම‍ාජය දක්ෂතාවය
චරිත් කපුකොටුව Lanka Lions SC මීටර් 49.91
ඊසෙඩ්. ටී. එම්. ආසික් යුධ හමුදාව මීටර් 42.28
එච්. එම්. පී. ඒ. ඩී. ඒ. රත්නායක ගුවන් හමුදාව මීටර් 40.76

දුර පැනීම

ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සම‍ාජය දක්ෂතාවය
ඩී. එම්. ලියනපතිරණ ගුවන් හමුදාව මීටර් 7.89
එම්. අයි. එම්. මිෆ්රාන් යුධ හමුදාව මීටර් 7.65
ස්රීෂාන් ධනංජය යුධ හමුදාව මීටර් 7.57

රිටි පැනීම

ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සම‍ාජය දක්ෂතාවය
එම්. එච්. අයි. සදරුවන් ගුවන් හමුදාව මීටර් 5.11
එච්. ඩී. චින්තක දිනේෂ් යුධ හමුදාව මීටර් 4.40
කේ. ඒ. සී. පී. සෙනරත්න යුධ හමුදාව මීටර් 4.30

යගුලිය විසිකිරීම

ක්‍රීඩකයාගේ නම ක්‍රීඩා සම‍ාජය දක්ෂතාවය
චරිත් කපුකොටුව Lanka Lions SC මීටර් 17.55
ඒ. ජේ. ඩී. පෙරේරා නාවික හමුදාව මීටර් 15.43
සමිත ජයවර්ධන යුධ හමුදාව මීටර් 15.24

කාන්තා අංශයේ පළමු දිනයේ සමස්ත ප්‍රතිඵල

මීටර් 100

ක්‍රීඩිකාව‍ගේ නම ක්‍රීඩා සම‍ාජය දක්ෂතාවය
ආර්. එම්. ආර්. රත්නායක කෑගල්ල DAA තත්පර 11.74
ඩබ්ලිව්. වී. එල්. සුගන්දි යුධ හමුදාව තත්පර 12.29
එස්. එල්. විදානදුරුගේ ගුවන් හමුදාව තත්පර 12.29

මීටර් 400

ක්‍රීඩිකාව‍ගේ නම ක්‍රීඩා සම‍ාජය දක්ෂතාවය
ඩී. ජී. එන්. මධුෂිකා ගුවන් හමුදාව තත්පර 54.16
ඊ. ඩබ්ලිව්. යූ. රත්නකුමාරි යුධ හමුදාව තත්පර 54.53
ආර්. නදීශා යුධ හමුදාව තත්පර 55.68

මීටර් 400 කඩුලු මතින් දිවීම

ක්‍රීඩිකාව‍ගේ නම ක්‍රීඩා සම‍ාජය දක්ෂතාවය
ටී. ජී. ඒන්. ඩී. වික්‍රමසිංහ යුධ හමුදාව විනාඩි 1:00.33
ඊ. කේ. මධුෂානි යුධ හමුදාව විනාඩි 1:00.76
එන්. ඒ. ඩී. එම්. ලක්මාලි ගුවන් හමුදාව විනාඩි 1:00.81

මීටර් 1500

ක්‍රීඩිකාව‍ගේ නම ක්‍රීඩා සම‍ාජය දක්ෂතාවය
ජී. ටී. ඒ. අඹේරත්න නාවික හමුදාව විනාඩි 4:22.75

මීටර් 5000

ක්‍රීඩිකාව‍ගේ නම ක්‍රීඩා සම‍ාජය දක්ෂතාවය
යූ. කේ. එන්. රත්නායක යුධ හමුදාව විනාඩි 16:32.98
එච්. එම්. එන්. නන්දසේන යුධ හමුදාව විනාඩි 17:36.90
වයි. එම්. අයි. ඩී. ඩී. කුමාරි යුධ හමුදාව විනාඩි 18:06.90

කවපෙත්ත විසි කිරීම

ක්‍රීඩිකාව‍ගේ නම ක්‍රීඩා සම‍ාජය දක්ෂතාවය
ඒ. ඊ. ද සිල්වා Lanka Lions SC මීටර් 44.16
ඊ. පී. නිල්මිණී යුධ හමුදාව මීටර් 33.54

රිටි පැනීම

ක්‍රීඩිකාව‍ගේ නම ක්‍රීඩා සම‍ාජය දක්ෂතාවය
ජේ. අනිත්තා යාපනය මීටර් 3.46
කේ. ඒ. සී. කේ. කොඩිතුවක්කු ගුවන් හමුදාව මීටර් 3.00
කේ. එල්. එස්. කෞෂල්‍යා පෙරේරා මීටර් 3.00

හෙල්ල විසිකිරීම

ක්‍රීඩිකාව‍ගේ නම ක්‍රීඩා සම‍ාජය දක්ෂතාවය
එච්. එල්. එන්. ඩී. ලේකම්ගේ යුධ හමුදාව මීටර් 56.30
කේ. ඒ. එම්. පී. සිල්වා නාවික හමුදාව මීටර් 47.98

දුර පැනීම

ක්‍රීඩිකාව‍ගේ නම ක්‍රීඩා සම‍ාජය දක්ෂතාවය
අංජානි පුල්වන්ස මීටර් 5.95
කේ. කේ. රිද්මා නිෂාදි ශ්‍රී ලංකා පාසල් මීටර් 5.85
ඩී. වී. සී. එම්. තිලකරත්න ගුවන් හමුදාව මීටර් 5.72

අද (01) පැවති මෙම තරගාවලියට පැමිණි ප්‍රවීණ මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසා සිටියේ, වර්තමාන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපවීමට අතීතය සමඟ සසඳා බලන විට ඉතා අඩු මට්ටමක පවතින බවයි.

“දැන් ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපවීම හරි අඩුයි. අතීතයේ අ‍පිත් එක්ක ක්‍රීඩා කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොඩක් කැප කිරීම් කළා. පුහුණුවීම් කළේ රටේ නම් දැරූ පරිණත පුහුණුකරුවන් සමඟ. ඒ පුහුණුව අපි කළේ කැපවීමෙන්. ඒ නිසා එදා ජාත්‍යන්තර තරග රැසකට අපි විශාල කණ්ඩායමක් සහභාගී වුනා. ඉතිං මට තියෙන අත්දැකීම් එක්ක කෙටිදුර ඉසව් හෝ පාසල් ක්‍රීඩා හෝ ගත්තත් ඒ පුහුණුකරුවන් ක්‍රීඩකයින් දිහා බලද්දි අද දවසේ ක්‍රීඩාව ගැන මට තියෙන අවබෝධය මදී. ඉතිං මම දර්ශා ශ්‍රියාණි මේ මාතෘ භූමියට ගෙනා ගෞරවය ගේන්න මේ දරුවන්ට හරි වටිනාකමක්, මඟක් තියේ ද කියන එක ප්‍රශ්නයක්. එ්ත් අතහරින්නේ නැහැ ඒ සඳහා අපිත් මහන්සි වෙනවා.”

හෙට (02) තරගාවලියේ දෙවන දිනයයි

තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට