නිව්මෝනියා (Pneumonia) තත්වයක් ඇති වීම නිසාවෙන් පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Naseem Shah රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.
අඟහරුවාදා (27) රාත්‍රියේ දී ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර ඔහුට එංගලන්තය සමඟ පැවැත්වෙන ඉතිරි තරග අහිමි වීමේ අවදානමක් ද මතුව තිබෙනවා.
“Naseem Shahගේ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් පසුව ඉතිරි තරග සඳහා ඔහුගේ සහභාගීත්වය ගැන තීරණයක් ගන්නවා,” යැයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.
- ශ්‍රී ලාංකික පා දඟපන්දු යවන්නෙක්ට BBL වරම්
- ආණ්ඩුකාර කුසලානය United Southern කණ්ඩායමට
- ආණ්ඩුකාර කුසලාන අවසන් සටනට යුනයිටඩ් සදර්න් සහ ලියෝ සුදුසුකම් ලබයි
- නිශාන් සහ පබසර සුවිශේෂී කඩඉම්වලට
එංගලන්තය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියෙන් පසුව බංග්ලාදේශය සහ නවසීලන්තය සමඟ තුන්කොන් තරගාවලියක් සඳහා පාකිස්තාන කණ්ඩායම නවසීලන්තයට පිටත්ව යාමට නියමිතයි.
එම තරගාවලියෙන් පසුව ඔවුන් ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට පිටත්ව යාමට නියමිත අතර ලෝක කුසලානය ආරම්භ කරමින් ඔවුන් ඔක්තෝබර් 23 වැනිදා ඉන්දියාව සමඟ තරග වැදීමට නියමිතයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<