හිටපු ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නාමල් රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ හිටපු පුහුණුකරුවෙකු වන රොනී ඊබ්‍රහම් හා ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ පුහුණුකාරිණිය වන ඉනෝශි ප්‍රියංගි මහත්මිය ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ කාන්තා රග්බි කණ්ඩායමේ පුහුණු කටයුතුවලට සහය දීම පිණිස ජම්මු කාශ්මීර් රාජ්‍යයට පිටව ගොස් ඇත.
රන්ජන්ගේ උත්සාහය අපතේ හරිමින් ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට
පිට පිට තෙවන තරගයේ ද ආරම්භක මිනිත්තු කිහිපයේ දී ධනුෂ්ක රන්ජන් උත්සාහක දිනුමක් …
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ ආදී සිසුවෙක් වන නාමල් රාජපක්ෂ මහතා නාවික හමුදා ක්‍රීඩා සමාජයේ රග්බි කණ්ඩායම ද නියෝජනය කරන ලදි. අනතුරුව ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්විය. නාමල් රාජපක්ෂ, CH & FC රග්බි කණ්ඩායම් නායක යෝෂිත රාජපක්ෂ, රොනී ඊබ්‍රහම් හා ඉනෝශි ප්‍රියංගි කාශ්මීර් ප්‍රදේශයේ කාන්තා රග්බි කණ්ඩායමට පුහුණු කඳවුරක් පැවැත්වීම වෙනුවෙන් එහි පිටව ගොස් ඇති අතර එම පුහුණු කඳවුර හෙට (21) දිනයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
“පුහුණු සැසිවල වටිනාකම අපි හොඳින් දන්නවා. කාශ්මීරයේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එම රටේ ප්‍රතිසංවිධානය හා නායකත්වය ගොඩ නැංවීම සඳහා ක්‍රීඩාවට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකියි.” යැයි නාමල් රාජපක්ෂ මහතා මේ පිළිබඳව සිය අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
ජම්බු කාශ්මීර් කාන්තා රග්බි කණ්ඩායම ග්ලුමාර්ග් හි පැවති 3 වන ජාතික හිම රග්බි ශූරතාවයේ ජය සමරමින් – ScoopWhoop.com
ජම්මු කාෂ්මීර් ප්‍රදේශයේ සමාජය තුළ කාන්තා රග්බි ක්‍රීඩාව පිළිබඳ එතරම් යහපත් ආකල්පයක් නොමැති අතර එම ආකල්ප යම් ආකාරයකින් වෙනස් කිරීම ද මේ පුහුණු සැසියේ එක් අරමුණකි.
“මෙහි යම් යම් අපහසුතා අපිට තිබෙනවා, අපට මෙහි යාමට ඒමට පවා අපහසුයි. නමුත් අපේ රග්බි සිහිනය සැබෑ කර ගනු පිණිස අපේ කණ්ඩායම මේ වටිනා පුහුණු සැසියට සහභාගී වෙනවා.” යනුවෙන් එම කාන්තා රග්බි කණ්ඩායමේ ක්‍රීඩිකාවක් පැවසීය.
ඉන්දියාවේ කාන්තා රග්බි ක්‍රීඩාව තවමත් සංවර්ධනය වෙමින් පවතින අතර රග්බි ක්‍රීඩාව ඔවුන්ගේ ක්‍රීඩා පද්ධතියට තවමත් අවශෝෂණය වෙමින් පවතී. ආසියානු රග්බි තරගාවලියට සමගාමීව පැවැත්වෙන පළමු පෙළ කාන්තා රග්බි තරගාවලියට සහභාගි වූ ඉන්දියානු කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩායම එහි අනුශූරයන් බවට පත්ව ඇත.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<