නදීශාට හය වෙනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු වෙයි

The 2nd Belt and Road Invitational Athletics Meet 2024

85
Nadeesha Lekamge

චීනයේ පැවැත්වෙන The 2nd Belt and Road ආරාධිත මලල ක්‍රීඩා ශුරතාවලියේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගී වූ නදීශා ලේකම්ගේට ඉසව්වේ හය වැනි ස්ථානය හිමි වුනා. 

ඊයේ (29) දිනයේ පැවැත්වුණු මෙම තරගයේ දී නදීශා විසින් දැක්වූ ඉහළම දක්ෂතාව මීටර් 53.41ක් ලෙස සටහන් වුනා. 

මෙය ඇගේ පෞද්ගලික හොඳම දක්ෂතා අසලට ළඟා නොවූ අවාසනාවන්ත අවස්ථාවක් නිසාම ඇයට ඉසව්වේ පළමු තිදෙනා අතරට පැමිණීමට හැකියාවක් ලැබුණේ නැහැ. 

එමෙන්ම පිරිමි මීටර් 200 ඉසව්වේ අවසන් තරගයට සහභාගී වීමට නියමිතව සිටි අරුණ දර්ශනට ද ඊයේ එම තරගයට සහභාගී වීමට නොහැකි වුනා.  

තරගාවලියේ ශ්‍රී ලාංකික දක්ෂතා පිළිබඳ ව උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<