නදීශාගේ සිහින බොඳ වෙයි

Paris Olympics 2024

2
Paris Olympics 2024

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ අවසන් ශ්‍රී ලාංකේය නියෝජනය වූ නදීශා ලේකම්ගේ අද (07) කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ මූලික වටයට සහභාගී වුනා.

මෙම ඉසව්වේ A කාණ්ඩය යටතේ තරග බිමට පිවිසි නදීශා විසින් සිය පළමු උත්සාහයේ දී මීටර් 53.66ක දුරක් හෙල්ල විසි කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් ඇයගේ දෙවැනි උත්සාහය අසාර්ථක වූ අතර නැවතත් තෙවැනි උත්සාහයේ දී මීටර් 53.24ක දුරක් හෙල්ල විසි කිරීමට ඇයට හැකි වුනා.

ඒ අනුව අද (07) දිනයේ ඇයගේ හොඳම දක්ෂතාව ලෙස මීටර් 53.66ක් සටහන් වූ අතර, ඇයට ඉසව්වට සහභාගී වූ ක්‍රීඩිකාවන් අතුරින් හිමි වුනේ අවසන් (16) ස්ථානයයි.

අද දිනයේ දී සමස්ත වශයෙන් ඉසව්වට සහභාගී වූ ක්‍රීඩිකාවන් 32 අතුරින් නදීශාට හිමි වුනේ 32 වැනි ස්ථානයයි.

මෙය නදීශාගේ පෞද්ගලික හොඳම දක්ෂතාවලට වඩා තරමක් අඩු අගයක් ගත් නමුත් මෙවර ඔලිම්පික් උළෙල වෙනුවෙන් සහභාගී වීමට නදීශා ලද මෙම අවස්ථාව ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින්ට සුන්දර මතකයක් වන බව නොඅනුමානයි.

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<