ලිතුවේනියානු මලල ක්‍රීඩක Mykolas Alekna විසින් පිරිමි කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ වසර 38ක් ඉපැරණි ලෝක වාර්තාවක් බිඳ හෙළීමට ඊයේ (14) දිනයේ සමත් වුනා.
ඇමරිකා එක්සත් ජනපදයේ Ramona හිදි පැවැත්වෙන Oklahoma විසිකිරීමේ තරගාවලියේ දී ඔහු විසින් මෙම නව ලෝක වාර්තාව පිහිටුවීමට සමත් වූ අතර, මෙහි දී ඔහු විසින් බිඳ දමනු ලැබුවේ 1986 වසරේ දී ජර්මානු ක්‍රීඩක Jurgen Schult පිහිටවා තිබූ වාර්තාවකුයි.
ඊයේ දිනයේ දී Mykolas Alekna විසින් තරග බිමට පිවිසියේ ම මීටර් 70 ඉක්මවූ විසිකිරීමක් සමඟයි. මෙම තරගාවලිය පැවැත්වෙන පරිසරය ක්‍රීඩකයින්ට ඉතා සුවදායී වාතාවරණයක් නිර්මාණය කර තිබූ අතර, මෙහි දී ඔහු විසින් සිදු කළ පළමු විසිකිරීම මීටර් 72.21ක් දුරක් තරණය කළා. එමෙන්ම එය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස ද සටහන් වූ අතර, එතෙකින් නොනැවතුණු Mykolas Alekna විසින් සිය දෙවන ප්‍රයත්නයෙන් මීටර් 70.32ක දුරක් තරණය කළ අතර, තෙවැන්නෙන් මීටර් මීටර් 72.89ක දුරක් සටහන් කර ගනිමින් සිය පෞද්ගලික හොඳම දක්ෂතාව නැවත වරක් අලුත් කිරීමට ද සමත් වුනා.
- නව වසරට යුපුන්ගෙන් ජයග්රාහී ආරම්භයක්
- ජාතික මලල ක්‍රීඩා තේරීම් තරග සාර්ථකව අවසන් වෙයි
- ඇමරිකාව රජ වෙයි; නවසීලන්තය හදවත් දිනයි!
- සුපිරි තරු ගැටෙන ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය ඇරඹෙයි!
- Bolගෙන් නව ලෝක වාර්තාවක්; Holloway අපරාජිතයි!
එම විසිකිරීම ලොව මෙතෙක් වාර්තා වූ සිව් වැනි හොඳම දක්ෂතාව ලෙස ද සටහන් වූ අතර, එවන් වාතාවරණයක් තුළ ඔහු සිය සිව් වැනි ප්‍රයත්නයෙන් මීටර් 70.51ක දුරක් සටහන් කළේ මෙය සම්පූර්ණයෙන්ම තම නමට වෙන් වූ දිනයක් බවට ඉඟි සපයමිනුයි.
ඉන් පසුව ඔහු සිය පස් වැනි උත්සාහයේ දී මීටර් 74.35ක දුරක් කවපෙත්ත විසි කරමින් නව ලෝක වාර්තාව වෙත පියමන් කළා.
ඉන් අනතුරුව සිය අවසන් සහ හය වැනි උත්සාහයෙන් ද මීටර් 70.50ක දුරක් තරණය කිරීමට Mykolas Alekna විසින් සමත් වූ අතර, මෙතෙක් කවපෙත්ත විසිකිරීමේ ඉතිහාසයේ ක්‍රීඩකයකු දැක්වූ ඉහළම දක්ෂතාව ලෙස එය වාර්තා පොත් අතරට ද එක් වුනා.
මේ අනුව පිරිමි කවපෙත්ත විසිකිරීමේ ඉතිහාසයේ ඉහළම දක්ෂතාව Mykolas ඊයේ තමන් සන්තකයට ගැනීම නිසා ඔහුගේ පියා වූ Virgilijus Alekna මෙම ලැයිස්‍තුවේ තෙවන ස්ථානය දක්වා පසු බැසීමත් විශේෂ සිදුවීමක්.
කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ හිටපු ඔලිම්පික් සහ ලෝක ශූරයකු වන Virgilijus Alekna විසින් 2000 වසරේ දී මීටර් 73.88ක දුරක් කවපෙත්ත විසි කරමින් පෙර පැවති ලෝක වාර්තාව ආසන්නයට පැමිණි අතර, ඊයේ දිනය වන තෙක් එය ලොව හොඳම දක්ෂතා අතර දෙවැනි ස්ථානයේ රැඳුණා.
Virgilijus Aleknaගේ මෙම දක්ෂතාවෙන් වසර දෙකකට පසු උපත ලද ඔහුගේ පුත්‍රයා විසින් ඊයේ දැක්වූ දක්ෂතාවත් සමඟ මෙම ඉසව්වේ හොඳම විසිකිරීම් තුනෙන් දෙකක් ම Alekna පවුල සතු වීම විශේෂත්වයක්.
දිනෙන් දින උණුසුම් වන ලෝක මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<