10 වැනි මන්චි වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් පිරිමි වටයේ අද (15) පැවැත්වූ තරගවලින් නාවික හමුදාව, ගුවන් හමුදාව, MAS ලෙෂර්ලයින් සහ විදුලිබල මණ්ඩලය කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.
යුද, ගුවන්, විදුලි හා වරාය ක්‍රීඩකයෝ අපරාජීතව පෙරමුණේ
වොලිබෝල් ක්‍රීඩාව තවදුරටත් රට තුල ප්‍රචලිත කිරීමේ අරමුණින් මන්චී ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව වාර්ෂිකව සංවිධානය කරනු ලබන “මන්චි වොලිබෝල්…
ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා පොලීසිය
A කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී 3/2ක් ජයක් ලබා ගැනීමට නාවික හමුදා කණ්ඩායමට හැකි විය. එම වටවල ලකුණු පිළිවෙළින් 25-18ක්, 23–25ක්, 25–19ක්, 21–25ක් හා 15–10ක් ලෙස සටහන් විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය
A කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයෙන්, ගුවන් හමුදා කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි. මෙම තරග වටයේ පළමු වට දෙක 25–19ක් හා 25–20ක් ලෙස අවසන් වූයේ, ගුවන් හමුදා කණ්ඩායම පෙරමුණේ තබමිනි. තෙවන වටය තුළ ප්‍රවේගකාරී ලෙස තරග වැදුණු වරාය අධිකාරි කණ්ඩායම එම වටය ලකුණු 20–25ක් ලෙස ජයග්‍රහණය කළ ද, අවසන් තරග වටය ලකුණු 25–20ක් ලෙස ජයග්‍රහණය කිරීමට ගුවන් හමුදාව සමත් විය.
MAS ලෙෂර්ලයින් හා ජාතික තරුණසේවා සභාව
තරග වට 3/2ක් ලෙස අවසන් වූ මෙහි ජයග්‍රහණය ලබා ගැනීමට MAS කණ්ඩායමට හැකි විය. B කාණ්ඩයේ තරගයක් වූ මෙහි ලකුණු පුවරුව පිළිවෙළින් 25–22ක්, 25–22ක්, 21–25ක්, 21–25ක් හා 15–12ක් ලෙස සටහන් විය.
විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා යුද හමුදාව
බොහෝමයක් ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගත් තරගයක් වූ මෙම තරගය දිනයේ උද්වේගකරම තරගය විය. B කාණ්ඩයේ තරගයක් වූ මෙහි පළමු වට 4 දෙපිළම දෙක බැගින් ජයග්‍රහණය කළ අතර, එහි ලකුණු පුවරුව පිළිවෙළින් 29–27ක්, 22–25ක් හා 25-23ක් ලෙස දැක්විය. අවසන් හා තීරණාත්මක 5 වන වටය දියත් කිරීමට පෙර කාසියේ වාසිය උරගා බැලීම සිදු කරන ලද්දේ, පිටියේ වාසිය ලබා ගැනීමටයි. අනතුරුව පැවැත්වූ තීරණාත්මක තරග වටය ලකුණු 16–14ක් ලෙස විදුලිබල මණ්ඩල කණ්ඩායම ජයග්‍රහණය කළේ, උණුසුම් ප්‍රේක්ෂක ඔල්වරසන් හඬ මැදිනි.
>> යුද හා ගුවන් සෙබළියන් ආධිපත්‍ය පතුරවයි
A කාණ්ඩයේ ප්රසාද ලකුණු පුවරුව
තරග | ප්‍රසාද ලකුණු |
තරග වට | ලකුණු | |||||||
ස්ථානය | කණ්ඩායම | W | L | W | L | අනුපාතය | W | L | අනුපාතය | |
1 | ගුවන් හමුදාව | 3 | 0 | 9 | 9 | 2 | 4.500 | 267 | 213 | 1.254 |
2 | වරාය අධිකාරිය | 2 | 1 | 6 | 7 | 4 | 1.750 | 246 | 246 | 1.000 |
3 | නාවික හමුදාව | 1 | 2 | 2 | 5 | 8 | 0.625 | 271 | 280 | 0.968 |
4 | පොලිස් | 0 | 3 | 1 | 2 | 9 | 0.222 | 215 | 260 | 0.827 |
B කාණ්ඩයේ ප්රසාද ලකුණු පුවරුව
තරග | ප්‍රසාද ලකුණු | තරග වට | ලකුණු | |||||||
ස්ථානය | කණ්ඩායම | W | L | W | L | අනුපාතය | W | L | අනුපාතය | |
1 | විදුලිබල මණ්ඩලය | 3 | 0 | 8 | 9 | 2 | 4.500 | 264 | 233 | 1.133 |
2 | යුද හමුදාව | 2 | 1 | 7 | 8 | 3 | 2.667 | 287 | 243 | 1.181 |
3 | MAS ලේෂර්ලයින් | 1 | 2 | 2 | 4 | 8 | 0.500 | 247 | 279 | 0.885 |
4 | ජාතික තරුණ සේවා සභාව | 0 | 3 | 1 | 2 | 9 | 0.222 | 214 | 257 | 0.833 |
>> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<