මෙරට දේශීය පිටියේ පැවැත්වෙන ප්‍රධානතම වොලිබෝල් තරගාවලිය වන Munchee ජාතික වොලිබෝල් ශූරතාවයේ කාන්තා A කාණ්ඩයේ පළවෙනි සහ දෙවන ස්ථාන ලබා ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට Air Force සහ Hirdaramani කණ්ඩායම් සමත් වුනා.
එම කාණ්ඩයේ ප්‍රථම ස්ථානය ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත් වූ අතර ඔවුන් මූලික වටයේ සහභාගි වූ තරග 3න් සියල්ලම ජයග්‍රහණය කිරීමට සමත්ව තිබුණා.
ඔවුන් එම වටයේ දී Hirdaramani කණ්ඩායම තරග වට 3-0ක් (26/24, 25/08, 25/21) ලෙසත්, MAS Casualline කණ්ඩායම තරග වට 3-0ක් (25/15, 25/17, 25/15), වරාය අධිකාරි කණ්ඩායම තරග වට 3-0ක් (25/08, 25/19, 25/19) ලෙසත් පහසුවෙන් පරාජය කරමින් එම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා.
තවත් වොලිබෝල් පුවත්:
- “Galaxy” කුසලානයේ ශූරයින්ට රු. මිලියනයක්!
- ශ්රී ලංකා වොලිබෝල් කෙතේ නව අස්වැන්න – මහේල ඉන්දීවර
- මෙරට ප්රධාන ලේකම්ට ආසියානු වොලිබෝල් සංගමයේ අසුනක්
A කාණ්ඩයේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වූ Hirdaramani කණ්ඩායම ඔවුන් සහභාගි වූ තරග 3න් 2ක් ජය ගැනීමට සමත්ව තිබුණා.
ඔවුන් එම කාණ්ඩයේ සහභාගි වූ මුල්ම තරගය වූ ගුවන් හමුදා කණ්ඩායම සමඟ පැවති තරගය තරග වට 3-0ක් ලෙස පරාජය වීමට ඔවුන්ට සිදු වූවත් පසුව පැවති වරාය අධිකාරි කණ්ඩායම සමඟ තරගය තරග වට 3-1ක් (25/21, 25/19, 25/27, 25/22) ලෙසත්, MAS Casualline තරගය තරග වට 3-0ක් (25/18, 25/16, 25/20) ලෙසත් ජය ගැනීමට ඔවුන් සමත් වුනා.
A කාණ්ඩයේ තෙවානං ස්ථානය එක් තරගයක් ජය ගත් MAS Casualline කණ්ඩායමට හිමි වූ අතර සහභාගි වූ සියලු තරග පරාජය වූ වරාය අධිකාරි කණ්ඩායම සිය කාණ්ඩයේ අවසානයා ලෙස තරගාවලිය නිමා කළා.
B කාණ්ඩයේ ප්‍රථම ස්ථානය යුද හමුදා කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත් වූ අතර ඔවුන් මූලික වටයේ සහභාගි වූ තරග 3න් සියල්ලම ජයග්‍රහණය කිරීමට සමත්ව තිබුණා.
ඔවුන් එම වටයේ දී Mahauswewa කණ්ඩායම තරග වට 3-0ක් (25/20,25/13,25/20) ලෙසත්, ජාතික තරුණ සේවා කණ්ඩායම තරග වට 3-0ක් (25/10,25/12,25/11) ලෙසත්, නාවික හමුදා කණ්ඩායම තරග වට 3-0ක් ලෙසත් (25/21, 25/20, 25/18) ලෙසත් පරාජය කිරීමට සමත් වුනා.
B කාණ්ඩයේ දෙවන ස්ථානය නාවික හමුදා කණ්ඩායමට හිමි වූ අතර ඔවුන් Mahauswewa අතර තරගය තරග වට 3-0ක් (25/16, 25/14. 25/22) ලෙසත්, ජාතික තරුණ සේවා සභා කණ්ඩායම අතර පැවති තරගය 3-0ක් (25/09, 25/08, 25/20) ලෙසත් ජය ගැනීමට සමත් වූ නමුත් යුද හමුදා කණ්ඩායම අතර තරගය 3-0ක් (21/25, 20/25, 18/25) ලෙස පරාජය වුනා.
එම කාණ්ඩයේ තෙවන ස්ථානය එක් තරගයක් ජය ගත් Mahauswewa කණ්ඩායමට හිමි වූ අතර සහභාගි වූ සියලු තරග පරාජය වූ ජාතික තරුණ සේවා සභා කණ්ඩායම සිය කාණ්ඩයේ අවසානයා ලෙස තරගාවලිය නිමා කළා.
Munchee ජාතික වොලිබෝල් ශූරතාවයේ අවසන් පූර්ව වටයේ තරග හෙට (03) පැවැත්වීමට නියමිතයි.
A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන,
Pos | Club | P | W | L | Pts | SW | SL | SR | SPW | SPL | SPR |
1 | Air Force | 3 | 3 | 0 | 9 | 9 | 0 | 9.0000 | 229 | 146 | 1.5685 |
2 | Hirdaramani | 3 | 2 | 1 | 6 | 6 | 4 | 1.5000 | 231 | 220 | 1.0500 |
3 | MAS Casualline | 3 | 1 | 2 | 2 | 3 | 8 | 0.3750 | 207 | 247 | 0.8381 |
4 | Ports Authority | 3 | 0 | 3 | 1 | 3 | 9 | 0.3333 | 230 | 284 | 0.8099 |
B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන,
Pos | Club | P | W | L | Pts | SW | SL | SR | SPW | SPL | SPR |
1 | Army | 3 | 3 | 0 | 9 | 9 | 1 | 9.0000 | 248 | 157 | 1.5796 |
2 | Navy | 3 | 2 | 1 | 6 | 6 | 3 | 2.0000 | 212 | 164 | 1.2927 |
3 | Mahauswewa | 3 | 1 | 2 | 3 | 4 | 6 | 0.6667 | 192 | 214 | 0.8972 |
4 | NYSC | 3 | 0 | 3 | 0 | 0 | 9 | 0.0000 | 111 | 228 | 0.4868 |
>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<