Munchee ජාතික වොලිබෝල් ශූරතාවයේ පිරිමි අවසන් පූර්ව වටයේ තරගවලින් ගුවන් හමුදා සහ යුද හමුදා පිරිමි වොලිබෝල් කණ්ඩායම් පරදවමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට විදුලිබල මණ්ඩල සහ Bitu Link ක්රීඩකයන් සමත් වුනා.
ගාල්ල දඩැල්ල වොලිබෝල් හවුස් හීදී පැවති අවසන් පූර්ව වටයේ තරගවලින් ප්රථම තරගය වූ ගුවන් හමුදා කණ්ඩායම සහ විදුලිබල මණ්ඩල කණ්ඩායම අතර තරගය තියුණු සටනකින් පසු තරග වට 3-2ක් ලෙස ජය ගැනීමට විදුලි බල මණ්ඩල කණ්ඩායම සමත් වුනා.
තරගයේ මුල් වටය ලකුණු 25-22ක් ලෙස ජයග්රහණය කිරීමට ගුවන් හමුදා ක්රීඩකයන් සමත් වූ අතර දෙවැනි වටය ඉතාමත් තියුණු සටනකින් පසු ලකුණු 31-29ක් ලෙස ජය ගනිමින් තරගයේ වැඩි වාසිය අත්කර ගැනීමට ගුවන් හමුදා ක්රීඩකයන් සමත් වුනා.
මුල් වට ද්විත්වයේ දී ලැබූ දරුණු පසුබෑමෙන් පසුව තරගයට අවතීර්ණ වූ විදුලිබල මණ්ඩල ක්රීඩකයන් තෙවැනි වටය 25-18ක් ලෙස ජය ගැනීමට සමත් වූ අතර තියුණු සටනකින් පසු සිව්වැනි වටය ලකුණු 31-29ක් ලෙස ජය ගනිමින් තරගය සම කිරීමට ද විදුලිබල මණ්ඩල ක්රීඩකයන් සමත් වුනා.
තරගයේ තීරණාත්මක මෙන්ම අවසන් වටය වූ පස්වැනි වටයේ දී දෙපිලේම ක්රීඩකයන් ඉතාමත් ප්රබල ලෙස තරග වැදි නමුත් විදුලිබල ක්රීඩකයන්ගේ ඉහළ දස්කම් නිසාවෙන් ලකුණු 15-10ක් ලෙස එම වටය ජය ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඔවුන් සමත් වුනා.
තවත් වොලිබෝල් පුවත්:
- පිරිමි අවසන් පූර්ව වටයට Bitu Link, Air Force, CEB සහ Army කණ්ඩායම්
- “Galaxy” කුසලානයේ ශූරයින්ට රු. මිලියනයක්!
- Air Force, Hirdaramani, Army සහ Navy කාන්තා අවසන් පූර්ව වටයට
ඉතාමත් තියුණු තරගයකින් පසුව පිරිමි කාණ්ඩයේ දෙවන අවසන් පූර්ව තරගය ලෙස පැවති යුද හමුදා කණ්ඩායම සහ Bitu Link කණ්ඩායම අතර තරගයෙන් ප්රබල යුද හමුදා කණ්ඩායම තරග වට 3-1ක් ලෙස පරාජය කිරීමට Bitu Link ක්රීඩකයන්ට හැකි වුනා.
තරගයේ මුල් වටය 25-22ක් ලෙස ජය ගනිමින් ජයග්රාහීව තරගය ආරම්භ කිරීමට යුද හමුදා ක්රීඩකයන් සමත් වූ නමුත් දෙවන වටය ලකුණු 25-20ක් ලෙස අවසන් කරමින් ජය ගැනීමට Bitu Link ක්රීඩකයන් සමත් වුනා.
ඉන් පසුව තරගයට ප්රබල ලෙස අවතීර්ණ වූ යොවුන් Bitu Link ක්රීඩකයන් තෙවැනි සහ සිව්වැනි වට පිළිවෙළින් 25-18ක් සහ 25-14ක් ලෙස ජය ගනිමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
එමෙන්ම පිරිමි කාණ්ඩයේ තෙවැනි ස්ථානය සඳහා පැවති තරගයෙන් ගුවන් හමුදා කණ්ඩායම තරග වට 3-0ක් ලෙස පරාජය කරමින් ජයග්රහණය ලබා ගැනීමට යුද හමුදා ක්රීඩකයන් සමත් වුනා.
එම තරගය පළමු වටය ලකුණු 25-21ක් ලෙස ජය ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් වූ අතර දෙවන සහ තෙවැනි වටයන් ද පිළිවෙළින් 25-21ක් සහ 25-21ක් ලෙස ජය ගනිමින් තරගාවලිය තෙවැන්නා ලෙස අවසන් කිරීමට යුද හමුදා කණ්ඩායම සමත් වුනා.
ඒ අනුව Munchee ජාතික වොලිබෝල් ශූරතාවයේ අවසන් මහා තරගයේ කිරුළ සඳහා විදුලිබල මණ්ඩල කණ්ඩායම සහ Bitu Link කණ්ඩායම මේ මස (මාර්තු) 13 තරග වැදීමට නියමිතයි.
>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <