කොරෝනා අභියෝගය ඇතුළු තවත් බාධා රැසක් මැද ආරම්භ වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (10) දින ඩුබායි හිදී නිමාවූයේ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජය කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමිකර දෙමිනි. ඒ අනුව නොකඩවා දෙවන වරටත් ශූරයින් බවට පත්වීමට මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මූලික වටය අවසානයේ පළමු ස්ථානය දිනා ගනිමින් පළමු සුදුසුකම් ලබා ගැනීමේ තරගයේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි. සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම දෙවැනි සුදුසුකම් ලබා ගැනීමේ තරගයේ දී පරාජය කළ දිල්ලි කණ්ඩායම සිය IPL ඉතිහාසයේ පළමු අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.
තවත් ක්‍රිකට් පුවත් කියවන්න:
- Mitchell Starc වසර හයකට පසු Big Bash පිටියට
- ඉන්දීය කඩුලු රකින්නාට ඕස්ට්‍රේලියානු සංචාරය අහිමි වන ලකුණු
- කොදෙව්වන්ට දින 7ක නිරෝධායනයකට!
- හිටපු සිම්බාබ්වේ ක්‍රිකට් නායකයා ක්‍රිකට් පිටියට සමුදෙයි
අද දිනයේ කාසියේ වාසිය දිනාගත් දිල්ලි නායක Shreyas Iyer පළමුව පන්දුවට පහරදීම සඳහා තීරණය කළ අතර ඔවුන් අද තරගය සඳහා පැමිණියේ පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ කිසිඳු වෙනසක් නොකරමිනි. නමුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඔවුන්ගේ කණ්ඩායමේ එක් වෙනසක් කරමින් Rahul Chahar වෙනුවට Jayant Yadav කණ්ඩායමට කැඳවා තිබුනි.
ඒ අනුව දිල්ලි ඉනිම ආරම්භ කළ Marcus Stoinis සහ Shikhar Dhawan හට පෙර තරගයේ දී ලබා දුන් ආරම්භක සබඳතාවය ලබාදීමට නොහැකි වීමත් සමඟ දිල්ලි කණ්ඩායමේ කඩා වැටීම ආරම්භ වූයේ පළමු පන්දුවාරයේ සිටයි. වමතින් වේගපන්දු යවන Trent Boult දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් දිල්ලි ආරම්භය අඩපණ කළ අතර ලකුණු 22/3ක් ලෙස සටහන්ව තිබූ දිල්ලි ඉනිම ලකුණු 156ක් දක්වා රැගෙන ගියේ නායක Shreyas Iyer සහ Rishabh Pant දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 96ක සබඳතාවය සවියක් කරගෙනයි.
හතරේ පහර 4ක් සහ මනරම් හයේ පහර 2ක් එල්ල කළ Rishabh Pantගේ ඉනිම ලකුණු 56කට සීමා වූ නමුත් ඔහු එම ලකුණු ප්‍රමාණය රැස්කර ගැනීම සඳහා වැය කළේ පන්දු 38ක් පමණි. එම සබඳතාවය හැරෙන්නට දිල්ලි ලකුණු පුවරුවෙන් වෙනත් කිසිඳු සාර්ථක සබඳතාවයක් වාර්තා නොවූ නිසාවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සාර්ථක අභියෝගයක් ලබාදීමට හැකි මට්ටමේ ලකුණු පුවරුවක් ගොඩනංවා ගැනීමට දිල්ලි පිළ අපොහොසත් විය. කෙසේ නමුත් දිල්ලි ඉනිමේ අවසානය දක්වා කඩුල්ලේ රැඳී සිටි නායක Shreyas Iyer පන්දු 50ක් තුළ නොදැවී ලකුණු 65*ක් රැස්කර ගත්තේ හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් ලකුණු පුවරුවේ සටහන් කරමිනි.
2020 is truly an ODD year! ?#OneFamily #MumbaiIndians #Believe?? #MIChampion5 #MIvDC pic.twitter.com/XZbYHmgEA1
— Mumbai Indians (@mipaltan) November 10, 2020
පන්දු යැවීමේ දී මුම්බායි කණ්ඩායමට powerplay අවස්ථාවන් තුළ වැඩි කඩුලු ප්‍රමාණයක් දවා ගනිමින් තරගාවලියේ powerplay අවස්ථාවන් තුළ හොඳින්ම පන්දු යැවූ ක්‍රීඩක Boult මෙම තරගයේ දීද කඩුලු 3ක් දවා ගත්තේ සිය රාජකාරිය අකුරටම ඉටු කරමිනි. ඊට අමතරව Nathan Coulter-Nile කඩුලු 2ක් දවා ගන්නා ලදි.
ලකුණු 157ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි පෙරළිකාර මුම්බායි කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් වූහ. එහිදී නායකත්වයේ ඉනිමක් දියත් කළ Rohit Sharma හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟ පන්දු 51ක දී ලකුණු 68ක් රැස්කර ගන්නා ලදි. ඊට අමතරව තරගය සාර්ථකව අවසානය දක්වා රැගෙන ගිය Ishan Kishan නොදැවී ලකුණු 33*ක් රැස්කර ගත්තේ හතරේ පහර 3ක් සහ හයේ පහරක් එල්ල කරමිනි. පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන Anrich Nortje ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත්තේය.
දිල්ලි කැපිටල්ස් – 156/7 (20): Shreyas Iyer 65*, Rishabh Pant 56, Trent Boult 3/30, Nathan Coulter-Nile 2/29.
මුම්බායි ඉන්දියන්ස් – 157/5 (18.4): Rohit Sharma 68, Ishan Kishan 33*, Quinton de Kock 20, Anrich Nortje 2/25.
- තරගයේ වීරයා – Rohit Sharma (මුම්බායි ඉන්දියන්ස්)
- තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා – KL Rahul – ලකුණු 670 (කිංග්ස් ඉලෙවන් පංජාබ්)
- තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා – Kagiso Rabada – කඩුලු 30 (දිල්ලි කැපිටල්ස්)
මෙම IPL 2020 ශූරතාවය මුම්බායි කණ්ඩායම ජය ගැනීමත් සමඟම මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වයෙන් යුත් ගෙවී ගිය වසර 4ක කාලය තුළ මුම්බායි කණ්ඩායම තෙවතාවක් ශූරතාවය ජයග්‍රහණය කර තිබේ.
Ladies and Gentlemen, presenting to you FIVE TIME IPL CHAMPIONS – #MumbaiIndians #Dream11IPL pic.twitter.com/Wz2ONkrh7E
— IndianPremierLeague (@IPL) November 10, 2020
එසේම IPL තරග ඉතිහාසයේ වැඩිම ශූරතාවයන් ප්‍රමාණයක් සඳහා සිය කණ්ඩායම් පුහුණු කළ පුහුණුකරුවන් අතර සාර්ථකම පුහුණුකරුව සිටි Stephen Flemingගේ (චෙන්නායි සුපර් කිංග්ස් – ශූරතා 3) වාර්තාව සම කිරීමට මහේල ජයවර්ධන අද දිනයේ සමත් විය. එය මුළු මහත් ශ්‍රී ලාංකිකයින්ටම ආඩම්බරයකි. මහේල ඇතුළු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ThePapare.com කණ්ඩායමේ උණුසුම් සුබ පැතුම්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<