ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ තවත් සුවිශේෂී වාර්තාවක් සියතට ගැනීමට හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මෙන්ම, වත්මන් Chennai Super Kings නායක MS Dhoniට ඊයේ (26) හැකි වුනා.
පිතිකරණයෙන් කණ්ඩායමට අවශ්‍ය දායකත්වය ලබා දීමට Dhoni හට ඊයේ නොහැකි වුනත්, සුපුරුදු පරිදි කඩුල්ල පිටුපස රාජකාරිය නිවැරදිව සිදු කරමින් උඩ පන්දු දෙකක් රැක ගැනීමට ඔහු සමත්ව තිබුණා.
එම උඩපන්දු ද්විත්වය සමඟ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ වැඩිම උඩපන්දු ප්‍රමාණයක් රැක ගත් කඩුලු රකින්නා බවට පත්වීමට Dhoniට හැකි වුනේ තවත් සුවිශේෂී වාර්තාවකට උරුමකම් කියමිනුයි.
මීට පෙර කඩුලු රකින්නෙකු ලෙස උඩපන්දු 115ක් රැක ගනිමින් එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටියේ Kolkata Knight Riders නායක Dinesh Karthik වූ නමුත්, ඊයේ (26) රැක ගත් උඩපන්දු ද්විත්වය සමඟ උඩපන්දු රැක ගැනීම් 116ක් සමඟ පෙරමුණ ගන්නට Dhoniට හැකි වුනා.
- එකම වරද දෙවරක් කළ Rajasthan Royalsට උපරිම දඩ
- මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එකතු වෙයි
- උණුසුම් ජයග්‍රහණයක් ලැබූ Rajasthan Royalsට දඩයක්
- තවදුරටත් පාකිස්තානයෙන් Neutral Venues නැහැ!
මෙම වාර්තාවට අමතරව ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දවා ගැනීම් 155ක් (උඩපන්දු 116 + ස්ටම්ප් කිරීම් 39) ලබා ගනිමින් වැඩිම දවා ගැනීම් ප්‍රමාණයක් සිදු කළ කඩුලු රකින්නා වීමට ද Dhoniට හැකිව තිබෙන අතර දවා ගැනීම් 146ක් සමඟ Karthik දෙවැනි ස්ථානයේ පසුවනවා.
Kolkata Knight Riders සහ Chennai Super Kings අතර ඊයේ පැවති තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් Kolkata Knight Riders කඩුලු 6කට ලකුණු 171ක් රැස්කිරීමට සමත් වූ අතර Ravindra Jadejaගේ වේගවත් පිතිකරණය නිසා එම ඉලක්කය සාර්ථකව හඹා යෑමට Chennai Super Kings ක්‍රීඩකයන්ට හැකි වුනා.
Hindustan Times ඇසුරිනි
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<