2024 IPL තරගාවලියේ දී Chennai Super Kings කණ්ඩායම මෙහෙයවීමේ වගකීම Ruturaj Gaikwad හට හිමි වී තිබෙනවා.
අවසන් වසරේ ද Chennai වෙත නායකත්වය ලබා දෙමින් ශූරතාව සඳහා තම කණ්ඩායම මෙහෙය වූ සහ ඒත් සමඟින් ම IPL ශූරතා පහක් වෙනුවෙන් CSK කණ්ඩායම මෙහෙයවූ MS Dhoni ඒ අනුව සිය නායකත්ව වගකීමට සමු දෙනු ඇති.
අද (21) දිනයේ දී Chennai Super Kings කණ්ඩායම විසින් නිල වශයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශයට පත් කළා.
OFFICIAL STATEMENT: MS Dhoni hands over captaincy to Ruturaj Gaikwad. #WhistlePodu #Yellove
— Chennai Super Kings (@ChennaiIPL) March 21, 2024
- ඩිල්ශාන් වෙනුවට Maphaka මුම්බායි සමඟ එක් වෙයි
- නායක කුසල් මෙන්ඩිස්ටත් දඩ සහ දඬුවම් ලකුණු
- නැවතත් ටෙස්ට් පිටියට ආ විගස ම වනිඳුට තරග තහනමක්!
- ඇෆ්ගන් A සහ ශ්‍රී ලංකා A තරග කාලසටහන නිවේදනය කරයි
- ජනිත්ගේ ශතකය අපතේ යයි; බංග්ලාදේශයට තරගාවලි ජයක්
- මීට පෙර 2022 IPL තරගාවලියේ දී ද Dhoni නායකත්වයෙන් ඉවත් වෙමින් එහි වගකීම Ravindra Jadeja හට ලබා දුන් නමුත් තරගාවලිය අතර මැද ඇති වූ අර්බුද රැසක් ද සමඟින් නැවතත් කණ්ඩායමේ නායකත්වය Dhoni හට ම හිමි වුනා.
මේ වන විට 43 වැනි වියට පය තැබීමට සූදානමින් සිටින Dhoni වෙනුවට නායකත්ව වගකීම ලද Gaikwad 2019 වසරේ සිට මේ දක්වා IPL තරග 52ක් ක්‍රීඩා කර තිබෙනවා.
මේ අනුව Gaikwadගේ නායකත්වය යටතේ හෙට (22) දිනයේ දී Chennai Super Kings කණ්ඩායම 2024 IPL තරගාවලියේ මංගල තරගය Royal Challengers Bangaluru කණ්ඩායම සමඟින් ක්‍රීඩා කරනු ඇති.
2024 IPL තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<