2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී අසාර්ථක වුණු Chennai Super Kings මෙවර තරගාවලියේ සිය අවසන් තරගයත් Rajasthan Royals හමුවේ පරාජය වුනා.
තරගාවලිය අතරතුර දී කණ්ඩායමේ නායකත්වය භාර ගත් MS Dhoni තරගයෙන් පසුව පවසා සිටියේ තමන් ලබන තරග වාරයේ දීත් Chennai වෙනුවෙන් ක්‍රීඩා කරන බවයි. Chennai කාණ්ඩයම මෙවර තරගවාරයේ තරග 10ක් පරාජය වුනා.
තරගාවලිය පුරා යොවුන් ක්‍රීඩකයින් රැසක් Chennai වෙනුවෙන් සිය මංගල IPL තරග ක්‍රීඩා කළා. කෙසේ වෙතත් ඉන්දීය ක්‍රීඩක Rajvardhan Hangargekar හට අවස්ථාවක් ලබා නොදීම ගැන මාධ්‍යවේදීන් Dhoni ගෙන් විමසා සිටියා. Hangargekar ඉන්දියාව වෙනුවෙන් වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ දී ඉහළ දස්කම් දක්වන්නට සමත් වුණු ක්‍රීඩකයෙක්.
- SunRisers නායකයා ගෙදර යයි
- ලකුණු නැති අරගලය ගැන Virat Kohli කතා කරයි
- IPL හි වැඩපෙන්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වාස්ගෙන් පැසසුම්
- උම්රාන් මලික්ගේ වේගය ගැන ඕස්ට්‍රේලියානු විරුවෙකුගේ පැසසුම්
“ඔහු හොඳ ස්ථානවල පන්දු යවන ක්‍රීඩකයෙක්. ඔහු හොඳ වේගයකින් පන්දු යවනවා. ඔහු හොඳ ඉපිලීමක් ලබා ගන්නවා. නමුත් මේ වගේ මට්ටමක දී ඔහු අනෙක් පැතිවලිනුත් දියුණු වෙන්න අවස්ථාව දෙන්න ඕනේ”, Dhoni පවසා සිටියා.
“ඔබ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමෙන් පැමිණියා කියන්නේ ඔබට පළමු පෙළ කණ්ඩායමේ අත්දැකීම් ගොඩක් නැහැ. අපිට අවශ්‍ය නැහැ ඔහුව නිකන්ම පිටියට ඇතුළු කරන්න. ඔහුගේ ආයුධ ගබඩාවට අවශ්‍ය තරම් ආයුධ දෙන්න ඕනේ. ඔහුව පීඩනයේ දාන්නේ ඇයි. අපිට ක්‍රීඩකයෝ හදන්න ඕනේ, හැබැයි ඔවුන්ට අවශ්‍ය තරම් කාලය දෙන්නත් ඕනේ.”
Hindustan Times ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<