ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශිරාස්ගේ නම ද ඇතුළත් කර තිබෙනවා.
ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා චරිත් අසලංකගේ නායකත්වය යටතේ ඊයේ (30) දිනයේ දී සංචිතයක් ප්‍රකාශයට පත් කළ අතර, එම සංචිතයේ වේගපන්දු බලඇණිය ශක්තිමත් කිරීම වෙනුවෙන් සහ ක්‍රීඩක ආබාධවලට පිළියමක් ලෙස ශිරාස්ව ද සංචිතයට ඇතුළත් කර ඇති බව වටහාගත හැකි.
ඊයේ පැවැත්වුණු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවැනි විස්සයි විස්ස තරගය අතරතුර මතීෂ පතිරණ අබාධයකට ලක් වූ අතර, එක්දින තරගාවලියේ දී ශිරාස් විසින් මතීෂගේ අඩුව පුරවනු ඇති.
එමෙන්ම මේ දිනවල පැවැත්වෙන Major Club සීමිත පන්දුවාර තරගාවලියේ දී BRC කණ්ඩායම නියෝජනය කරන ශිරාස් ඊයේ දිනයේ කුරුනෑගල කණ්ඩායමට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 7ක් තුළ එක් නිලකුණු පන්දුවාරයක් ද සමඟ ලකුණු 21කට කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් වීමත් විශේෂත්වයක්.
- ඇසල වසන්තය හා එන LPL මෙහෙයුම
- වනිඳු, මහීෂ් සහ තුෂාරට CPL වරම් ලැබෙයි
- දඹුල්ල කණ්ඩායමට නව හිමිකරුවෙක්
- හිටපු ඕස්ට්‍රේලියානු නායක Michael Clarke 2024 LPL සමඟ එක් වෙයි!
- LPL පිටියට එක් වෙන කොඩුකාරයෝ
මේ වන විට 29 හැවරිදි වියේ පසුවන ශිරාස් පළමු පෙළ එක්දින තරග 47ක් ක්‍රීඩා කරමින් කඩුලු 80ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා.
ඉන්දු – ලංකා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු විත්ති නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.