සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරමින් මෙවර තරග වාරයේ දී තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ෂතා අතරට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ ප්‍රබල ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුගේ සේවය අහිමි වී යාමේ අවදානමක් පැන නැඟී ඇති බව සඳහන් කරමින් තම නිල twitter ගිණුමට පණිවිඩයක් එක් කිරීමට SRH කණ්ඩායම් කළමනාකාරිත්වය අද (23) දිනයේ දී කටයුතුකොට තිබුණා.
පසුගිය එංගලන්ත තරග සංචාරයේ දී තම සුපුරුදු රිද්මයට අනුගත වෙමින් IPL තරගාවලියට ඉතාමත් හොඳින් පෙර සූදානම් වූ මිචෙල් මාර්ෂ් හට අවාසනාවන්ත ලෙස ඉදිරි තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව මඟ හැරී යන්නේ රෝයල් චැලෙන්ජර් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව මුහුණ දුන් පළමු තරගය අතරතුර දී හට ගත් ආබාධය නිසාවෙනි.
? Official Statement ?
Mitchell Marsh has been ruled out due to injury. We wish him a speedy recovery. Jason Holder will replace him for #Dream11IPL 2020 .#OrangeArmy #KeepRising
— SunRisers Hyderabad (@SunRisers) September 23, 2020
නායක ඩේවිඩ් වෝර්නර් පන්දුව භාර කිරීමෙන් අනතුරුව යැවූ පළමු පන්දුවාරයේ දෙවන පන්දුවේ දී ම මාර්ෂ්ගේ වළලුකර ප්‍රදේශය පෙරළීමකට ලක්වන අයුරු පුනරූපන ඔස්සේ දැකගැනීමට හැකි වූ අතර වේදනාවෙන් පසු වූ ඔහු කෙසේ හෝ එම පන්දුවාරය සම්පූර්ණ කිරීමේ අදිටනින් යලි සීමා ඉර වෙත දිව ගියත් පන්දු දෙකක් ඉතිරිව තිබිය දී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ක්‍රීඩාගාරය වෙත ගමන් කිරීමට ඔහුට සිදු විය.
තවත් ක්‍රිකට් පුවත් :
- RCB ජර්සිය උපහාර වැකියකින් වර්ණවත් වෙයි
- අර්බුදයකට තුඩු දුන් Kings XI Punjab හට නිකුත් වූ වැරදි short run තීරණය
- ලංකාවට එන බංග්ලාදේශ කණ්ඩායම නිරෝධායනයට
- ලොව පළමු වරට කාන්තා ක්‍රිකට් තරගාවලියකට DRS එයි
පන්දුවට පහර දීම සඳහා නොම්බර 10 පිතිකරුවා ලෙසින් යලි ක්‍රීඩා පිටියට පිවිසි මාර්ෂ් හට සාර්ථක අවසානයක් කරා තම කණ්ඩායම රැගෙන යාමේ අවස්ථාව අහිමි වී ගියේ ඊට ඔහුගේ පාදයේ ආබාධය හරස් වූ නිසාවෙනි. ඒ අනුව මේ වන විට මාර්ෂ්ගෙන් පුරප්පාඩු වූ හිස්තැන පිරවීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර් හට හිමි වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කර සිටිති. ඔහු ඉදිරි දින කිහිපය ඇතුළත කණ්ඩායම සමඟ එකතු වීමේ අපේක්ෂාවෙන් පසුවන බව ද ඒ අනුව වාර්තා වේ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<