වෙස්ලි ක්‍රීඩකයෝ පරදවා රාජකීයයෝ ඉදිරියටම

588
Milo president trophy Royal College v Wesley College

2016 මයිලෝ ජනාධිපති රග්බි කුසලාන තරගාවලියේ 3වැනි අර්ධ අවසන් පූර්ව වටයේ, රාජකීය විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය අතර  රාජකීය විද්‍යාලීය ක්‍රීඩා සංකීර්ණයේදි පැවති තරගයෙන් 29 : 21 ලෙස ජයග්‍රහණය කල රාජකීය විද්‍යාලය අර්ධ අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීය.

පසුගිය ලිපි: ඉසිපතනය ඩැහැගත් තෝමසුවන්ගේ අපරාජිකත්වය – 9වැනි සතිය

විනිසුරුගේ අාරම්භක සංඥාවේ හඬ වියැකි යෑමටත් මත්තෙන් වෙස්ලි විද්‍යාලීය ක්‍රීඩකයින් හට ඩ්‍රොප් ගෝල් අවස්තාවක් ලැබෙන අතර 25වැනි මීටර් කනුවේ සිට දක්ෂ ලෙස ඉලක්කය අල්ලා එල්ල කර, පහර සාර්ථක කර ගැනීමට වෙස්ලි විද්‍යාලීය ක්‍රීඩක මුර්ෂිඩ් සුබයර් සමත් විය. (3-0)

ඉන් මොහොතකට පසුව වෙස්ලි විද්‍යාලීය ක්‍රීඩකයින් ලබා ගත් ලකුණේ උණුසුම කල් ඉකුත් කරමින් රාජකීය විද්‍යාලීය ක්‍රීඩක සාබීත් ෆෙරෝස් විසින් වෙස්ලි අාරක්ෂක වලලු බිද දමා බෝලය රේඛාවෙන් පිටතට රැගෙන යන ලදි. එයට අතිරේක ලකුණු එකතු කිරීමට ඔවීන් අස්කි අසමත් විය. (03-05)

දුර්වල අාරම්භයක් ලබා ගත් අස්කි හට 16වැනි මිනිත්තුවේදි දඬුවම් පහරක් ලැබෙනමුත් එයද සාර්ථක කර ගැනීමට ඔහුට නොහැකි විය. ඉන් අනතුරුව රාජකීය විද්‍යාලයට තවත් උත්සහක දිනුමක ලකුණු එකතු කිරීමට අශේන් ෆර්නැන්ඩො සමත් විය. 20වැනි මිනිත්තුවේදි ලද ඒ ලකුණටත් අතිරේක ලකුණු එකතු කිරීමට අස්කි අසමත් විය. (03-10)

තරගයේ 30වැනි මිනිත්තුවේදි රාජකීයයන්ට අැති හොඳම තුරුම්පුවක් වන අස්මීර් ෆාජුඩීන් විසින් සීමාව පසු කර ගොස් ලකුණක් රැස් කිරීමට සමත් වු අතර මෙවර අතපසුවීමකට ඉඩ නොදුන් අස්කි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (03-17)

ඡායාරූප අැල්බමයට පිවිසෙන්න

තරගයේ ප්‍රථම අර්ධයේ අවසානයට පැමිණ සිටින මොහොතේ වෙස්ලි විද්‍යාලයට දඩුවම් පහර අවස්තාවක් ලැබුනු අතර අවිශ්ක ලී කිසිදු ගැටළුවකින් තොරව එය සාර්ථක කරගනිමින් වෙස්ලි විද්‍යාලයට තවත් ලකුණු 3ක් එක්කල අතර කණ්ඩායම් දෙකම ඉන්පසු විවේකාගාරය වෙත පිය මනින ලදි. (06-17)

ප්‍රථම අර්ධය වෙස්ලි විද්‍යාලය 06 (1P, 1DG) : 17 (3T,1C) රාජකීය විද්‍යාලය

කෙටි විවේකයකින් පසුව අැරඹි දෙවන අර්ධයේ මිනිත්තු 10ක් යන තැන රාජකීය ක්‍රීඩක අස්මීර් ෆාජුඩීන් විසින් සිය දෙවන උත්සහක දිනුම සාර්ථක කර ගැනීමට සමත් වු අතර අස්කිට නැවතත් ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය. (06-22)

වෙස්ලි ක්‍රීඩකයෝද රාජකීයයන් හඹා එන බව විදහා දක්වමින් සයාන් සාබර් විසින් සාර්ථකව ගෝලය සීමාවෙන් ඔබ්බට රැගෙන යමින් උත්සහක දිනුමකට හිමිකම් කීමට සමත් විය. අවිශ්ක ලී විසින් සාර්ථකව අතිරේක ලකුණු 2 ලබා දීමට සමත් විය. (13-22)

පසුගිය ලිපි: ඉසිපතනය සහ ශාන්ත තෝමස් විද්‍යාල තවමත් අපරාජිතව පෙරමුනේ

ඉන්පසුව සිය අවසන් අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේ ජයග්‍රාහි ලකුණ රැස් කරමින් හරිත් ලොකුගමගේ විසින් වෙස්ලි විද්‍යාලීය බාධක මධ්‍යයේ බෝලය ඉදිරියටම රැගෙන ගොස් සීමාව ස්පර්ශ කරමින් උත්සහක දිනුමකට හිමිකම් කීය. එම ජයග්‍රාහි මොහොතට අතිරේක ලකුණු එකතු කිරීමට අස්කිට තිබු අවස්ථාව, කිසිදු ගැළුවකින් තොරව පන්දුව කණු දෙක අතරින් අහසට එල්ල කරමින්, සාර්ථක කර ගැනීමට ඔහු සමත් විය. (13-29)

තරගයේ නියමිත කාළය අවසාන් වීමට ලංව තිබිනි. වෙස්ලි විද්‍යාලීය ක්‍රීඩකයින් අවසානයට ප්‍රථම තවත් ඩ්‍රොප් ගෝලයක් සාර්ථක කරගැනීමට සමත් විය. ඒ තරිදු වල්පිට විසිනි. (16-29)

තරගයේ අවසාන මොහොතේදි වෙස්ලි විද්‍යාලය තවත් උත්සහක දිනුමක් වාර්තා කර ගැනීමට දිනේරු රනවීර සමත් වු අතර ඒ වන විටත් රාජකීයයෝ ජයග්‍රහනයේ අාශ්වාදය විදිමින් සිටියහ.

තවත් රග්බි පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න රග්බි පිටුවට

අවසන් ලකුණුවෙස්ලි විද්‍යාලය 21 (2T,1C,1P,2DG) : 29 (5T,2C) රාජකීය විද්‍යාලය

තරග තීරක – ප්‍රියන්ත සුරංග

ThePapare.com තරගයේ වීරයා – අශේන් ෆර්නැන්ඩො (රාජකීය විද්‍යාලය)

 ලකුණු ලබා ගැනීම් 

රාජකීය විද්‍යාලය – අස්මීර් ෆාර්ජුඩීන් 10 (2T), හරිත ලොකුගමගේ 5 (1T), අශේන් ෆර්නැන්ඩෝ 5 (1T), සාබිත් ෆෙරෝස් 5 (1T), ඔවීන් අස්කි 4 (2P)

වෙස්ලි විද්‍යාලය – සයාන් සාබර් 5 (1T), දිනේරු රනවීර 5 (1T), මුර්ෂිඩ් සුබර් 3 (1DG), අවිශ්ක ලී 5 (1C,1P), තරිදු වල්පිට 3 (1DG)

තවත් පුවත් සිංහලෙන් – එන්න මුල් පිටුවට