ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු තෝරා පත් කර ගැනීම පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුව අද (5) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැත්විය.
කමිඳුගේ ප්‍රවේගකාරී ශතකයෙන් SAG උළෙල හැඩවෙයි!
යොවුන් පිතිකරු කමිඳු මෙන්ඩිස් වාර්තා කළ විශිෂ්ට ශතකය නිසාවෙන් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අඛණ්ඩව……
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළ මාධ්‍ය නිවේදනය අනුව 2019 වසරේ දෙසැම්බර් 4 වැනිදා සිට වසර දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික මිකී ආර්තර් පත් කර ඇති බව ප්‍රකාශ කළේය.
මීට අමතරව ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන ග්‍රාන්ට් ෆ්ලවර් ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලැබේ. ඒ අනුව මෙතෙක් කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු රෝයි ඩයස් මහතාව එම තනතුරෙන් ඉවත් කර ඇත.
Photos: Announcing of the National Team’s New Coaching Appointments
පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඩේවිඩ් සේකර්ද සහ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික ෂේන් මැක්ඩොමට් මහත්වරුන් කටයුතු කිරීමට නියමිත අතර ඔවුන් තිදෙනාගේම පළමු ජාත්‍යන්තර තරගාවලිය වන්නේ ලබන 11 වැනිදා පාකිස්තානයේ දී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය වේ.
මෙම තනතුරුවලට අමතරව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපනය කර ඇති ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිවරයා ලෙස ජෙරම් ජයරත්න මහතා පත් කර තිබෙන අතර ඔහුට සමගාමීව ඕස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවකු වන ටිම් මැකැස්කිල් මහතාව ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථාන ප්‍රධානියා ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.
Video – ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි තීන්දු තීරණ ගැන සභාපති කට අරියි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු තෝරා පත් කර ගැනීම පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට…..
මීට පෙර ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අසංක ගුරුසිංහ මහතා කටයුතු කළ නමුත් මීට මාස කීපයකට පෙර ඔහු හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර තිබූ සේවා ගිවිසුම අවසන් විය.
51 හැවිරිදි වියේ පසුවන මිකී ආතර් මහතාගේ පුහුණුකාරීත්වය යටතේ 2017 වසරේ දී එංගලන්තයේ පැවති අයි. සී. සී. ශූරයින්ගේ කුසලාන දිනා ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත් විය.
එපමණක් නොව ජාත්‍යන්තර විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයට පැමිණීමටද පාකිස්තානු කණ්ඩායමට හැකියාව ලැබුණි. දකුණු අප්‍රිකාව සමඟ කටයුතු කරන සමයේ දී ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත් කිරීමට මිකී ආතර්ට හැකියාව ලැබුණේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ රටවල දී ම පරාජයට පත් කරමිනි.
Video – මිකී ආතර් ශ්‍රී ලංකා පුහුණුකාර ධුරයට!
දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ධුරයට පත්…..
ඒ අනුව අද දිනයේ දී නිල වශයෙන් ප්‍රකාශයට පත්වූ නව පුහුණුකරුවන් මණ්ඩලය මෙසේයි,
- ග්‍රාන්ට් ෆ්ලවර් – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු
- ඩේවිඩ් සේකර් – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු
- ෂේන් මැක්ඩොමට් – ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දු රැකීමේ පුහුණුකරු
- ජෙරම් ජයරත්න – ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී
- ටිම් මැකැස්කිල් – ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථාන ප්‍රධානී
“ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට දක්ෂතාවයෙන් නම් කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඒ දක්ෂතාවලින් ප්‍රයෝජන ගන්නේ කොහොමද කියලා ඔවුන්ට හරියට කියල දෙන්න ඕන. මම ඒ දක්ෂතාවය ඔවුන්ගෙන් ගන්න හැටි දන්නවා. අපිට ටෙස්ට් ශූරතා තරගාවලිය සහ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි දෙකක් ඉදිරියේ දී තිබෙනවා. ඒවා ඉතාමත් වටිනා සහ වැදගත් තරගාවලි ලෙසයි මම දකින්නේ. ඒ කොහොම වුනත් අනෙක් තරගාවලි වලත් මම ශ්‍රී ලංකා කණ්ඩායමට දෙන්න පුළුවන් උපරිම දේ දෙන්න සූදානමින් ඉන්නවා.” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු වන මිකී ආර්තර් මහතා මාධ්‍ය වෙත පවසන ලදි.
>>Photos: Announcing of the National Team’s New Coaching Appointments<<
එහි දී වැඩිදුරත් අදහස් දැක්වූ ආතර් මහතා,
“එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවත් මාස 8ක වගේ කාලයක් තියෙනවා. ඊට කලින් අපිට ඉන්දියාව සමඟ ලබන වසර මුලදී ඉන්දියාවේ දී විස්සයි විස්ස තරගාවලියක් තියෙනවා. ඕස්ට්‍රේලියානු තණතීරු වල පන්දුවට පහර දෙනවා කියන්නේ එච්චර ලේසි දෙයක් නෙමේ. නමුත් අපි ඒ අභියෝගයට මුහුණ දෙන්න කොහොම හරි සූදානම් වෙන්න ඕනේ.”
එළඹෙන දෙසැම්බර් 5 වැනිදා ආතර් සිය ධූර කාලය ආරම්භ කරන්නේ පාකිස්තානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ පුහුණුවීම් අරඹමින්. කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න විසින් හොබවන අතර කණ්ඩායම එළඹෙන 8 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යන්නේ රාවල්පිණ්ඩි හිදී හා කරච්චි හිදී ටෙස්ට් තරග දෙකකට සහභාගී වීමේ අරමුණින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<