මේ මස 12 සහ 13 යන දිනවල දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි රග්බි කණ්ඩායම් කොරියාව වෙත ගොස් තිබෙනවා.
ආසියානු සහ ලෝක රග්බි සම්මේලන විසින් ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට පනවා ඇති තහනම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තායිලන්තයේ දී පැවති මෙම තරගාවලියේ පළමු අදියරට සහභාගී වීමට අවසර හිමි වුනේ නැහැ.
නමුත් එම සිදුවීමෙන් පසුව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ප්‍රධානී සුරේෂ් සුබ්‍රමනියම් මහතා සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ආසියානු රග්බි සම්මේලනයේ සභාපති Qais Al Dhalai සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම්වලට ජාතික ඔලිම්පික් ධජය යටතේ තරග වැදීමට අවසර ලබා දුන්නා.
තරගාවලියේ පළමු අදියර ක්‍රීඩා කිරීමට නොහැකි වූවත්, අනෙක් අදියරවලට සහභාගී වීමට අවසර ලැබීම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රබල කණ්ඩායම් සමඟ ක්‍රීඩා කර අත්දැකීම් ලබා ගැනීමට හොඳ අවස්ථාවක්.
- ෆාසිල් මරීජාට නව තනතුරක්
- ගුවන් සහ යුද හමුදා සත් සාමාජික කිරුළු දිනයි
- සත් සාමාජික ශූරතාවය සම වෙයි!
- ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය මේ සති අන්තයේ දී
නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ පිරිමි සත් සාමාජික රග්බි කණ්ඩායමට ආකාශ් මධුශංක, දර්ශන දාබරේ සහ රිචඩ් ධර්මපාල යන ක්‍රීඩකයින් කැඳවා ඇති අතර සමස්ත කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 12ක්.
තරගාවලියට සහභාගී වන පිරිමි කණ්ඩායමේ නායකත්වය ශ්‍රීනාත් සූරියබණ්ඩාර විසින් දරන අතර ප්‍රධාන පුහුණුකරු ලෙස Nilufer Ibrahim සහ කළමනාකරු ලෙස එස්. කේ. පිටිගල කටයුතු කරයි.
ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත අතර එම කාණ්ඩය සඳහා හොංකොං, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ චීනය ඇතුළත්.
තරගාවලියේ පළමු දින වන 12 වැනිදා ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ලීග් වටයේ තරග 3කට සහභාගී වීමට නියමිතයි.
තරග කාලසටහන,
#1 | Sat, 12 Nov, 06:30 | Pool A | UAE | China |
#2 | Sat, 12 Nov, 06:55 | Pool A | Hong Kong | Sri Lanka |
#3 | Sat, 12 Nov, 07:20 | Pool B | Japan | Malaysia |
#4 | Sat, 12 Nov, 07:45 | Pool B | South Korea | Philippines |
#9 | Sat, 12 Nov, 09:50 | Pool A | UAE | Sri Lanka |
#10 | Sat, 12 Nov, 10:15 | Pool A | Hong Kong | China |
#11 | Sat, 12 Nov, 10:40 | Pool B | South Korea | Malaysia |
#12 | Sat, 12 Nov, 11:05 | Pool B | Japan | Philippines |
#17 | Sat, 12 Nov, 13:35 | Pool A | China | Sri Lanka |
#18 | Sat, 12 Nov, 14:00 | Pool A | Hong Kong | UAE |
#19 | Sat, 12 Nov, 14:25 | Pool B | Japan | South Korea |
#20 | Sat, 12 Nov, 14:50 | Pool B | Philippines | Malaysia |
පිරිමි සංචිතය: රිචර්ඩ් ධර්මපාල, තරින්ද රත්වත්ත, කවිඳු පෙරේරා, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, නිගෙල් රත්වත්ත, මිතුන් හපුගොඩ, අදීශ වීරතුංග, ආකාශ් මධුශංක, චතුර සෙනවිරත්න, අංජුල හෙට්ටිආරච්චී, රමේෂ් ප්‍රනාන්දු, දර්ශන දාබරේ
මෙම තරගාවලියේ කාන්තා අදියරේ ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර එම කාණ්ඩයට හොංකොං, චීනය සහ කසකස්තානය ඇතුළත්.
කාන්තා කණ්ඩායම ද සෙනසුරාදා (12) ලීග් වටයේ තරග තුනකට සහභාගී වීමට නියමිතයි.
කාන්තා තරග කාලසටහන,
#5 | Sat, 12 Nov, 08:10 | Pool A | Hong Kong | Kazakhstan |
#6 | Sat, 12 Nov, 08:35 | Pool A | China | Sri Lanka |
#7 | Sat, 12 Nov, 09:00 | Pool B | Japan | Malaysia |
#8 | Sat, 12 Nov, 09:25 | Pool B | Thailand | Philippines |
#13 | Sat, 12 Nov, 11:55 | Pool A | Hong Kong | Sri Lanka |
#14 | Sat, 12 Nov, 12:20 | Pool A | China | Kazakhstan |
#15 | Sat, 12 Nov, 12:45 | Pool B | Thailand | Malaysia |
#16 | Sat, 12 Nov, 13:10 | Pool B | Japan | Philippines |
#21 | Sat, 12 Nov, 15:15 | Pool A | Kazakhstan | Sri Lanka |
#22 | Sat, 12 Nov, 15:40 | Pool A | China | Hong Kong |
#23 | Sat, 12 Nov, 16:05 | Pool B | Japan | Thailand |
#24 | Sat, 12 Nov, 16:30 | Pool B | Malaysia | Philippines |
කාන්තා කණ්ඩායම: ජයන්ති කුමාරි, එස්. එච්. කුමාරි, දිලිනි කාංචනා, ශානිකා මදුමාලි, චාරුනී තීක්ෂණා, දුලානි පල්ලේකොන්දගේ, අයේෂා පෙරේරා, උමයංගනා තත්සරණි, පොල්හේවගේ දිලානි, චමෝද්‍යා මදුමාලි, රන්දිකා කුමුදුමාලි.
තරගාවලියේ තොරතුරු එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<