හිටපු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවක් වන මෙලනි හිරෝෂි කටාර් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිණිය ලෙස පත් කර තිබෙනවා.
වසර දෙකක කාලයක් සඳහා ඇය කටාර් කාන්තා කණ්ඩායමේ පුහුණුකාරිණිය ලෙස කටයුතු කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා පුහුණුකාරිණියක් විදෙස් කණ්ඩායමක ප්‍රධාන පුහුණුකාරිණිය ලෙස කටයුතු කරන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.
මිලාගිරිය සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන මෙලනි 2000-2016 කාලසීමාවේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරග 31කට සහභාගීව තිබෙනවා.
- එක්දින ලෝක කුසලානය ඔක්තෝබරයේ?
- ටෙස්ට් ලෝක ශූරතාවයේ ශ්‍රී ලංකාවේ අලුත්ම ස්ථානය
- මැතිව්ස්ගේ ශතකය සමඟින් තරගය සමබරව පස්වැනි දිනයට
- නවසීලන්ත පන්දු යැවීම ඉදිරියේ ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයක අවදානමක්!
- කෙටි පළමු දිනයේ දී නවසීලන්තයෙන් හොඳ ආරම්භයක්!
ක්‍රීඩා පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව පුහුණුකාර සුදුසුකම් සපුරාලීමට අවධානය ලබා දුන් ඇය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පළමු සහ දෙවැනි පුහුණුකරු සුදුසුකම් සැපිරූ පළමු ක්‍රීඩිකාව ද වෙනවා.
අවශ්‍ය සුදුසුකම් ලබා ගැනීමෙන් පසුව දේශීය තරග පිටියේ නාවික හමුදා සහ යුද හමුදා කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකාරිණිය ලෙස ද ඇය කටයුතු කළා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<