වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ ඩේවිඩ් පීරිස් අභියෝගතා කුසලාන E කොටසේ ශූරයන් ලෙසින් අභිශේක ලැබීමට George Steuart Health ක්‍රීඩකයෝ සමත් වෙනවා.
පසුගියදා කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ Ceylinco Insuarnce කණ්ඩායමයි. ඔවුන්ට එරෙහි ව කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ඔවුන් 2025 වසරේ ශූරයන් බවට පත් වුනා.
තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී Ceylinco Insuarnce කණ්ඩායම Hayleys B කණ්ඩායමට එරෙහි ව ලකුණු 43ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ද සහ George Steuart Health කණ්ඩායම Amana Takaful කණ්ඩායමට එරෙහි ව කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
George Steuart Health කණ්ඩායම
සචින් දල්පතාදු (නායක), රොමේෂ් මෙන්ඩිස්, ඩිනාල් ඉශේන්, ධනුශ්ක මදුශංක, රිෂී අදිස්ථාන්, රොමේෂ් නල්ලපෙරුම, ශලින් ද මෙල්, තිනුල ලියනගේ (කඩුලු රකින්නා), චනුල් අතුකෝරල, චතුර ජයනාත්, පැතුම් මලිත.
Ceylinco Insuarnce කණ්ඩායම
සජිත් ජයමාන්න (නායක), ලිසුල ලක්ෂාන් (නායක), චමෝද් සුලක්ෂණ, බුද්ධික මදුශාන්, ශලක බණ්ඩාර, විහඟ ජයනාම, සඳරු ඩයස්, අසේල ප්‍රනාන්දු, අචල පෙරේරා, සිනෙත් ජයසූරිය, දසුන් ගුණසිංහ.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ Ceylinco Insuarnce ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 159ක් ලබා ගත්තා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ බුද්ධික මදුශාන්. ඔහු පන්දු 28කට මුහුණ දෙමින් හයේ පහර 6ක් සමඟින් ලකුණු 54ක් ලබා ගන්නවා. ඊට අමතර ව ආරම්භක පිතිකරු චමෝද් සුලක්ෂණ පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 38ක් ද සහ අසේල ප්‍රනාන්දු පන්දු 15කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී ඩිනාල් ඉශේන්, ශලින් ද මෙල් සහ ධනුශ්ක මදුශංක කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නා ලද අතර චතුර ජයනාත් ද කඩුල්ලක් දවා ගන්නවා.
- ලෝක ඇගයීමට මඟ පෑදු දක්ෂතා
- චමෝදි නිමා වූ කාන්තා 19න් පහළ ලෝක කුසලානයේ හොඳම කණ්ඩායමට තෝරා ගනී!
- ක්‍රිකට් දිනා තාත්තා පරාජයට පත් කළ ග්ලේන් මැග්‍රාත්!
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි George Steuart Health ක්‍රීඩකයෝ ඉනිමේ තවත් පන්දු 8ක් සහ කඩුලු 5ක් ඉතිරි කර ගනිමින් ප්‍රතිවාදි ඉලක්කය පසු කරනවා. එම ගමනේ දී ශලින් ද මෙල් පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 48ක් ද සහ ධනුශ්ක මදුශංක පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 34ක් ද ලබා ගන්නවා.
ඔවුන් දෙදෙනා අතර 6 වැනි කඩුල්ලට එක් වූ නොදැවුණ ලකුණු සංඛ්‍යාව 76ක් වූ අතර ඒ වෙනුවෙන් ඔවුන් වැය කරන්නේ පන්දු 40ක් පමණයි. ඔවුන් දෙදෙනාට අමතර ව දිනාල් ඉශේන් පන්දු 33ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ද නායක සචින් දල්පතාදු පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දසුන් ගුණසිංහ ලකුණු 17කට කඩුලු 2ක් දවා ගත් අතර සඳරු ඩයස්, අසේල ප්‍රනාන්දු සහ අචල පෙරේරා කඩුල්ල බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Ceylinco Insuarnce – කඩුලු 9ක් දැවී 159 (25.0) චමෝද් සුලක්ෂණ 38, බුද්ධික මදුශාන් 54, අසේල ප්‍රනාන්දු 22, ශලින් ද මෙල් 2/24, ධනුශ්ක මදුශංක 2/48, දිනාල් ඉශේන් 2/16
George Steuart Health – කඩුලු 5ක් දැවී 165 (23.4) දිනාල් ඉශේන් 26, සචින් දල්පතාදු 19, ධනුශ්ක මදුශංක නොදැවී 34, ශලින් ද මෙල් නොදැවී 48, දසුන් ගුණසිංහ 2/17
George Steuart Health කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<