ආබාධ නිසා Maxwellට තවත් තරගයක් අහිමියි!

Big Bash League 2023/24

208

මෙවර Big Bash තරගාවලියේ ආරම්භක තරගයේ දී ඇති වූ ආබාධ තත්වයක් නිසා Melbourne Stars කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක Glenn Maxwellට ඉදිරි තරගය අහිමි වෙන බව වාර්තා වෙනවා.

පළමු තරගයේ දී ඔහු ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වූවත් තරගය ලකුණු 103කින් පරාජයට පත් වීමට Stars ක්‍රීඩකයින්ට සිදු වූ අතර එම ඉනිම අතරතුර අවස්ථා කිහිපයක දී Maxwell වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කළා.

පසුව ඔහු ක්‍රීඩාගාරයේ දී පාදයට ප්‍රතිකාර කරනු දැක ගැනීමට හැකි වූ අතර එම නිසා ඔහුට තරගාවලියේ මීළඟ තරගය අහිමි වෙනවා.

සිය කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා අහිමි වීම Melbourne Stars ක්‍රීඩකයින්ට දැඩි පාඩුවක් වන අතර ඔවුන්ගේ තෙවැනි තරගයට පෙර Maxwell සුවය ලබනු ඇතයි කණ්ඩායම් බලධාරීන් බලාපොරොත්තුවෙන් පසු වෙනවා.

Melbourne Stars කණ්ඩායමෙන් වාර්තා වන පළමු ආබාධය මෙය නොවන අතර ආබාධ තත්වයක් නිසා ඔවුන්ගේ නායක Nathan Coulter-Nile හට ද ඉදිරි තරග ක්‍රීඩා කිරීම අවිනිශ්චිත වෙනවා.

කණ්ඩායමේ වේග පන්දු යැවීම සවිමත් කිරීම සඳහා පාකිස්තාන ක්‍රීඩක Haris Rauf නැවතත් කණ්ඩායමට කැඳවීමට ඔවුන් බලාපොරොත්තුවෙන් පසු වන අතර කණ්ඩායම සඳහා Olly Stone, Liam Dawson සහ Usama Mir ඇතුළත් වෙනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<