ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම ගැන තීරණයක් ගැනීම වෙනුවෙන් තමා සලකා බලමින් සිටින බව දන්වමින් 34 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කර තිබෙන බව ThePapare.com වෙත ලැබුණු විශ්වාසදායී ආරංචි මාර්ග විසින් තහවුරු කර සිටියා.
එළඹෙන ඉන්දීය සංචාරය සඳහා පමණක් වලංගු වන ක්‍රීඩක කොන්ත්‍රාත්තුව මැතිව්ස් වෙත ලබා දී තිබෙන නමුත් 2021/22 ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුවේ තිබෙන විනිවිදභාවය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාධාරණ විසඳුමක් ලබා නොදෙන නිසාවෙන් ඔහු සිය විශ්‍රාම ගැනීම පිළිබඳව සලකා බැලීමට තීරණය කර තිබෙනවා.
1996 ලෝක ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව තේරීම් කමිටුවේ 2023 ICC එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සවිමත් කිරීම සඳහා සීමිත පන්දුවාර තරගාවලිවල දී තරුණ ක්‍රීඩකයින් සඳහා පමණක් අවස්ථාව ලබා දීම ද මේ සඳහා යම් හේතුවක්ව තිබෙනවා.
තවත් ක්‍රිකට් පුවත්:
- ICC තරගාවලි 11ක සත්කාරකත්වයට රටවල් 17ක් සටනට
- භානුකට තහංචි දමා පුහුණුවීම්වලට කැඳවයි
- “ඉන්දු-ශ්‍රී ලංකා සංචිතය අපි තවම තෝරලා නැහැ” – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
- වැස්සේ පිහිටෙන් ශ්‍රී ලංකාව පියවර දෙකක් උඩට පනියි
2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා වුනු මැතිව්ස්, කලක් ආබාධ සහ ශාරීරික යෝග්‍යතා ගැටලු නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත්ව සිටියා. ඉන් නොසැලුණු මැතිව්ස් සිය ශාරීරික යෝග්‍යතාවයන් වර්ධනය කරගනිමින් කැපවී, මහන්සි වී නැවතත් ජාතික ක්‍රිකට් කණ්ඩායමට පැමිණ පන්දු යැවීමට පවා ඔහු සමත් වුනා.
2016-2019 කාලවකවානුව තුල පිතිකරණයෙන් ඉතාමත් හොඳ දස්කම් අතර සිටි මැතිව්ස් මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 90ක්, එක්දින තරග 218ක් සහ විස්සයි විස්ස තරග 78ක් ක්‍රීඩා කරමින් පිතිකරණයෙන් ලකුණු 13219ක් ලබාගෙන තිබෙන්නේ ජාත්‍යන්තර කඩුලු 191ක් දවාගෙනයි.
තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<