එළඹෙන 2025 IPL තරගාවලියට අදාළ ක්රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන IPL ක්රීඩක වෙන්දේසියට (Mega Auction) පෙර එක් එක් කණ්ඩායම විසින් තවදුරටත් තම කණ්ඩායමේ රඳවා තබාගන්නා ක්රීඩකයින් කවුරුන්ද යන වග හෙළිදරව් කළා.
මෙහි දී Chennai Super Kings කණ්ඩායම විසින් මතීෂ පතිරණ ඉන්දියන් රුපියල් කෝටි 13ක් ලබා දෙමින් තවදුරටත් කණ්ඩායමේ රඳවා ගැනීමට තීරණය කර ඇති අතර, ඔහුගේ වටිනාකම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.56ක් ලෙස සටහන් වනවා. එමෙන්ම ඔහු CSK කණ්ඩායමේ තෙවැනි ඉහළම වටිනාකමක් හිමි වූ ක්රීඩකයා ලෙස ද තම නම සටහන් කරගත්තා.
කෙසේ වෙතත් මෙතෙක් කල් CSK සමඟින් රැඳී සිටි මහීෂ් තීක්ෂණ තවදුරටත් කණ්ඩායමේ රඳවා නොගැනීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම වෙන්දේසියට පෙර තබා ගත් ක්රීඩකයින් අතුරට එක් වූ එකම ශ්රී ලාංකිකයා වන්නෙ ද මතීෂ පමණයි.
මීට අමතරව එළඹෙන ක්රීඩා වෙන්දේසියට තවත් බලාපොරොත්තු නොවූ ක්රීඩක නම් රැසක් මුදා හැරීමට කණ්ඩායම් විසින් තීරණය කර තිබීමත් විශේෂත්වයක්.
මේ අතරට හිටපු Delhi නායක Rishabh Pant, Kolkata නායක Shreyas Iyer මෙන්ම Lucknow නායක KL Rahul ද ඇතුළත් වනවා.
- ශ්රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
එක් එක් කණ්ඩායම විසින් රඳවා ගැනීමට තීරණය කළ ක්රීඩකයින්;
- Mumbai Indians – Jasprit Bumrah (INR 18 crore), Suryakumar Yadav (INR 16.35 crore), Hardik Pandya (INR 16.35 crore), Rohit Sharma (INR 16.30 crore), Tilak Varma (INR 8 crore)
- Sunrisers Hyderabad – Heinrich Klaasen (INR 23 crore), Pat Cummins (INR 18 crore), Abhishek Sharma (INR 14 crore), Travis Head (INR 14 crore), Nitish Kumar Reddy (INR 6 crore)
- Chennai Super Kings – Ruturaj Gaikwad (INR 18 crore), Ravindra Jadeja (INR 18 crore), මතීෂ පතිරණ (INR 13 crore), Shivam Dube (INR 12 crore), MS Dhoni (INR 4 crore)
- Virat Kohli – Virat Kohli (INR 21 crore), Rajat Patidar (INR 11 crore), Yash Dayal (INR 5 crore)
- Delhi Capitals – Axar Patel (INR 16.50 crore), Kuldeep Yadav (INR 13.25 crore), Tristan Stubbs (INR 10 crore), Abishek Porel (INR 4 crore)
- Kolkata Knight Riders – Rinku Singh (INR 13 crore), Varun Chakravarthy (INR 12 crore), Sunil Narine (INR 12 crore), Andre Russell (INR 12 crore), Harshit Rana (INR 4 crore), Ramandeep Singh (INR 4 crore)
- Rajasthan Royals – Sanju Samson (INR 18 crore), Yashasvi Jaiswal (INR 18 crore), Riyan Parag (INR 14 crore), Dhruv Jurel (INR 14 crore), Shimron Hetmyer (INR 11 crore), Sandeep Sharma (INR 4 crore)
- Gujarat Titans – Rashid Khan (INR 18 crore), Shubman Gill (INR 16.50 crore), Sai Sudharsan (INR 8.50 crore), Rahul Tewatia (INR 4 crore), Shahrukh Khan (INR 4 crore)
- Lucknow Super Giants – Nicholas Pooran (INR 21 crore), Ravi Bishnoi (INR 11 crore) Mayank Yadav (INR 11 crore), Mohsin Khan (INR 4 crore), Ayush Badoni (INR 4 crore)
- Punjab Kings – Shashank Singh (INR 5.5 crore), Prabhsimran Singh (INR 4 crore)
2025 IPL ක්රීඩක වෙන්දේසිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්රී ලංකාවේ අංක එකේ ක්රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<