ඉන්දු – ලංකා ගැටුමේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ තොරතුරු

India Tour of Sri Lanka 2024

2
India Tour of Sri Lanka 2024

ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව දෙරට අතර තරගාවලියට අදාළ ප්‍රවේශපත්‍ර Online ක්‍රමය ඔස්සේ දැන් මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.

>>SRI LANKA CRICKET OFFICIAL TICKETING PLATFORM

එමෙන්ම ප්‍රවේශපත්‍ර කවුළු  හරහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ද එළඹෙන 24 වැනි දා සිට හිමි වනු ඇති.

තරග නොමැති දිනවල දී

  • පල්ලෙකැලේක්‍රිකට් ක්‍රීඩාංගණයේ (Media Center) උදේ 10 සිට සවස 6 දක්වා
  • කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ උදේ 10 සිට සවස 6 දක්වා
  • කොළඹ විද්‍යා මාවතඋදේ 10 සිට සවස 6 දක්වා

තරග පැවැත්වෙන දින වල දී

  • බලගොල්ල අභීත ක්‍රීඩාංගණයඋදේ 10 සිට සවස 6 දක්වා
  • කොළඹ විද්‍යා මාවතේ උදේ 10සිට සවස 6 දක්වා
  • නව බෝධිරාජ මාවත (ඔරුගොඩවත්ත අන්තය)- උදේ 10 සිට සවස 6 දක්වා

 

ප්‍රවේශපත්‍ර මිල ගණන්

විස්සයි විස්ස තරග සඳහා

(පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී)

  • Grass Embankment – රු.500
  • A & B Lower – රු.2000
  • Grand Stand Top Level – රු.5000
  • Grand Stand Top Level Seat Box (Per Seat) – රු.10000

එක්දින තරග සඳහා

(කොලඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී)

  • Block C&D Lowet Level – රු.500
  • Block C&D Upper Level – රු.2000
  • Block A&B Lower Level – රු.3000
  • Block A&B Upper Level – රු.4000
  • Grand Stand Top Level – රු.7500

තරගාවලියේ විස්සයි විස්ස තරග ත්‍රිත්වය ජුලි 27, 28 සහ 30 යන දින වල දී පැවැත්වීමට නියමිත අතර, එක්දින තරග ත්‍රිත්වය අගෝස්තු මස 02, 04 සහ 07 යන දින වල දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් තතු විත්ති නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<