SLC Major Club තෙදින ක්‍රිකට් තරගාවලි කාලසටහනේ වෙනසක්

SLC Major Club Three Day Tournament 2025

38
tournament

SLC Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඇතුළු තරග පහක තරග කාලසටහනේ වෙනසක් සිදු වී තිබෙනවා.

ඒ අනුව ACE Capitals සහ පානදුර (පොලිස් ක්‍රීඩාංගණය), කෝල්ට්ස් සහ හලාවත (කෝල්ට්ස් ක්‍රීඩාංගණය), බ්ලූම්ෆීල්ඩ් සහ බදුරලිය (බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණය) මෙන්ම රාගම සහ Negambo (සරේ ක්‍රීඩාංගණය) කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තෙදින තරග අද (28) දිනයේ ආරම්භ වීමට නියමිතයි.

මාර්තු මස 02 දා මෙම තරග හතර අවසන් වීමට නියමිත අතර, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී එළඹෙන මාර්තු 05 වැනි දා සිට 08 වැනි දා දක්වා තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<