ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ කාලසටහන නිවේදනය කරයි

Sri Lanka Tour of England 2024

3
Sri Lanka Tour of England 2024

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග සංචාරය එළඹෙන 14 වැනිදායින් ආරම්භ වන සිව් දින පුහුණු තරගයෙන් ආරම්භ කිරීමට නියමිත අතර, නිල ටෙස්ට් තරගාවලිය එළඹෙන 21 වැනිදායින් ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය එංගලන්තයේ Old Trafford, Lord’s සහ Kia Oval ක්‍රීඩාංගණවල පැවැත්වීමට නියමිත අතර, සැප්තැම්බර් මස 10 වැනිදායින් තරගාවලිය නිමාවට පත් වනු ඇති.

  • පුහුණු තරගය – අගෝස්තු 14සිට 17 දක්වා
  • පළමු ටෙස්ට් තරගය – අගෝස්තු 21සිට 25 දක්වා (Old Trafford)
  • දෙවැනි ටෙස්ට් තරගය – අගෝස්තු 29සිට සැප්තැම්බර් 02 දක්වා (Lord’s)
  • තෙවැනි ටෙස්ට් තරගය – සැප්තැම්බර් 6සිට 10 දක්වා (Kia Oval)

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<