බංගලි යෞවනයන් දීර්ඝ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

Bangladesh U19 Tour Of Sri Lanka 2025

1
Bangladesh U19 Tour Of Sri Lanka 2025

එළඹෙන අප්‍රේල් සහ මැයි මාසවල දී එක්දින තරග හයක් සඳහා බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.

තරගාවලිය එළඹෙන අප්‍රේල් 24 වැනි දා දෙරට අතර පැවැත්වීමට නියමිත පුහුණු තරගයෙන් ආරම්භ වීමට නියමිත අතර, ඉන් පසුව එක්දින තරග හයක් ද ක්‍රියාත්මක වනු ඇති.

මෙම තරග සියල්ල සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරග කාලසටහන;

  • අප්‍රේල්24 – පුහුණු තරගය
  • අප්‍රේල් 26- පළමු එක්දින තරගය
  • අප්‍රේල් 28- දෙවැනි එක්දින තරගය
  • මැයි 01- තෙවැනි එක්දින තරගය
  • මැයි 03- සිව්වැනි එක්දින තරගය
  • මැයි 06- පස්වැනි එක්දින තරගය
  • මැයි 08- හයවැනි එක්දින තරගය

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<