LPL තරග නිලධාරි මඩුල්ල නම් කරයි

Lanka Premier League 2024

36

2024 LPL තරගාවලියේ තරග තීරක සහ විනිසුරු මඩුලු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එළඹෙන සඳුදා (01) දිනයෙන් ආරම්භ වීමට නියමිත මෙවර තරගාවලියේ තරග තීරකවරුන් අතරට ICC Elite පැනලය නියෝජනය කරමින් රන්ජන් මඩුගල්ලේ මහතා ද, ICC අන්තර්ජාතික පැනලය නියෝජනය කරමින් ග්‍රැහැම් ලැබ්‍රෝයි සහ වෙන්ඩෙල් ලැබ්‍රෝයි යන අය ද නම් කර තිබෙනවා.

එමෙන්ම පළමු පෙළ තරග තීරකවරයෙකු ලෙස ප්‍රදීප් ජයප්‍රකාශ්දරන් මහතා ද මෙම පිරිස අතරට එක් වනවා.

මේ අතර මෙවර තරගාවලිය සඳහා විදෙස් විනිසුරුවරුන් දෙදෙනෙකු ද සමඟ 12 දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි දී ICC අන්තර්ජාතික පැනලයේ විනිසුරුවරුන් ලෙස කුමාර් ධර්මසේන, රවීන්ද්‍ර විමලසිරි, රුචිර පල්ලියගුරුගේ, ප්‍රදීප් රඹුක්වැල්ල, Roland Black (අයර්ලන්තය), Faisal Khan Afridi (පාකිස්තානය) මෙවර තරගාවලියට එක් වන අතර, දේශීය පළමු පෙළ විනිසුරුවරුන් ලෙස චාමර ද සොයිසා, ශාන්ත ෆොන්සේකා, සංජීව ප්‍රනාන්දු, රවින්ද්‍ර කොට්ටහච්චි, අසංක නානයක්කාර සහ S.P.R.I දුල්සිරි යන අය තරගාවලියේ විනිසුරු මඩුල්ලට එක් වී තිබෙනවා.

මෙවර LPL තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<