ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා කාන්තා තුන් කොන් තරගාවලියට දින නියම වෙයි

Women's One Day Tri Nations Series 2025

22
Women's One Day tri nations tournament

ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම්වල සහභාගීත්වයෙන් එළඹෙන අප්‍රේල් සහ මැයි මාසවල දී තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක වනු ඇති.

තරගාවලියේ දී සෑම කණ්ඩායමක් ම තරග 4 බැගින් ක්‍රීඩා කිරීමට නියමිත අතර, එම තරග අවසානයේ ලකුණු සටහනේ පෙරමුණ ලබා ගන්නා කණ්ඩායම් ද්විත්වය එළඹෙන මැයි මස 11 වැනි දා තරගාවලියේ අවසන් මහා තරගයේ දී එකිනෙකා මුණගැසෙනු ඇති.

තරග කාලසටහන;

  • අප්‍රේල් 27 – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව
  • අප්‍රේල් 29 – ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව
  • මැයි 01 – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව
  • මැයි 04 – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව
  • මැයි 06 – ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව
  • මැයි 08 – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව
  • මැයි 11 – අවසන් මහා තරගය

මෙම තරග සියල්ල දිවා තරග ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<