ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිතයි.
මෙම මාසයේ සහ එළඹෙන මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත මෙම දීර්ඝ තරගාවලිය පුහුණු තරග දෙකකින්, එක්දින තරග තුනකින් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත වනවා.
තරගාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 22 දා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතයි.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
තරගාවලි කාලසටහන:
- පළමු පුහුණු තරගය – පෙබරවාරි 27( Lincoln හිදි)
- දෙවැනි පුහුණු තරගය – පෙබරවාරි 28( Lincoln හිදි)
- පළමු එක්දින තරගය – මාර්තු 04(Napier හිදි)
- දෙවැනි එක්දින තරගය – මාර්තු 07(Nelson හිදි)
- තෙවැනි එක්දින තරගය – මාර්තු 09 (Nelson හිදි)
- පළමු විස්සයි විස්ස තරගය – මාර්තු 14 (Christchurch හිදි)
- දෙවැනි විස්සයි විස්ස තරගය – මාර්තු 16(Christchurch හිදි)
- තෙවැනි විස්සයි විස්ස තරගය – මාර්තු 18(Dunedin හිදි)
මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<