බංග්ලාදේශ 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග හතරකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.
එළඹෙන 03 වැනි දා ආරම්භ වීමට නියමිත තරගාවලිය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් හොඳ පෙර පුහුණුවක් වනු ඇති.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
තරග කාලසටහන:
පළමු තරගය – ජනවාරි 03 – තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී
දෙවැනි තරගය – ජනවාරි 05 – තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී
තෙවැනි තරගය – ජනවාරි 07 – මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ දී
සිව්වැනි තරගය – ජනවාරි 09 – BRC ක්‍රීඩාංගණයේ දී
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය එළඹෙන 18 වැනි දා මැලේසියාවේ දී ආරම්භ වීමට නියමිතයි.
තරගාවලිය පිළිබඳව සියලු උණුසුම් තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<