2024/25 Mastercard A කොටසේ රග්බි ලීග් තරගාවලියේ 14 වැනි සහ අවසන් සතියේ තරග හතරක් ගෙවුණු සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා.
පොලිසිය සහ යුද හමුදාව
ඉතා තියුණු තරගයක් ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයේ පළමු අර්ධය තුළ තරගයේ වැඩි වාසි පොලිසිය සතු වූ අතර, ඔවුන් ලකුණු 13ක් ලබා ගැනීමට සමත් වුනා. නමුත් යුද හමුදාව මෙම අර්ධය තුළ ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි.
කෙසේ වෙතත් දෙවැනි අර්ධයේ දී යුද හමුදා ක්‍රීඩකයින් විසින් තවත් ලකුණු 14ක් ලබමින් තරගයට අවතීර්ණ වීමට සමත් වුනා. මේ අතරවාරයේ පොලිස් ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 10ක් පමණයි. කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය තුළ ලද වාසිය නිසා පොලිසිය තරගය ජය ගැනීමට සමත් වුනා.
පලඟ ශූරතාවට අදාළ ව ක්‍රියාත්මක වූ මෙම තරගයේ දී ප්‍රසාද ලකුණක් ද සමඟ ජය ලැබීමට සමත් වුනත්, ඔවුන් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වුනේ CH & FC කණ්ඩායමට දෙවැනි වෙමිනුයි.
ඒ අනුව පොලිස් ක්‍රීඩා සමාජයට පලඟ අනුශූරතාවෙන් සෑහීමකට පත් වීමට සිදු වුනා.
පොලිස් ක්‍රීඩා සමාජය 24 (4T, 2C) – යුද හමුදාව 17 (2T, 2C, 1P)
- තරගයේ වීරයා – හෆීස් තබීත් (පොලිස් ක්‍රීඩා සමාජය)
Sri Lions සහ නාවික හමුදාව
පලඟ ශූරතාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ අවසන් තරගය වූ මෙම තරගය ද ඉතා උණුසුම් මුහුණුවරක් ගැනීම විශේෂත්වයක්.
තරගයේ පළමු අර්ධය තුළ නාවික හමුදාව විසින් උත්සාහක දිනුම් 05ක් සමඟ ලකුණු 34ක් ලබා ගැනීමට සමත් වූ අතර, Sri Lions ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 21ක් පමණයි.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ Sri Lions ක්‍රීඩකයින් තවත් ලකුණු 17ක් ලබා ගනිමින් නැවත තරගයට අවතීර්ණ වීමට සමත් වුනා. මෙම අර්ධය තුළ නාවික හමුදාව ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණක් වුනත්, තරගයේ පළමු අර්ධය තුළ ලද වාසිය ද සමඟ ඔවුන් තරගයේ ජය ලබා ගැනීමට සමත් වුනා.
මෙම ජයග්‍රහණය නාවික හමුදා කණ්ඩායම විසින් මෙම තරගවාරය තුළ මෙන්ම, ගෙවුණු වසර දෙක පුරාවට රග්බි ලීගයේ ලද පළමු ජයග්‍රහණය ලෙස සටහන් වීමත් විශේෂත්වයක්.
නාවික හමුදාව 41 (6T, 4C, 1P) – Sri Lions 38 (6T, 4C)
- තරගයේ වීරයා – තිළිණ වීරසිංහ (නාවික හමුදාව)
CR & FC සහ ගුවන් හමුදාව
තරගාවලියේ ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන තරගයක් වුවත්, මෙම තරගයේ ප්‍රතිඵලය ශූරතා ලකුණු සටහනේ කිසිදු වෙනසකට හේතුවක් වුනේ නැහැ.
කෙසේ වෙතත් කණ්ඩායම් දෙකම සිය අභිමානය වෙනුවෙන් සටන් වැදුණු අතර, එම නිසාම තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තා.
තරගයේ පළමු අර්ධය තුළ තරගයේ පෙරමුණට පැමිණීමට සමත් වූ ගුවන් හමුදා ක්‍රීඩකයින් ලකුණු 09ක් ලබාගන්නා අතරේ, CR & FC ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්රාහීව තරගාවලිය අරඹයි
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ තරගය තම අණසකට යටත් කර ගැනීමට සමත් වූ CR & FC ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 04ක් සමඟ ලකුණු 24ක් ලබාගැනීමට සමත් වුනා.
මේ අතරවාරයේ දී ගුවන් හමුදාව තවත් ලකුණු 07ක් පමණක් ලබා ගත් අතර, එය ජයග්‍රහණයක් කරා යාමට ඔවුන්ට ප්‍රමාණවත් වුනේ නැහැ.
මෙම තරගයෙන් ජය ලැබුවත්, පසුගිය වසරේ ශූරයින් ලෙස මෙවර තරගාවලියට පිවිසුණු CR & FC ක්‍රීඩකයින්ට ශූරතා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු වීමත් විශේෂ අවධානයකට තුඩු දුන්නා.
CR & FC 31 (5T, 3C) – ගුවන් හමුදාව 16 (1T, 1C, 3P)
- තරගයේ වීරයා – විදුන අමනෙත් (CR & FC)
මහනුවර සහ Havelock
මෙවර රග්බි ලීගයේ අවසන් තරගය ලෙස මෙම තරගය ක්‍රියාත්මක වූ අතර, තරගයට පිවිසෙන විටත් මහනුවර කණ්ඩායම මෙවර ලීගයේ ශූරතාව තහවුරු කර ගැනීමට සමත් වී සිටියා.
මෙම තරගය මහනුවර ප්‍රබල ක්‍රීඩක නයිජල් රත්වත්තේගේ අවසන් ලීග් තරගය ද වීම විශේෂත්වයක් වුනා.
තරගයේ පළමු අර්ධයේ පටන් ම මහනුවර කණ්ඩායම සිය අපරාජිත ගමන තවදුරටත් රැක ගැනීමට සමත් වන අන්දමින් ක්‍රීඩා කළ අතර, ඔවුන් පළමු අර්ධය නිමා වන විට උත්සාහක දිනුම් 04ක් සමඟ ලකුණු 31ක්ලබා ගැනීමට සමත් වී සිටියා. මේ කාල සීමාව තුළ Havelock කණ්ඩායමෙන් වාර්තා වුනේ ලකුණු 10ක් පමණයි.
තරගයේ දෙවැනි අර්ධය ද පෙර ලෙසින් ම මහනුවර ක්‍රීඩකයින් පෙරමුණේ රැඳෙමින් ක්‍රියාත්මක වූ අතර, මහනුවර වෙනුවෙන් හත් වැනි සහ තරගයේ අවසන් උත්සාහක දිනුම වාර්තා කිරීමට නයිජල් රත්වත්තේ විසින් ම සමත් වුනා.
මහනුවර 50 (7T, 6C, 1P) – Havelock 24 (3T, 3C, 1P)
- තරගයේ වීරයා – නයිජල් රත්වත්තේ (මහනුවර)
තරග වාරයේ වැඩිම උත්සාහක දිනුම් – ජයතු රාජරත්න (Havelock කණ්ඩායම) – 16
තරග වාරයේ වැඩිම ලකුණු – නයිජල් රත්වත්තේ (මහනුවර කණ්ඩායම) – ලකුණු 137
දිනෙන් දින උණුසුම් වන දේශීය රග්බි පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<