2024/25 Mastercard A කොටසේ රග්බි ලීග් තරගාවලියේ දොළොස් වැනි සතියේ තරග ගෙවුණු සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා.
පොලිස් ක්‍රීඩා සමාජය සහ CH & FC
මෙම සති අන්තය සඳහා රග්බි ලීගය වෙනුවෙන් ආරම්භය ලබා දුන් මෙම තරගයේ පළමු අර්ධය තුළ ම පොලිස් ක්‍රීඩකයින් විශිෂ්ට අයුරින් ක්‍රීඩා කරමින් වැඩි වාසි ලබා ගැනීමට සමත් වුනා.
පලඟ ශූරතාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ මෙම තරගයේ පළමු අර්ධය තුළ පොලිසිය ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වූ අතර, CH & FC ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 08ක් පමණයි.
තරගයේ දෙවැනි අර්ධය තුළ පොලිසිය වඩාත් ආරක්ෂාකාරී ලෙස ක්‍රීඩා කළ අතර, ඔවුන් තවත් ලකුණු 03ක් පමණක් ලබා ගැනීමට සමත් වුනා. ඒ අතර වාරයේ ඔවුන් CH & FC ක්‍රීඩකයින්ට ලබා ගැනීමට ඉඩ ලබා දුන්නේ ලකුණු 07ක් පමණයි.
- පොලිස් ක්‍රීඩා සමාජය 25 (4T, 1C, 1P) – CH & FC 15 (2T, 1C, 1P)
තරගයේ වීරයා – හෆීස් තාබීත් (පොලිස් ක්‍රීඩා සමාජය)
මහනුවර සහ ගුවන් හමුදාව
තරගාවලියේ ශූරතාව සඳහා තරග වෙනුවෙන් ආරම්භය මෙම සති අන්තයේ දී ලැබුණු අතර, එහි දී පළමු ජයග්‍රහණය ලබා ගැනීමට අපරාජිත මහනුවර කණ්ඩායමට හැකියාව ලැබුණා.
තරගයේ පළමු අර්ධය තුළ දීම ඔවුන් සිය ජය තහවුරු කර ගැනීමට සමත් වුනේ උත්සාහක දිනුම් හතරක් ද සමඟ ලකුණු 31ක් ලබා ගනිමිනුයි. නමුත් ඒ අතරවාරයේ ගුවන් හමුදාව ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි.
තරගයේ දෙවැනි අර්ධය තුළ ගුවන් හමුදාව තවත් ලකුණු 12ක් ලබා ගනිද්දී, මහනුවර ක්‍රීඩකයින් ලකුණු 19ක් එක් කර ගනිමින් තරගයේ ජය තහවුරු කර ගත්තා.
- මහනුවර 50 (7T, 6C, 1P) – ගුවන් හමුදාව 17 (3T, 1C)
තරගයේ වීරයා – තිළිණ බණ්ඩාර (මහනුවර)
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්රාහීව තරගාවලිය අරඹයි
Sri Lions සහ යුද හමුදාව
ගෙවුණු සති අන්තයේ පැවැත්වුණු වඩාත් උණුසුම් තරගයක් ලෙස හඳුන්වාදිය හැකි මෙම තරගයේ පළමු අර්ධය තුළ ලකුණු 16ක් සමඟ වැඩි වාසි අත් කර ගැනීමට Sri Lions ක්‍රීඩකයින් සමත් වුනා. මේ අතරවාරයේ යුද හමුදාව ද ලකුණු 12ක් ලබමින් කරට කට සටනකට සූදානමින් පසු වුනා.
තරගයේ දෙවැනි අර්ධය තුළ යුද හමුදා ක්‍රීඩකයින් තම ග්‍රහණය වඩාත් දැඩි කරමින් Sri Lions ලකුණු ලබා ගැනීමට ඇති මාර්ග සියල්ල අවහිර කිරීමට සමත් වූ අතර, ඒ අතරවාරයේ ඔවුන් සිය ලකුණු පුවරුවට තවත් ලකුණු 23ක් එක් කර ගැනීමට සමත් වුනේ පලඟ ශූරතාව සඳහා පැවැත්වුණු මෙම තරගයේ ජය තමන් සතු කර ගනිමිනුයි.
- යුද හමුදාව 35 (4T, 3C, 3P) – Sri Lions 16 (2T, 2P)
තරගයේ වීරයා – ගයාන් සාලින්ද (යුද හමුදාව)
CR & FC සහ Havelock
මෙම දින වල ඇද හැලෙන අධික වර්ෂාවෙන් මෙම තරගයට බාධා පැමිණීම නිසා ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ පළමු අර්ධය පමණයි.
ලීගයේ ශූරතාව වෙනුවෙන් පැවැත්වුණු මෙම තරගයේ පළමු අර්ධය තුළ CR & FC ක්‍රීඩකයින් ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වූ අතර, Havelock ක්‍රීඩකයින් ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වුනා.
පසුව ඇද හැළුණු අධික වර්ෂාව නිසා තරගයේ දෙවැනි අර්ධය ක්‍රියාත්මක කිරීමට හැකියාව නොලැබුණු අතර, මේ නිසා තරගයේ ජයග්‍රහණය CR & FC කණ්ඩායමට හිමි වුනා.
- CR & FC 20 (2T, 2C, 2P) – Havelock 14 (2T, 2C)
දිනෙන් දින උණුසුම් වන දේශීය රග්බි පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<