යුද හමුදාව සහ CH & FC කණ්ඩායම් ජයග්‍රහණ ලබයි

Mastercard Club Rugby League 2024/25

44

2024/25 Mastercard A කොටසේ රග්බි ලීග් තරගාවලියේ එකොළොස් වැනි සති අන්තයේ තරග ද්විත්වයක් ගෙවුණු සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා. 

පලඟ ශූරතාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ මෙම තරග ද්විත්වයේ දී නාවික හමුදාව සහ යුද හමුදාවත්, CH & FC සහ Sri Lions කණ්ඩායමත් තරග බිමට ප්‍රවිෂ්ට වුනා. 

නාවික හමුදාව සහ යුද හමුදාව 

මෙම තරගය ආරම්භයේ පටන් ම යුද හමුදා ක්‍රීඩකයින් තරගයේ වැඩි වාසි තමන් සතු කර ගනිමින් ලකුණු අතරට පිවිසීමට සමත් වූ අතර, තරගයේ පළමු අර්ධය නිමා වන විට යුද හමුදා ක්‍රීඩකයින් උත්සාහක දිනුම් පහක් සමඟ ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වන අතරේ, නාවික හමුදාව එක් උත්සාහක දිනුමක් සමඟ ලකුණු 05ක් ලබා ගැනීමට සමත් වී සිටියා. 

තරගයේ දෙවැනි අර්ධය තුළ නාවික හමුදාව පෙර අර්ධයට වඩා තරගකාරී වෙමින් තරගයට අවතීර්ණ වුනත්, එය යුද හමුදා ජයග්‍රහණය වැළැක්වීමට තරම් ප්‍රමාණවත් වුනේ නැහැ. 

  • යුද හමුදාව 48 (7T, 5C, 1P) – නාවික හමුදාව 27 (5T, 1C) 

තරගයේ වීරයා වසන්ත කුමාරසිංහ (යුද හමුදාව) 

CH & FC සහ Sri Lions  

CH & FC කණ්ඩායම ඉතා විශිෂ්ට ජයක් ලබා ගත් තරගයක් ලෙස මෙය හඳුන්වාදිය හැකි. තරගයේ පළමු අර්ධය තුළ Sri Lions ක්‍රීඩකයින් විශිෂ්ට ලෙස ක්‍රීඩා කරමින් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමඟ ලකුණු 17ක් ලබා ගන්නා අතරේ, CH & FC ක්‍රීඩකයින් උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 14ක් පමණක් ලබා ගැනීමට සමත් වී සිටියා. 

නමුත් තරගයේ දෙවැනි අර්ධය තුළ වෙනස් ම මුහුණුවරක් සමඟ තරගයට අවතීර්ණ වූ CH & FC කණ්ඩායම තවත් උත්සාහක දිනුම් 05ක් සමඟ ලකුණු 33ක් වාර්තා කර ගැනීමට සමත් වුනා. කෙසේ නමුත් මෙම අර්ධය තුළ Sri Lions ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි. මේ හේතුවෙන් තරගයේ ජය CH & FC කණ්ඩායම සතු වුනා. 

  • CH & FC 47 (7T, 6C) – Sri Lions 20 (3T, 2C, 1P) 

තරගයේ වීරයා දිනේෂ් ද සිල්වා (CH & FC) 

දිනෙන් දින උණුසුම් වන දේශීය රග්බි පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<