2024/25 Mastercard A කොටසේ රග්බි ලීග් තරගාවලියේ දස වැනි සතියේ තරග ගෙවුණු සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා.
තරගාවලියේ මූලික වටයේ තරග 09 වැනි සතියෙන් නිමා වීමෙන් පසුව තරගාවලියේ දෙවැනි වටය මෙම සතියෙන් ආරම්භ වූ අතර, එහි දී පලඟ ශූරතාව වෙනුවෙන් කණ්ඩායම් හතරක් තරග බිමට පිවිසුණා.
CH & FC සහ නාවික හමුදාව
පලඟ ශූරතාව වෙනුවෙන් පළමු සටන CH & FC සහ නාවික හමුදාව අතර පැවැත්වුණා. මෙහි දී තරගාවලිය පුරා එතරම් සාර්ථක තරග රටාවක නිරත නොවූ නාවික හමුදාව තරගයේ පළමු අර්ධය තුළ CH & FC ක්‍රීඩකයින්ට යම් සටනක් ලබා දෙමින් බලාපොරොත්තු සහගත තරගයකට ආරම්භය ලබා ගත්තා.
තරගයේ පළමු අර්ධය නිමා වන විට CH & FC කණ්ඩායම ලකුණු 12ක් ලබා සිටි අතර, නාවික හමුදාව ලකුණු 11ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී තරගය තමන්ගේ ආධිපත්‍යයට නතු කර ගැනීමට CH & FC ක්‍රීඩකයින් විසින් සමත් වුනේ උත්සාහක දිනුම් හතක් වාර්තා කරමිනුයි.
මේ අනුව CH & FC ක්‍රීඩකයින් තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට සමත් වුනා.
- CH & FC 59 (9T, 7C) – නාවික හමුදාව 16 (2T, 2P)
තරගයේ වීරයා – දිනේශ් ද සිල්වා (CH & FC)
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
Sri Lions සහ පොලිස් ක්‍රීඩා සමාජය
පලඟ ශූරතාව වෙනුවෙන් ක්‍රියාත්මක වුන දෙවැනි තරගය වූ මෙම තරගයේ දී පොලිසිය විසින් පහසු ජයක් කරා යාමට සමත් වුනා.
මෙහි දී තරගයේ පළමු අර්ධය තුළ පොලිස් ක්‍රීඩකයින් ලකුණු 18ක් ලබා ගැනීමට සමත් වන අතරේ, Sri Lions ක්‍රීඩකයින් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වුනා.
තරගයේ දෙවැනි අර්ධය තුළ පොලිස් ක්‍රීඩකයින් තම ග්‍රහණය තවත් දැඩි කළ අතර, මෙහි දී ඔවුන් තවත් ලකුණු 21ක් තම ලකුණු පුවරුවට එක් කර ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් මෙම අර්ධය තුළ Sri Lions ක්‍රීඩකයින් විසින් එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට සමත් වුනේ නැහැ.
- පොලිස් ක්‍රීඩා සමාජය – 39 (5T, 4C, 2P) – Sri Lions 12 (2T, 1C)
තරගයේ වීරයා – යොහාන් පීරිස් (පොලිස් ක්‍රීඩා සමාජය)
දිනෙන් දින උණුසුම් වන දේශීය රග්බි පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<