2024/25 Mastercard A කොටසේ රග්බි ලීග් තරගාවලියේ අට වැනි සතියේ තරග ගෙවී ගිය සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා.
යුද හමුදාව සහ නාවික හමුදාව
ගෙවුණු සතියේ පළමු තරගය ලෙස පැවැත්වුණු මෙම තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් වුනා.
තරගයේ පළමු අර්ධය තුළ දෙපිළම කරට කට සටනක නිරත වූ අතර, අර්ධය අවසන් වන විට කණ්ඩායම් දෙකම ලකුණු 10 බැගින් ලබා ගැනීමට සමත් වී සිටියා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ යුද හමුදා කණ්ඩායම තවත් ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වූ අතර, නාවික හමුදාව වාර්තා කිරීමට සමත් වුනේ ලකුණු 12ක් පමණයි.
- යුද හමුදාව 49 (8T, 3C, 1P) – නාවික හමුදාව 22 (3T, 2C, 1P)
අශාන් බණ්ඩාර (යුද හමුදාව)
ගුවන් හමුදාව සහ Sri Lions
මෙම සති අන්තයේ පැවැත්වුණු වඩාත් තරගකාරී ම තරගයක් ලෙස හැඳින්විය හැකි මෙම තරගයේ පළමු අර්ධය තුළ ගුවන් හමුදාව ලකුණු 17ක් ලබමින් පෙරමුණ ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් මෙහි දී Sri Lions ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 08ක් පමණයි.
නමුත් දෙවැනි අර්ධය තුළ Sri Lions ක්‍රීඩකයින් වඩාත් තරගකාරී ලෙස තරගයට අවතීර්ණ වූ අතර, එහි දී ඔවුන් තවත් ලකුණු 19ක් ලබා ගත්තා. මේ අතරවාරයේ දී ගුවන් හමුදා ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 12ක් පමණයි. නමුත් ගුවන් හමුදාව විසින් පළමු අර්ධය තුළ ලබාගත් ලකුණු සංඛ්‍යාව සමඟ තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට සමත් වුනා.
- ගුවන් හමුදාව 29 (5T, 2C) – Sri Lions 27 (4T, 2C, 1P)
තරගයේ වීරයා – ශාමික කෞශාන් (ගුවන් හමුදාව)
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
පොලිස් ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය
තරගාවලියේ වඩාත් ප්‍රබල කණ්ඩායමක් ලෙස සැලකිය හැකි මහනුවර කණ්ඩායම මෙම තරගය ද ඉතා පහසුවෙන් ජය ගැනීමට සමත් වුනා.
තරගයේ පළමු අර්ධය තුළ පොලිස් ක්‍රීඩකයින්ට එකදු ලකුණක් හෝ ලබා ගැනීමට ඉඩ නොදුන් මහනුවර ක්‍රීඩකයින් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වුනා.
නමුත් තරගයේ දෙවැනි අර්ධය තුල දී මහනුවර ක්‍රිීඩකයින් අතින් සිය ආධිපත්‍යය තරමක් දුරට ගිලිහී ගියා. මේ හේතුවෙන් මෙහි දී පොලිස් කණ්ඩායම ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වූ නමුත්, මහනුවර කණ්ඩායම ද සිය ලකුණු වාර්තා කිරීම නොකඩවා සිදු කරමින් තවත් ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වූ නිසා තරගයේ ජය මහනුවර කණ්ඩායමට හිමි වුනා.
- මහනුවර 43 (7T, 4C) – පොලිසිය 22 (4T, 1C)
තරගයේ වීරයා – හේශාන් ජෙන්සන් (මහනුවර ක්‍රීඩා සමාජය)
Havelock සහ CR & FC
තරගාවලියේ මෙතෙක් අපරාජිත ගමනක පැමිණි වත්මන් ශූරයින් වන CR & FC කණ්ඩායමට නොසිතූ පරාජයක් උරුම කිරීමට Havelock කණ්ඩායම විසින් සමත් වුනා.
මෙම සතිය සඳහා අවසන් තරගය ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගයේ පළමු අර්ධයේ පටන් ම Havelock ක්‍රීඩකයින් ඉතා හොඳින් තරගයට අවතීර්ණ වීමට සමත් වූ අතර, පළමු අර්ධය තුළ ඔවුන් ලකුණු 31ක් ලබා ගන්නා අතරේ, CR & FC ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 13ක් පමණයි.
තරගයේ දෙවැනි අර්ධය මීටත් වඩා උණුසුම් වූ අතර, මෙහි දී CR & FC ක්‍රීඩකයින් විසින් ලකුණු 29ක් ලබා ගැනීමට සමත් වුනා. එම කාලය තුළ Havelock ක්‍රීඩකයින් ද ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔවුන් පළමු අර්ධයේ ලද විශාල ලකුණු පරතරයක වාසිය නිසා තරගයේ ජයග්‍රහණය සහතික කර ගැනීමට සමත් වුනා.
මෙහි දී Havelock කන්ඩායම විසින් උත්සාහක දිනුම් 08ක් වාර්තා කිරීමට සමත් වූ අතර, එම උත්සාහක දිනුම් අටම ජයතු සහ චේතන රාජරත්න සහෝදරයින් අතරේ (උත්සාහක දිනුම් 4 බැඟින්) බෙදී යාම විශේෂත්වයක්.
මේ අනුව මෙවර තරගවාරයේ එකම අපරාජිත කණ්ඩායම ලෙස වැජඹීමට මහනුවර කණ්ඩායමට හැකියාව ලැබෙනවා.
- Havelock 53 (8T, 5C, 1P) – CR & FC (7T, 2C, 1P)
තරගයේ වීරයා – ජයතු රාජරත්න (Havelock)
දිනෙන් දින උණුසුම් වන දේශීය රග්බි පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<