මාවන්ගෙන් නැගී එන පුහුණුකරුවන්ට උපදෙස්

8787

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ ප්‍රධාන පුහුණුකරුවෙකු වන මාවන් අතපත්තු මහතා තුන්වැනි මට්ටමේ (දෙවැනි අදියරේ) පුහුණුකරුවන් සමඟ සිය දැනුම බෙදා ගනිමින් සාකච්ඡාවක් පවත්වා තිබුණා.

වර්තමාන ක්‍රීඩාවට අවශ්‍ය මානසිකත්වය වර්ධනය කර ගන්නේ කෙසේ ද යන්න හඳුනා ගැනීමට ඔහුගේ තිබෙන උපායශීලී සහ තාක්ෂණික කුසලතා මෙහි දී එම නැගී එන පුහුණුකරුවන් සමඟ බෙදා ගැනීමට කටයුතු කර තිබෙනවා.  

ක්‍රිකට් පිටියේ බිහි වූ සාර්ථක නායකයෙකු මෙන්ම හොඳ පුහුණුකරුවෙකු ලෙස ඔහුගේ තිබෙන අත්දැකීම් පුහුණුකරුවන් සඳහා ඉතා වැදගත්.

1990 වසරේ දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් වරම් දිනා ගත් ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග 350කට සහභාගී වූ අතර එහි දී ලකුණු 14,000කට අධික සංඛ්‍යාවක් රැස් කිරීමට ඔහු සමත් වුනා.

වසර 15කට පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයට පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා වූ මාවන් 2014 වසරේ එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූවා.

ක්‍රිකට් පිටියේ දිනෙන් දින උණුසුම් වන පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<